IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


දේවහුවේ දිය කඩිත්තට යුද වදිති

පතුල ද පෑදී ගිය දේවහුව ජලාශයේ දිය කඩිත්තට ගොවියෝත් මිරිදිය ධීවරයෝත් අද සටන් වැදුණාහ. අක්කර තුන්දහක ගොයම මැරෙන්නට නොදී රැක ගතහැකි දැයි බැලීමට ගොවියෝ එම වතුර ටික ගන්නට සැරැසෙති. මාළු ටික බේරාගන්නට ධීවරයෝ සැරැසෙති. පොලු මුගුරු රැගෙන වෑ කන්දට වී දිය කඩිත්ත දෙස බලමින් ලේ රත්කරගනිමින් සිටි පිරිස සන්සුන් කිරීම බරපතල ප්‍රශ්නයක් විය. අක්කර අඩි නව දහසක ජලාශයක් වූ දේවහුව මේ තරම් සිඳී ගිය  කාලයක් මතක නැතැයි ගොවියෝ කියති.



අදහස් (0)

දේවහුවේ දිය කඩිත්තට යුද වදිති

වසන්ත Thursday, 09 August 2012 08:15 AM

කියල වැඩක් නෑ තිලක්. ඔන්න ඔයා ඔය හිතන විදිහ අපෙන් ඈත් වීම තමා රටටම හෙණේ වුණේ. 'සරුපස දිලේ පූදින ගොයමක් සේම මසුරන් හෙළන ආකාසේ තරු සේම අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම නොඉඳින් මලේ - පොලු අරගෙන ඔය ලෙසට - ' (නි)

:       0       0

සරත් Thursday, 09 August 2012 08:21 AM

තිලක්, ලබන යාලේ නෙවෙයි, මහ කන්නේ. අනික බුදු බණේ කියලා තියෙන්නේ නිරාහාර කෙනෙකුට බණ දේශනා කරන්න එපා කියලා. (නි)

:       0       0

ශානිකා Thursday, 09 August 2012 09:06 AM

සංවර්ධනය කියලා තව ටිකක් වනාන්තර විනාස කරාන්නකෝ....මීට වඩා තව දේවල් බලාගන්න පුළුවන්.....(ස)

:       0       0

ෆාරු Thursday, 09 August 2012 09:37 AM

අනේ තිලක්..(ස)

:       0       0

රොශාන් Thursday, 09 August 2012 10:02 AM

මේව අපේම වෑරදි... ඉවක් බවක් නෑතුව ගස් කපල දානකොට කාටවත් මේව තේරෙන්නෙ නෑ..දෑන්වත් ඉඩ තීන තීන තෑන්වල ගස් හිටවන්න හිතාගමු එහෙම උනොත් අපේ ඉදිරි පරම්පරාවලට වත් ..ඒවගෙන් ප්‍රතිඵල ලෑබේවි...(ස)

:       0       0

පාලිත අබේරත්න Thursday, 09 August 2012 10:52 AM

දෙගොල්ලම සාධාරණයි.. මටනම් හිතාගන්න බෑ... මේ ප්‍රශ්ණෙ පව්...!!(නු)

:       0       0

ටානියා Thursday, 09 August 2012 11:02 AM

බෞද්ධ රටක් නිසා මාලුන්ට මැරෙන්න දෙන්න බැහැ. (නි)

:       0       0

bandara kuwait Thursday, 09 August 2012 11:07 AM

ගොවියයි ධීවරයයි දෙන්නම සටන් කරන්නේ ආහාර සොයන්න. කණගාටුදායක සිද්ධියක් .(ස)

:       0       0

අනුර Thursday, 09 August 2012 11:08 AM

මේ වැවු වලට වැදිලා තියෙන්නේ දේශපාලුවන් කළ දේව ශාපයි. තව ටික කාලෙකින් මේවාත් මට්ටම් කරලා හෝටල් හදයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ත Thursday, 09 August 2012 11:39 AM

මේවා තමයි නියම අපායවල්.....(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 09 August 2012 11:48 AM

තිලක් කියන දේ සෛද්ධාන්තිකව හරි. නමුත් උගුර කට වේළිලා හාමතේ ඉන්න අසංවිධානාත්මක ගොවි පිරිසක් කොහොමද එහෙම වැඩකට අතගහන්නේ? ඒකට පළාතේ පරිපාලන බලධාරීන් අනුමැතිය දේවිද? කොහෙන්ද ප්‍රතිපාදන? කවුද බැකෝ ආදියට හා ආහාරපාන වලට වියදම් කරන්නේ? අනික අවිධිමත් ජල කළමනාකරණය, සමාගම් වල වගා වලට හිතු මතේ දිය මුදාහැරීම, වැඩිපුර ජලවිදුලිය නිපදවා ලාබ පෙන්වීමට යාම ආදී දහසක් ප්‍රශ්න නිසා ඇතිව තිබෙන රටේ ජල ප්‍රශ්නයට හුදෙක් වැවු ගැඹුරු කිරීම එකම විසඳුම නොවේ. ගොවියන් උදලු ගෙනත් හැරීමෙන් මේවා විසඳන්න පුළුවන් නම් මේ රටට ජල කළමනාකරණය උදෙසා මේ තරම් ඉංජිනේරු, පරිපාලන හා ඇමති ගොල්ලක් කුමටද? එහෙත් ඔබේ පරමාර්ථය සහෝදරත්වයෙන් අගය කරමි. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 08 August 2012 06:32 PM

වනාන්තර ආරක්ෂා කර ගන්නත් මේ විදියටම උත්සාහ කළොත් අනාගතයේදී කණගාටු වෙන්න වෙන එකක් නැහැ. (නි)

:       0       0

සංජේ Wednesday, 08 August 2012 07:03 PM

මේ ජලාශ වල මසුන් ආහාරයට නොගන්න. ඔවුන්ට විවිධ රෝග වැළදි තිබෙන්න පුලුවන්. (නි)

:       0       0

තිලක් Wednesday, 08 August 2012 07:21 PM

ඔය පොලු මුගුරු පැත්තකට දාල උදලු, කූඩ, ට්‍රැක්ටර් , බැකෝ... තම තමන්ට තියෙන දෙයක් අරගෙන එන්ඩ ආයුබොවන්, මේ වැව හිඳිලා තියෙන වෙලාවේ මඩ ටික අරන් දාන්න. එහෙම කළොත් මීට වඩා වතුර එකතු වෙනවනේ. එතකොට අපට ලබන යලේ වත් කුඹුරු වැඩ කරන්න, මාළු බාන්න පුළුවන්. එන්ඩ බණ්ඩා මලේ, මැණිකේ නගේ, මේවට අපි මොකට ගහමරා ගන්නවද? මේ අෂ්ට ලෝක ධර්මේ හැටිනේ. අයියනායක දෙයියන්ට බාරයක් හෙම වෙලා මේ වැඩේ පටන් ගම්මු. මතුමත්තට අපේ දරු මුණුබුරන්ටත් පොරෝජනයි නොවැ. (නි)

:       0       0

මහේෂ් Wednesday, 08 August 2012 07:25 PM

සංජේ, කීල්ස් එකෙන් මාලු කාලා තියෙනවද? (නි)

:       0       0

රාජා Thursday, 09 August 2012 01:07 PM

අහසින් නොමිලේ ලැබෙන වතුර ටික කළමනාකරණය කර ගන්න නොදන්න ඉන්ජිනේරුවන් මොකටද අපට? ගොවියන්ට දුන්නා නම් ඒ වැඩේ කරන්න යසට කරයි. (නි)

:       0       0

වාසා ඩයස් Wednesday, 08 August 2012 08:54 PM

වැඩි ජලය ගොවියන්ට දෙන එක හොදයි. කරුණාකර වැව හාරන්න.. වියළි කලාපයට වැඩිපුර ජලය අවශ්‍යයි.(නු)

:       0       0

සරත් Thursday, 09 August 2012 01:22 PM

රජ ඉන්ජිනේරුවන් හිටියට වැඩක් නැහැ. මොකද ඊට ඉහළින් දේශපාලුවන් ඉන්න‍වනේ. (නි)

:       0       0

අමරා Wednesday, 08 August 2012 09:10 PM

ගොවියාත් ධීවරයාත් දෙදෙනාවම රැක ගනිමු. (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 09 August 2012 01:46 PM

ඔබ නිවරදියි තිලක්... මේක තමයි නියම වේලාව සියලුම මඩ ඉවත්කර වැව් තවදුරටත් ගැඹුරට හාරන්න.. බලන්න මේවා හරියට සෙල්ලම් පිට්ටනි වගේනෙ.. අපට වැහිකාලයේදී වැඩිපුර වතුර රදවාගැනීමට හැකිවෙනවා..හදට අඩලා පලක් නැහැ.. අපි ඊළග ඉලක්කය වෙත සූදානම් විය යුතුය.. හිතන්න.. සෑම අදුරු වලාවකම රිදී රේඛාවක් ඇත...(නු)

:       0       0

කුමාර Wednesday, 08 August 2012 09:33 PM

තිලක් ඔයා කියන එක හරි. මිනිස්සු එහෙම හිතන දවසට ලෝකය ගොඩක් ලස්සන වේවි. (නි)

:       0       0

අනුර Wednesday, 08 August 2012 10:10 PM

අනේ දළදා හාමුදචුරුවනේ, අපට වැසි ලබා දෙන්න. (නි)

:       0       0

ටිකිරි Thursday, 09 August 2012 10:47 PM

තිලක් ඔයා කියන එක හරි. මිනිස්සු එහෙම හිතන දවසට ලෝකය ගොඩක් ලස්සන වේවි. (නි)

:       0       0

රොෂාන් Thursday, 09 August 2012 05:19 AM

මේ විදියට දෙපැත්තට අදින්න ගියහම ගෙදර ළමයින් එදාට කන්නේ පස්ද? (නි)

:       0       0

වරුණ Thursday, 09 August 2012 07:49 AM

ධීවරයාට කලින් ගොවියා රැකගත යුතුයි. මොකද මාලු කන්නත් බත් තියෙන්න ඕනෑනේ. ඒත් මේකේ මාලු මැරිලනේ.මේ මාලු කෑවොත් කන අයවත් මැරෙයි පාවනය හැදිලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 252 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 236 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site