සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (24) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය පිල පළමු තරගයෙන් ලකුණු 21 ක ජයක් ලබා 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටීම නිසා මෙම තරගය ශ‍්‍රී ලංකා පිලට වඩාත් වැදගත් වේ.
නුවන් කුලසේකර ආබාධයකට ලක්වීමෙන් හිස්වූ ස්ථානයට කිසියම් ක‍්‍රීඩකයකු ආදේශ කර ඇත්දැයි මාධ්‍යවේදියකු කළ විමසුමකට මහේල මෙසේ පැවසීය.
”තවම ක‍්‍රීඩකයකු ආදේශ කර නෑ. මෙම සංචිතයෙන්ම මේ තරගයට ක‍්‍රීඩා කරනවා. දකුණු අප‍්‍රිකානු ‘ඒ‘ සංචාරයට සහභාගි වූ ක‍්‍රීඩකයන් ඊයේ රාත‍්‍රී පිටත් වුණා. එයට සහභාගි වූ තේරීම් කමිටු නිලධාරියාගෙන් විමසා කොළඹදී ක‍්‍රීඩකයකු සංචිතයට ආදේශ කරනවා” යයිද මහේල වැඩිදුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නකු ලෙස ඉසුරු උදාන ඇතුළත්ව සිටින බවත් ඇතැම් විට අද තරගයේදී ඔහුට අවස්ථාව ලැබීමට ඉඩ ඇති බවත් ශ‍්‍රී ලංකා නායකයා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙවැනි එක්දින තරගය හෙට
සුභාෂිනී Monday, 23 July 2012 10:06 PM
කවුරු හරි ගෙන්නල මැච් එක දිනාගන්න බලන්න ළමයිනේ.....හැමදාම ඉන්දියාවට දිනන්න දෙන්න පුළුවන්ද මෙහෙම........ (ස)
සිසිර Tuesday, 24 July 2012 08:46 AM
අයියෝ මොකක් හරි තුරුම්පුවක් දාල මැච් එක දිනන්න බලන්න....අපේ රටට ඇවිත් ගහල යන්න නොදී...... (ස)
අනුර Tuesday, 24 July 2012 01:27 PM
ඉන්දියාව දිනුවොත් ඔයගොල්ලන්ට වැඩිය පිටරට ඉන්න අපිට බෙහෙත් ටිකක් ගන්න රෝහලකටවත් යන්න බැහැ.. පකිස්ථානට පැරදුනත් ඉන්දියාවට නම් පරාද වෙන්න එපා... අපේ අත් දැකීම...(නු)
ධනුෂ්ක Tuesday, 24 July 2012 09:17 AM
ඔක්කොටම වඩා තියෙන්නේ දෝනිගේ වාසනාව.. (ස)
තිනෙත් Tuesday, 24 July 2012 09:51 AM
මම උදාන සහ තරංගට කැමති නැහැ. මම කැමති මෙන්ඩිස්ටයි, ප්‍රදීප්ටයි, තිසරටයි. සුභ පැතුම් සිංහයිනේ! (නි)
සම්පත් Monday, 23 July 2012 09:43 PM
ඉසුරුට අවස්ථාවක් දිය යුතයි ,(දී)
නිරන්ජන් Tuesday, 24 July 2012 11:03 AM
ඉසුරුට අවස්තාවක් අනිවාර්‍යයෙන්ම දෙන්න ඕන....ඉදිරියට 20/20 තියෙන නිසා අපිට වැදගත් වේවි .(ස)