IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුවන්න හපනෙක් කැකිරාවෙන් හමු වේ

(කුෂාන් ජයවර්ධන)

වයස අවුරුදු 13න් පහළ පාසල් නිවාසාන්තර මැරතන් තරගයකට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ 02 ශ්‍රෙණියේ සිසුවෙක් 13 පහළ තරගකරුවන් 13 දෙනකු අභිබවා  විනාඩි 27ක්  තුළ දී නියමිත දුර නිම කළේය.

මැරතන් තරගය නිමා කර මෙලෙස ජය ලබා ගැනීමට සමත්ව ඇත්තේ කැකිරාව අධ්‍යාපන කලාපයේ, පලාගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් බලලුවැව මුස්ලිම් මහ විද්‍යාලයේ 2 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන එෆ්.එම්.රුෂ්ඩි නමැති සිසුවෙකි.

රුෂ්ඩි එම තරගය නිම කර ඇත්තේ තරගයට අවුරුදු 13න් පහළ තරගකරුවන් 30 දෙනකු අතරින් 13 දෙනකුම අභිබවා යමිනි. පුංචි රුෂඩ්ට එම තරගයේ 17වන ස්ථානය හිමි විය.  

එම විද්‍යාලයේ පැවැති නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට අදාලව පැවැති 13න් පහළ කිලෝමීටර් 05ක් දුරැතිව පැවැති මැරතන් තරගයේදී ඔහු විනාඩි 27ක් තුලදී එම දුර නිමකර මෙලෙස සිය දක්ෂතාවය පෙන්වා තිබිණ.

 

 



අදහස් (10)

දුවන්න හපනෙක් කැකිරාවෙන් හමු වේ

රන්බන්ඩා බස්නායක Friday, 13 January 2023 08:00 AM

අනාගතයේදී ශ්‍රී ලංකාවට හොඳ ගෞරවයක් ලබාදීමට නුඹට හැකිවේවා පුතේ!

:       2       38

sam Friday, 13 January 2023 10:02 AM

පොඩි කාලේ සිංහල පොතේ තිබ්බ කතාවක් මීටර් 100 ..කැකිරාවේ කොල්ලෙක් ගැන

:       2       32

CiscoFriday, 13 January 2023 10:33 AM

මුදලිහාමි... ගොඩක් හොඳ කථාවක්...

:       2       24

sharm warn Friday, 13 January 2023 12:23 PM

හරිම ආඩම්බරයි පුතේ... ඔයාට දිගගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

:       1       15

[email protected] Friday, 13 January 2023 03:09 PM

විනාඩි විසි හතෙන් මැරතන් දුවන්න බැහැ... ලෝක සූරයෙක්ට වත් අඩුගානේ පැය දෙකකට වැඩිය යනවා.. සැතපුම් විසිහයකට වඩා දුවන්න ඕනෑ මැරතන් එකකට...

:       1       1

දිසානායක Friday, 13 January 2023 03:48 PM

මේ කැකිරාවෙනේ... අනික 13න් පහළ. පොඩි ළමයිනේ...

:       0       2

Priyan Friday, 13 January 2023 04:33 PM

සුබපැතුම් රූෂ්ඩි...! මේ පුවතේ හැටියට මේ දරුවා 17 වැනියා, මුළු තරග කරුවන් ගණන 30, මේ පුංචි රූෂ්ඩි 13 දෙනෙකු අභිභවා තරගය නිමා කළාලු. එතකොට මේ දරුවාට කලින් තරගය නිමකළ 16 දෙනා ගැන මොකද කියන්නේ... එයාලගේ දක්ෂකම් මැන්නේ නැද්ද...?

:       1       2

සෝමේ Saturday, 14 January 2023 12:45 AM

මේදරුවගේ විසේෂත්වය මෙයා දෙක ශ්‍රේණියේ ඒ කියන්නේ අවුරුදු 7යි. අනිත් අය 13 යි. ඉතිං ඇගයීමට ලක්විය යුත්තේ කව්ද.... පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි මිනිස්සු මේකේ....... පව් ඉතිං.

:       1       3

Bamunuarachchi Friday, 13 January 2023 06:55 PM

පැන්චා දුවන හැඩ අපුරුයි

:       0       2

sampath Friday, 13 January 2023 10:57 PM

මේ මහපොළොවේ හැමෝම දක්ෂයන් පහළ වෙන්නෙ. ඒත් මොකක්දෝ කරුමයකට ඒවා අකාලේ තැලැලා පොඩි වෙලා විනාස වෙන්න දීලා බලන් ඉන්නව. මොකද අපි හැමදාම කාට හරි රැවටෙනසුලු ජාතියක්. සුද්දට උඩරට සිංහලයා රැවටුනා. කුවේනි විජයට රැවටුනා. අපිත් පල් හොරුන්ට අහුවුණා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site