ගිය වසරේ මැයි මාසයේදී යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් යන්නට තැත් කර උසාවියෙන් ඇප මත මුදා හැර සිට 14 දෙනකු ඉන් පසුව යාත්‍රාවකින්ම ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද දැනුම් දුන්නේය. එදා ඕස්ට්‍රේලියාවට යෑමට ආ 101දෙනකු අතර මෙම පිරිස සිටි බව ද ඔහු කීවේය.එක් අයකුගෙන් රුපියල් දෙලක්ෂය බැගින් ගෙන ඔවුන් ඕස්ට්‍රේලියාවට රැගෙන යමින් සිටි බව කියන හත් දෙනෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. ලබන ජූනි 28 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස සැකකරුවන් 81 දෙනකුට නියෝග කැරිණි. පැන ගිය 14 දෙනා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් ද නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙවැනි උත්සහාය හරි යයි
දිසා Saturday, 09 February 2013 09:58 AM
හරියට හරි. ඔවුන් දිනුවා. නැත්නම් සැමදා දුකේ. (නි)
දෝහා Saturday, 09 February 2013 10:07 AM
අපේ අයට පොඩි හරි බුරුලක් දුන්නොත් කණෙනුත් රිංගනවා. (නි)
සිංහ Sunday, 10 February 2013 01:42 AM
දෙමළ අය ලොකේ හොද රටවල් වල ඉන්නෙ. හැබැයි සිංහල මිනිස්සු අරාබිකරයේ ඉන්නෙ. (නි)
රොෂාන් Friday, 08 February 2013 06:22 PM
14 දෙනා ඕස්ට්‍රේලියාවෙන් වරෙන්තු නිකුත් කරලා වැඩක් තියෙනවාද? (නු)
අරවින්ද Sunday, 10 February 2013 02:22 AM
ඕස්ට්‍රේලියාවට ගිහිං හොද මානව හිමිකම් නඩුවක් දැම්මනම් හරියන්න පුළුවං.. පව්නේ අපේ අය..!(නු)
ගාමිනි Friday, 08 February 2013 06:35 PM
උත්සාහ වන්තයෝ ජයගනී... එන විදේශ විනිමය මොනවා උනත් අපේ රටටනේ...(ස)
බෝපගේ ඕස්ට්‍රේලියාව Saturday, 09 February 2013 01:39 PM
ඔය පැනගෙන ආවට මෙහෙට ගන්නෙ නැහැ.. දැං මෙහෙ නීති ගොඩක් තදයි.. දැනටමත් පිටුවහල් කරලා ඇති ලංකාවටහරි නවුරැවලට හරි...!(නු)
කසුන් Sunday, 10 February 2013 04:08 AM
ඔය බොරු කාරයින්ට අහුවෙන්න එපා. අපේ මාමව මම කන්ටෑක් කරලා දෙන්නම්. තවම එයා යවපු කාවවත් අහුවුණේ නැහැ. (නි)
දම්මි Friday, 08 February 2013 07:19 PM
අනේ මන්දා.!(නු)
ශරිස් Friday, 08 February 2013 07:22 PM
යන අයට පාඩුවෙ යන්න දෙන්නකො... ලංකාව ජීවත් වෙන් අමාරැ නිසා නෙ මේ මිනිසුන් මෙහෙම යන්නෙ..!(නු)
ලංකා Saturday, 09 February 2013 01:48 PM
හරිම හොදයි තවත් පවුල් 14ක් බේරගන්න පුළුවං..!(නු)
එරංග Monday, 11 February 2013 12:25 PM
උත්සාහවන්තයා ජය ගනී (දී)
ලලිත් කටාර් Saturday, 09 February 2013 02:20 PM
යන්න අනේ දහ පාරක් හරි උත්සාහ කරලා යන්න.. ඔයගොල්ලන්ට කන්න දෙන්න කවුරැත් මෙහෙ නැහැනේ..!(නු)
හිල්මි Friday, 08 February 2013 08:33 PM
පැනගිය අය ආයෙ අල්ලන්න වෙන්නෙ නැහැ..!(නු)
මොහොමඩ් Friday, 08 February 2013 09:37 PM
මිනිස්සුන්ට මේ රටේ ඉඳල එපා වෙලා.. ඒකයි වෙන රටවලට පැනල යන්නෙ. (ස)
ප්‍රසන්න Friday, 08 February 2013 10:30 PM
ඕකට තමයි සුදුමහත්තුරු කියාලා තියෙන්නේ ට්‍රයි ඇන් ට්‍රයි කියාල..!(නු)
දේවානන්ද හිමි Saturday, 09 February 2013 12:08 AM
උත්සහවන්තයා ජයගනී කියනවාෙන්. ඒත් කරලා තිෙයන වැඩය වැරදියි. (ස)