IMG-LOGO

දෙව්රම් වෙහෙර ළඟදි මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටින අලි පැටවකු වනජීවී භාරයට ගැනීමට යන බවට ලද තොරතුරක් අනුව එහි ගිය මාධ්‍යවේදීනට පන්සල අසල සිටි පිරිසක් පහර දුන්හ.

එක් මාද්‍යවේදියකුගේ හිසට තුවාල වී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය.

මීරිගම කන්ඩලම වලව්වේ දී වනජීවී නිලධරයන් විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම ඇත් පැටවා අනවසරයෙන් රඳවා ගත්තැයි  නඩුවක් පවරා ඇත. ඇත්පැටවා මහේස්ත්‍රාත් තීරණය අනුව පන්නිපිටියේ දෙව්රම් වෙහෙරට භාර කැරිණි.

වනජීවී නිලධරයන් මහාධිකරණයට කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇත් පැටවා නඩු භාණ්ඩයක් ලෙස වනජීවී නිලධාරීන් භාරයේ තැබීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියෝග කළාය.

පැටවා රැගෙන යෑමට වනජීවී නිලධරයන් එන බවට ලැබුණු තොරතුරු අනුව මාධ්‍යවේදීහු එහි ගොස් සිටියහ.

පොලිසි තුනකින් ආරක්ෂාවට කැඳවා ඇති අතර වනජීවී නිලධරයන් කියනුයේ එහි අලි පැටවුන් තිදෙනකු පමණ සිටින බවයි. ඔවුන් තබා ගැනීමට බලපත්‍ර ඇත්දැයි පරීක්ෂා කරන බව වනජීවී නිලධරයෝ කියති.

 11

E10 E12

 



අදහස් (0)

දෙව්රම් වෙහෙර ළඟදි මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

මංජුල Friday, 18 July 2014 11:03 PM

පන්සල් ආශ්‍රිතව සිද්ධවෙන සමහර දේවල් විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

සමන්ත Friday, 18 July 2014 11:03 PM

මොනවද මේ සිද්ධ වෙන්නේ. ඉස්සර වැඩිපුර ශීතකරණ නැති කාලේ සමහරු ගෙවල් වල ශීතකරණය හැමෝටම පෙනෙන්න ප්‍රදර්ශනයට වගේ සාලෙන් තියාගෙන හිටියා කියලා මම අහලා තිබෙනවා. දැන් බලනකොට පන්සලේ උසස් බවේ ප්‍රදර්ශන භාණ්ඩය අලි ඇතුන්ද කොහෙද? කාන්ති මහත්මිය කිව්වා වගේ මේක නාගරික පෙදෙසක සීමිත ඉඩක් තිබෙන පන්සලක් (නි)

:       0       0

මංගල Saturday, 19 July 2014 12:21 PM

අලින්ටයි මාධ්‍යවේදීන්ටයි අබ සරණයි. (නදී)

:       0       0

සමන්ති Saturday, 19 July 2014 12:51 AM

අලි විතරද හිටියේ? (නි)

:       0       0

හේවාවසම් Friday, 18 July 2014 12:48 PM

මාධ්‍යවේදී මහතා ගැන කණගාටුයි. ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

රොෂාන් Saturday, 19 July 2014 01:27 AM

පොලිසි තුනක් කැඳවා තිබියදිත් මැර ප්‍රහාර වෙන්නේ යම් ලොකු බලසම්පන්න අනුහසකින් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ නීතිය ගැන දුක හිතෙනවා... (නි)

:       0       0

ඉන්ද්‍රසිරි Friday, 18 July 2014 01:00 PM

මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

පිටිගල Friday, 18 July 2014 01:13 PM

දෙව්රම් වෙහෙර කියන්නේ අති පූජනීය පාරිශුද්ධ සිද්ධස්ථානයක්. (නි)

:       0       0

අශෝක Saturday, 19 July 2014 02:00 AM

‍තව කොච්චර නම් මේ වගේ අහිංසක වන සතුන් හිරකරගෙන ඉන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

මහීපාල Saturday, 19 July 2014 02:09 AM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

රොකී Saturday, 19 July 2014 02:32 AM

`අති පූජනීය පාරිශුද්ධ ස්ථානයේ` ආරක්ෂාවට වෙන්න ඇති ගණන්කාරයෝ මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ! (නි)

:       0       0

ප්‍රේමතිලක Friday, 18 July 2014 01:29 PM

මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකිමු (නි)

:       0       0

ලුම්බිණි Friday, 18 July 2014 01:37 PM

මේ සතුන් කැලෑවට යැවිය යුතු නේද? මේ රටේ මාධ්‍ය වේදීන් මේ තරම් කරදර මැද කරන සේවයට මගේ උපහාරය. (අ)

:       0       0

පියල් Saturday, 19 July 2014 02:43 AM

අලින්ට දක්වන විරෝධය ඇයි අනෙක් සතුන්ට නොදක්වන්නේ? මොන සතාට වුණත් හිංසා කරන එක හොඳ නැහැ (නි)

:       0       0

උපජීව Saturday, 19 July 2014 02:53 AM

ඇත්තටම ධර්ම සංගායනාවක් ඉතා ඉක්මනින් අවශ්‍යයි නිර්මල බුදු දහම රැකගන්න නම්. (නි)

:       0       0

ලලන්ත Saturday, 19 July 2014 03:03 AM

අපිට දැන් ඉස්සරහට බණ වෙනුවට අහන්න ලැබෙන්නේ "අලියට කිතුල් කැපුවද බොල ?" වගේ. (නදී)

:       0       0

දිල්ෂාන් Friday, 18 July 2014 02:05 PM

මාධ්‍යවේදීන්ට පහරදුන් අය අල්ලන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

අබීත ලංකාපුත්‍ර Saturday, 19 July 2014 09:16 PM

ඕකේ අයිතිකාරයා අර පාර්ලිමෙන්තුවේ පටලැවිල්ලක් වෙලා නරක තැනකට කරදරයක් කරගත්ත මන්ත්‍රී හාමුදුරුවෝ නේද ? (නදී)

:       0       0

ජෙහාන් Friday, 18 July 2014 02:17 PM

අලි ප්‍රශ්නය දැන්නම් බලියක් ඇරලාවත් විසඳන්න බැරි හැඩයි. (නි)

:       0       0

සදුනි Friday, 18 July 2014 02:18 PM

පිස්සුද දිල්ශාන්, ඒ ප්‍රහාරක උත්තමයින්ට ඔහොම කතා කරන්නේ බලාගෙන. (නි)

:       0       0

කුමාර රාජකරුනා Saturday, 19 July 2014 03:53 AM

අනේ සරත්, මට ඔයා ගැනත් මේ වගේ චණ්ඩි ඉන්න පන්සල් වල දායකයින් ගැනත් හරිම අනුකම්පාවයි. (නි)

:       0       0

කාන්ති Friday, 18 July 2014 02:27 PM

මේ පන්සලේ අලි ඇත්තු තියාගන්න ඉඩ තියෙනවාද? කුලප්පු වුණ දවසකට අහළ පහළ මිනිසුන්ට පන්නිපිටිය පාර දිගේ කකුල් දෙකට වැඳගෙන දුවලා, මාදිවෙලින් දියවන්නා ඔයට පනින්න තමා සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

සුනිමල් Sunday, 20 July 2014 12:18 AM

මේ දෙව්රම් වෙහෙරද? ඇත් කඳ වෙහෙරද? (නදී)

:       0       0

නිමල් Saturday, 19 July 2014 04:14 AM

වසන් කරන්න දේවල් ඇති. ඒකනේ මාධ්‍ය වේදීන්ට පහර දෙන්නේ. (නදී)

:       0       0

සමන්ති Friday, 18 July 2014 02:40 PM

සත්ව හිංසාවෙන් වළකිමු නේද? (නි)

:       0       0

සුරේ Saturday, 19 July 2014 04:30 AM

බෞද්ධ ධර්මයේ මුලික හරයවත් දන්නේ නැති අයද දැන් සමහර පන්සල් පාලනය කරන්නේ. (නදී)

:       0       0

මිලානො ජයන්ත Saturday, 19 July 2014 04:52 AM

අති පූජනීය ස්තානක් වූ දෙව්රම් වෙහෙරේ මේ වගේ දෙයක් සිදුවුවා නම් අනිත් ස්ථාන ගැන කවර කතාද? විශේෂයෙන් මාද්‍යවේදින්ව අපි සැමම ආරක්ෂා කරගත යුතු කාලයක්. ඔවුන්නිසා දූසිත මිනිසුන්ගේ ක්‍රියාවන් රටට එලිවෙනවා නමුත් පන්සලෙත් මේ වගේ දෙයක් සිදු වුවානම් තුස්නිම් බූතව සිටිමු (නදී)

:       0       0

චින්තක Friday, 18 July 2014 04:12 PM

අසරණ සතුන් බලෙන් තියාගෙන ඉන්න එක නම් වැරදියි (නි)

:       0       0

නන්ද Friday, 18 July 2014 04:14 PM

පන්සල් වල මේ වගේ සිද්ධි වෙන එකෙන් හොඳ නැත්තේ ඒ පන්සලටමයි නේද? (නි)

:       0       0

සරත් Friday, 18 July 2014 04:50 PM

ඉතිහාසයේ සිට ලංකාවේ පන්සල් වල අලි ඇතුන් ඇති කළා. පන්සල් වලට නීත්‍යානුකූලව අලියෙක් ඇතෙක් තබාගැනීමට අවසර දිය යුතුයි.මොකද පන්සල් වල ඉන්න ඇතුන්ට අපි බොහොම ආදරයෙන් සළකනවා. එම අයිතිය පන්සල් වලට තිබිය යුතුයි. (නි)

:       0       0

ජිලෝ Saturday, 19 July 2014 06:20 AM

පිස්සන්ගේ තවත් පිස්සු වැඩක් . තවත් මිට වඩා හොද පිස්සු වැඩ ඉදිරියේදී අහන්නත් දකින්නත් පුළුවන්. (නදී)

:       0       0

වසන්ත Sunday, 20 July 2014 05:40 AM

එතකොට මෙච්චර කල් දෙව්රම්වෙහෙර හාමුදුරුවෝ කිව්වේ මොන වගේ දේවල්ද? (නදී)

:       0       0

කුමාර Friday, 18 July 2014 05:28 PM

පන්සලක් ළඟ මෙහෙම වෙන එක එච්චර හොඳ නැහැ (නි)

:       0       0

චමිල Saturday, 19 July 2014 07:16 AM

අපේ ගෙවල් ළඟ තමයි මේ පන්සල තියෙන්නේ , අලි විතරක් නෙමෙයි නොයෙක් ජාතියේ සන්තුන්ව හිර කරගෙන තියන් ඉන්නවා , අනිත් සතුන් ගැනත් හොයල බලන්න (අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 18 July 2014 05:43 PM

මේ පන්සල පුජනීය ස්ථානයක්. (නි)

:       0       0

චාමික Friday, 18 July 2014 06:29 PM

ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

අචිර Friday, 18 July 2014 06:29 PM

මෙහෙම ගියොත් පෙරහරකටවත් අලි නැතිවෙයි (නි)

:       0       0

ඩෙන්සිල් Friday, 18 July 2014 07:43 PM

මට සැවැත් නුවර දෙව්රම් වෙහෙර මතක් වුණා (නි)

:       0       0

ශාන්ත Friday, 18 July 2014 09:06 PM

මම දන්න දෙව්රම් වෙහෙරක් තියෙනවා තණමල්විලත් ලුණුගම්වෙහෙරත් අතර. ඒ පැත්ත කලින් නම් අලින්ට හුරුපුරුදු පැත්තක් (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 18 July 2014 09:25 PM

මාධ්‍යවේදීන් මීට වඩා කල්පනාකාරී වියයුතුයි. (නි)

:       0       0

පිටිගල Saturday, 19 July 2014 09:38 AM

මම කිව්වෙත් සැවත් නුවර දෙව්රම් වෙහෙර ගැන. වෙන දෙව්රම් වෙහෙරක් ගැන මම දන්නේ නැහැ.(නදී)

:       0       0

නදීෂා Friday, 18 July 2014 09:36 PM

අලි පැටියෙක් මොකටද පන්සලට? (නි)

:       0       0

සෑම් Friday, 18 July 2014 09:48 PM

සිවුවනක් පිරිස වැඩසිටියේ පුරාතන ඉන්දියාවේ බුදුන්වහන්සේ වැඩසිටි දෙව්රම් වෙහෙරෙහි නේද? (නි)

:       0       0

සුජිත් Friday, 18 July 2014 10:08 PM

නමේ හැටියට මම හිතාගෙන හිටියේ දෙව්රම් වෙහෙර කිව්වහම මේ මිනිසුන්ට බණ දහම් දෙසන ස්ථානයක් කියලා. තව පොඩ්ඩෙන් මමත් දවසක ගුටිකනවා. ඇති ඔයින් බේරුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 74 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 63 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 144 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1121 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 679 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 728 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1427 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site