IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දිවි නැගුම අර්ථසාධකයට නඩු කියයි

සේවක අර්ථසාධක අරමුදල් ලබා නොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් දිවි නැඟුම ඒකාබද්ධ වෘත්තකයින්ගේ සංගමය ගොනු කළ පෙත්සම ලබන ජූලි 23 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) තීරණය කළේය.

එම පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි කම්කරු කොමසාරිස් ජනරාල්, නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා, නීතිපතිවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයාට අද නියම කරන ලදී.

ඊවා වනසුන්දර , බුවනෙක අළුවිහාරේ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවිණි. දිවිනැඟුම ඒකාබද්ධ වෘත්තකයින්ගේ සංගමය ගොනු කළ පෙත්සමේ සඳහන් වූයේ තමන් සමෘද්ධි අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය , දකුණු සංවර්ධන අධිකාරිය යන ආයතන වල සේවය කළ බවත් , දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කර සිටියදී දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සේවය කිරීමට පටන් ගැනීමේදී තමන්ට විශ‍්‍රාම වැටුප් හිමිකම ලැබුණු බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.ඊට පෙර තමන් සමෘද්ධි අධිකාරිය යටතේ සේවය කරද්දී හිමිවු සේවක අර්ථසාධක අරමුදල් මහා භාණ්ඩාගාරයට පවරා දෙන ලෙස කම්කරු කොමසාරිස්වරයා කළ දැන්වීමට තමන් විරෝධය පළ කරන බවත්, ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද කියා සිටී.

 



අදහස් (0)

දිවි නැගුම අර්ථසාධකයට නඩු කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site