IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දැව සංස්ථාව කෝටි 25ක් පිනට දීලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


රාජ්‍ය දැව සංස්ථාවේ  සේවකයන් සේවක අර්ථ සාධක අරමුදලට  ගෙවිය යුතු දායක මුදලක් එම  සංස්ථාව ගෙවීම හේතුවෙන් රුපියල්  විසිහතර කෝටි අසූලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇති බව රජයේ විගණකාධිපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) දැනුම් දුන්නේය.

මේ අතර රාජ්‍ය දැව සංස්ථාව සේවක අර්ථ සාධක අරමුදල් පනත සහ සේවා  නියුක්තියන්ගේ බාර අරමුදල් පනත්වල ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් 2006  වසරේ සිට 2022 දක්වා එම ආරමුදල් වලට අධිභාර වශයෙන් රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් ගෙවා ඇතැයිද  එම කමිටුවේදී තොරතුරු හෙළි වී ඇත.

රාජ්‍ය  දැව සංස්ථාවේ  2022 සහ  2023  වර්ෂ වලට අදාල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම  පොදු  ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.



 

 



අදහස් (3)

දැව සංස්ථාව කෝටි 25ක් පිනට දීලා

Dayan Thursday, 31 July 2025 10:32 AM

මේ විගණනයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? 2006 සිට 2022 දක්වා ඔවුන් අන්ධ කර තිබුණා. අවම වශයෙන් 2010 දී එය වාර්තා කළේ නම් සාධාරණ මුදලක් මෙම පාඩුවෙන් ඉතිරි කර ගත හැකිව තිබුණි.

:       0       1

රනේThursday, 31 July 2025 02:03 PM

වාර්ථා නම් කලා ඇතිවෙන්න. තිබුණු ආණ්ඩු අන්තිමට ඇසිඩ් ගැහුවා මතක නැද්ද?

:       0       0

ගුණරත්න Thursday, 31 July 2025 06:31 PM

ඕක මොකක්ද. ආණ්ඩුව මාස්පතා කෝටි 3000ක් පිනට දෙන්නේ අස්වැසුම කියලා...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17951 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site