IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දෙවිනුවර නිලමෙයි කපුවයි ගැටුමක

දෙවිනුවර උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේ හා ඔහුගේ රියදුරා තමාට පහර දුන්නැයි ප්‍රධාන කපු රාම ක්‍රිෂ්ණන් තේනබදු මහතා ගන්දර පොලිසියට පැමිණිලි කර ඇත. බස්නායක නිලමේගේ රියදුරා ද තවත් පැමිණිල්ලක් කරමින් ඔහුට පහරදුන් බව කියා ඇත. ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් සිදු කළ යාතිකාවක් සම්බන්ධයෙන් මේ ගැටුම වී යැයි දැන ගන්නට ඇත. නිලමේ හා රියදුරා තමාට පහරදුන් බවත් තම අතක්ද සපා කා ඇති බවත් කපු මහතාගේ පැමිණිල්ලේ සඳහන්වේ. බස්නායක නිලමේ දිෂාන් වික්‍රමරත්න මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. තමා පහර නොදුන් බවත් කපු මහතා  තම රියදුරා හා ආරවුලක් ඇති කරගත් බව දන්නා බවත් ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස්ට පැමිණිලි කරන  බවත් කියයි.



අදහස් (0)

දෙවිනුවර නිලමෙයි කපුවයි ගැටුමක

අමිල කටුනායක Monday, 19 November 2012 09:45 PM

ඔය ලකුණු දා ගන්න. උසාවි දැම්මොත් තමයි වැඩේ. (ත)

:       0       0

කල්ප Wednesday, 21 November 2012 01:33 PM

දෙවියන්ගේ හාල් කැවිලද මේ රණ්ඩුකරන්නේ (ස)

:       0       0

saje Monday, 19 November 2012 11:20 PM

මමත් ප්‍රශ්නයකට විසදුමක් ගන්න මේ දේවාලයට යන්න හිටියේ.. දැන් ඉතින් පොලිසියටම යනවා .. කපු මහත්තයා ගියා වගේ..(අ)

:       0       0

ඩයස් Tuesday, 20 November 2012 12:50 AM

අයියෝ සල්ලි

:       0       0

ජෝස් Monday, 19 November 2012 05:41 PM

පොඩි ළමයි වගෙයිනේ. (නි)

:       0       0

ජයම්පති Monday, 19 November 2012 05:36 PM

පොලිසියට නොකියා කෙළින්ම දෙවියන්ට පැමිණිලි කළා නම් ඉවරනේ. (නි)

:       0       0

ශාන් Monday, 19 November 2012 06:08 PM

බලධාරීනි, මේවාට ‍කුමක් හෝ විසදුමක් අවශ්‍යයි. (නි)

:       0       0

අජිත් Tuesday, 20 November 2012 06:25 AM

දැන් කපුමහත්තුරු දිහා දෙවියෝ බලන්නෙත් නැද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 November 2012 08:07 AM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

අසෝක Monday, 19 November 2012 07:05 PM

දෙවියණි උපුල්වන්! නැද්ද මොවුනට දඬුවම්? (ත)

:       0       0

වරුණ Tuesday, 20 November 2012 08:40 AM

අන්තිමට කපුවද කපෝති, නිලමෙද කපෝති (ස)

:       0       0

ලලිත් Monday, 19 November 2012 07:00 PM

දැන් වෙන වෙන බයිලා කිව්වට දෙන්නා රන්ඩු වුණේ පින් පෙට්ටියටද දන්නේ නෑ (ස)

:       0       0

නීලා Monday, 19 November 2012 07:21 PM

පොලිසි නොගොස් දෙවියන්ට කියලා ප්‍රශ්න විසදගන්න තිබුණනේ. (ත)

:       0       0

අ‍ශෝක Tuesday, 20 November 2012 08:29 AM

කපුවා මෙහෙම වෙන වෙන අය ළඟට ගිහින් පැමිණිලි කරනකොට දෙවියන්ගේ තත්වේ මොකක්ද ? (ස)

:       0       0

කුමුදු Tuesday, 20 November 2012 09:20 AM

දැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා (ස)

:       0       0

පිටිගල මිලානෝ Monday, 19 November 2012 07:40 PM

මේ නඩුව දෙවියන්ට බාර දීලා බලාගෙන ඉන්න දෙවියන් කාටද දඩුවම් කරන්නේ කියලා. (ත)

:       0       0

හේවා Monday, 19 November 2012 08:01 PM

මේ ගැන දෙවිය් විභාග කරලා දඩුවම් දේවි වැරදිකරුවන්ට. ප්‍රශ්නෙ තියෙන්නේ දේව තීන්දුවත් බලේ යොදලා වෙනස් කරයිද කියන එක. (ත)

:       0       0

පන්දුල රත්නායක Monday, 19 November 2012 08:12 PM

මට පේන්නේ මේ දොගොල්ල දේශපාලන පක්ෂ දෙකක අය වගේ. (ත)

:       0       0

බණ්ඩා Monday, 19 November 2012 08:13 PM

කපුවා කපෝති. (ත)

:       0       0

මුතුකුඩ Monday, 19 November 2012 07:56 PM

මීට පෙර හාමුදුරුවරු මැරුවෙත් නිලමෙලා තමයි. (ත)

:       0       0

මානවි Monday, 19 November 2012 08:04 PM

දෙවියන් නැත දේවාලේ...

:       0       0

sltk2004 Monday, 19 November 2012 08:04 PM

කපුවා මෙහෙම වෙන වෙන අය ළඟට ගිහින් පැමිණිලි කරනකොට දෙවියන්ගේ තත්වේ මොකක්ද ? (ත)

:       0       0

චම්පි Monday, 19 November 2012 08:35 PM

මේ රටේ මිනිසුන් දැන් සිව්පා සතුන්ටත් එහා ගිය වැඩ කරනවා. මේවට රජය පිළියම් සෙවිය යුතුයි. (ත)

:       0       0

දි සිල්වා Monday, 19 November 2012 08:47 PM

නීතිය හරියට ක්‍රියාත්මක නොවීමේ විපාක. (ත)

:       0       0

සුසිල් මිලානෝ Monday, 19 November 2012 09:26 PM

කපු මහත්තයා දන්නවා දෙවියන්ට වඩා පොලිසිය නඩු විසදාවි කියලා. දෙවියන්ට සත්භාවයෙන් මේකට ඉදිරිපත් වෙන්න බැහැ නේ . (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site