IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දේශපාලනය ඈඳාගෙන යෞවන සමාජ වල රණ්ඩු ඇති කරගන්න එපා

(අංජුල මහික වීරරත්න)

වසර හතළිහක් තිස්සේ තරුණ තරුණියන්ට ඉදිරියට එන්නට අත දුන් යෞවන සමාජ වල වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්නය දෙපාර්ශවය සාකච්ඡා කොට විසඳා ගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

උද්ගතව ඇති ප්‍රශ්නය ගැන සියලු දෙනා සෑහීමකට පත්වන විසැඳුමකට නොපැමිණිය හොත් යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කීය.

යෞවන සමාජ ව්‍යාපාරයේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න සහගත බව පිළිබඳව හිටපු ජනාධිපති මෙන්ම යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන  සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි.ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා.

 මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා.

මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා.යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා.සමහර අය ව්‍යාපාර වල ඉන්නවා.මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා.

ලඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා.හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.

දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා.මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි.යෞවන  සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාල සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.

මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි.

මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධාන වල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසැඳුමක් ලබා දෙන්න.

මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි.එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්.එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා.එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්.එහෙම වුනොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි.මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි.මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.



අදහස් (21)

දේශපාලනය ඈඳාගෙන යෞවන සමාජ වල රණ්ඩු ඇති කරගන්න එපා

Don Sunday, 10 August 2025 01:51 PM

හා සීයේ.

:       47       40

Don Sunday, 10 August 2025 01:51 PM

හා සීයේ.

:       39       34

පොඩිඑකාSunday, 10 August 2025 06:32 PM

මයික් එක ගහලා තිබිලා තියෙන්නේ සීයගේ පස්ස පැත්තේද කොහේද?

:       21       20

ලූට මූස්Sunday, 10 August 2025 09:41 PM

හරිනෙ සීයේ එහෙනං.

:       28       18

ගුණරත්න Sunday, 10 August 2025 01:53 PM

ආණ්ඩුව රජයේ තනතුරු දීමෙත් ආණ්ඩු පක්ෂපාතීත්වය බලල ඒවා කලේ, ජනාධිපති ලේකම් පවා ආණ්ඩුවේ දේශපාලනයට සම්බන්ධ වෘත්තීය සමිතිවලට සම්බන්ධ තැනැත්තෙක් කියල අහන්න ලැබිලා තියෙනවා. දැන් හැම තැනකටම දේශපාලනය ගෙනත් පක්ෂ දේශපාලනය ගෙනත් භේද භින්න කරලා ලැදියාවන් ඇති කරලා අවුල් ජාලයක් කරමින් තිබෙන්නේ. එකේම දිගුවක් තමයි මේ. ආණ්ඩුව හදන්නේ චීනයේ වගේ තනි පක්ෂ රජයක් හදන්න. ටිල්වින් සිල්වා කියල තිබුණ මේ ආණ්ඩුව තව අවුරුදු 10, 20 එක දිගට බලයේ සිටිය යුතුයි කියලා. ඔය ව්‍යංගයෙන් අඟවලා තිබෙන්නේ ඔවුන්ගේ යටි අරමුණ.

:       46       84

janahithaSunday, 10 August 2025 03:55 PM

බතල ගුණේ ළඟදි ගමේ ගියැයි... කඩේ යනවැයි ඔහේ...!

:       51       28

වින්සන්ට් ප්‍රනාන්දු - ත්‍රීකුණාමලය Sunday, 10 August 2025 02:03 PM

පෞද්ගලික අසහනය ඈදාගෙන අපි වගේ තරුණයන්ව බටලන්ද වදකාගාරයේ දී මරලා දාන්න එපා .

:       41       47

විපරමා Sunday, 10 August 2025 02:38 PM

තරුණ සේවා සබාවලට දේසපාලුවන්ගේ හෙන්චයියෝ දාගෙන ඒවා දූෂිත ආයතන බවට පත් කෙරුවේ පහුගිය කාලේ .යෞවන සමාජවල තරුණයන්ට ඔවුන්ගේ කටයුතු හරියාකාරව කරගෙන යාමට ඉඩදිය යුතුයි.

:       47       33

රනිල් Sunday, 10 August 2025 02:45 PM

ගුණරත්න ඉච්ඡාභංගත්වය කියන්නේ ඕකට. මීට පෙර සියලු දේ සිදු වුනේ දේශපාලන ගැතිකම අනුව. ඇමැතිගේ ලියුමට රැකියා දුන්නේ. දැන් එම ක්‍රමය වෙනස් වීගෙන යනවා.

:       44       38

මාලිමාපෙන්දා Sunday, 10 August 2025 03:10 PM

මාලිමා අන්තවාදය හැම තැනම. ඔවුන් කාගෙවත් අදහසකට ගරු කරන කොටසක් නොවේ. හිස් මවාද සහ ඔඩුදුවපු අන්තවාසී මානසිකත්වයකින් පෙළෙනවා. හීනමානය ඊට උඩින්. අසංවර බව , නොහික්මුන බව ඉතා හොඳින් කැපී පෙනෙනවා.

:       38       66

Rata Perata Sunday, 10 August 2025 03:20 PM

මේ මනුස්සයාට හීනමානය වගේ... තරුණයෝ මරපු, ගාලු මුවදොර තරුණ උද්ඝෝෂණයට පහර එල්ල කරපු මේ මහල්ලා දැන් පිස්සුවෙන් වගේ කියවනවා.

:       44       33

PGPThilak Sunday, 10 August 2025 03:24 PM

ආණ්ඩුවට ලැජ්ජා නැද්ද! රට තරුණ සංගම් වල ඉන්නේ කිසිම වැඩක් නොකරන නූගත් අමන රැල්ලක්!

:       19       33

de silva Sunday, 10 August 2025 03:55 PM

කොහොමත් තරුණයින්ට කැමතිනේ...!

:       25       25

පිස්සු යකෙක් Sunday, 10 August 2025 08:47 PM

සාගල ද කතාව ලියල දුන්නේ කියන්න කියලා. පිනට කාලා දැං එනවා බයිලා ගහන්න ආයෙත් මේ රටේ පෙර තිබූ අසික්කිත දේශපාලනය ඉවරයි.

:       26       17

වික්‍රම විදුර Sunday, 10 August 2025 09:02 PM

ලංකාවේ වයස්ගතම පිසාචයා.

:       22       16

manoj fernando Sunday, 10 August 2025 09:50 PM

සර් 1986 දී මම පළවෙනි වතාවට යෞවන මධ්‍යස්ථානයකට ගියා. සර් ඇහුවා කොහොමද වැඩසටහන කියලා. අපි කිව්වා ඒක ගොඩක් හොඳයි කියලා. ඊට පස්සේ සර් ඇහුවා අද අපිට කරන්න තියෙන වැඩ මොනවද කියලා, අපි hike කිව්වා. මම ඒ අවුරුද්දෙත් කරනවා කිව්වාම එයා ඇහුවා මේක අමාරු නැද්ද කියලා. මම කිව්වා නෑ, දෙකම වෙනස්. මට 4A ලැබුණා, කටුබැද්ද කැම්පස් ගියා. මට යන්න පුළුවන් වුණේ අවුරුද්දකට විතරයි. මිස්ටර් ජේ.;ආර්. ජයවර්ධන අගලවත්තේදී ලස්සන කතාවක් කිව්වා. ඒ කතාව ළමයින්ට ගොඩක් හොඳයි. සර් නිසා අපිට ඉගෙන ගන්න ලැබුණා. (සර් ට බුදුන් දක නිවන් දකින්න එක කියලා)

:       3       1

kamal Sunday, 10 August 2025 11:50 PM

ඔහෙලගේ ආධිපත්‍යයට බයේ කවුරුත් ඉදිරියට ආවෙ නෑ. දැන් එහෙමනේ...

:       0       3

Nishan Monday, 11 August 2025 04:41 AM

ආණ්ඩුව ඉල්ලන් කන්නේ ඔය කියන තරුණ බලවේගෙන්ම තමයි.

:       6       25

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 11 August 2025 08:35 AM

මෙයා 88-89 කාලේදී තරුණයින්ව බටලන්ද වැනි වදකාගාර හරහා ඝාතනය කරවලා, ඊළඟ මහ මැතිවරණයේදී "තරුණ අපේ අනාගතය" කියලා කොළඹ පුරාම පෝස්ටර් නාවලා දියවන්නාවට රිංගපු එක්කෙනෙක්. මව්වරුන්ට දීපු වේදනාව හේතුවක් වෙන්න ඇති මෙයාගේ පරම්පරාව මෙතැනින්ම නතර වෙන්න

:       17       9

cHIN Monday, 11 August 2025 09:51 AM

තරුණ ජිවිත බටලන්දෙන් අහවර කරපු මිනීමරුවා යෞවන සමිති ගැන කියනවා .ඇපත් නැතිවෙන්න පැරදිලා ගෙදර ගිය කෙනා ගෙදර ඉන්නේ නැතිව මෙතන ප්‍රකාශ නිකුත් කරනවා

:       0       5

Bunny Preena Monday, 11 August 2025 10:35 AM

අපේ දේශපාලකයෝ බලයේ ඉන්නකොට කරන කියන දේවල් ඔක්කොම හොඳයි. නැතිකොට එම දේවල්ම වෙන කෙනෙක් කරනකොට නරකයි. රටක තරුණ සමාජ වලට, එම තරුණ අය අකැමැති වුණත්, නැතත් දේශපාලනය කොහොම හරි රිංගනවාමයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site