IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දේවගැති ජෙරම් අත් අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දෙවන දිනටත් ප්‍රකාශ ලබාදීමට අද (1) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති අතර ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඊයේ (30) දිනයේ ද මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එනම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත්තේය.

. දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ කර තිබු නියොගයකට අනුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබියදි ඔහු ඉකුත් මැයි මස 16 දින පවුලේ අය සමග දිවයින්නේ පිටත් ව ගොස් .තිබුණි.

එසේ ගොස් මාස 6 පසුව ඔහු ඉකුත් (29) අලුයම යළිත් දිවයිනට පැමිණියේය.

 



අදහස් (3)

දේවගැති ජෙරම් අත් අඩංගුවට

Asanga Friday, 01 December 2023 02:34 PM

තවත් නාටකයක ඇරඹුම.

:       3       6

මැක්ස් Friday, 01 December 2023 04:04 PM

අනෙක් ආගම්වලට කෙසේ වෙතත් බුදු දහමට ගරහන අයවලුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, භාෂණයේ නිදහස වෙනුවෙන් සේනිකව පෙනී සිටින ඊනියා මානව ප්රෙමින්ට, සටකපට ලිබරල් වාදීන්ට, එවැනි අනුගාමිකයන් ගෙන් සැදුම් ලත් ජවිපෙ සහ සජබෙට දැන් ඉතින් පුළුවන් තම තමන්ගේ කොම්පියුටර හෝ ස්මාට් ෆෝන් කී බෝඩ් මත වැඩකිඩ දාන්න.

:       3       1

sathyapalaSaturday, 02 December 2023 07:00 AM

ලංකාවේ බුද්ධාගම විනාශ කළේ ඔහෙලා වගේ ගවස්කාර්ලා. ගොඩාක් දෙනෙක් ඉන්නේ තමන් බුදුදහම අනුව ජීවත්වෙන්න නොවෙයි. "අපි ඉන්නේ බුද්ධාගම රකින්න, ආරක්ෂා කරන්න. ඒකට අත තිබ්බොත් ගහනවා, කපනවා, මරනවා. අපි බලන්නේ නිවන් යවන්න .. " ජාතියේ තාලිබාන් බෞද්ධයෝ. ඒකයි මේ කෙළවුණේ. ගොඩාක් හාමුදුරුවෝත් දැන් කාලා බීලා ගිහියන්ටත් වඩා වැඩ අරන් ගිහියෝ මේ ආත්මේම නිවන් යවන්න හදන්නේ. සිවුර දාගන්නේ තමන් නිවන් යන්න නොවෙයි. අනුන් නිවන් යවන යුනිෆෝර්ම් එකක්. පුළුවන්නම් තුවක්කුවකුත් ඉල්ලයි. බුධාගමට ආදරේනම් තමන් යහපත් ආදර්ශමත් ජීවිතයක් පටන්ගන්න. හාමුදුරුවෝත් අනුන් නිවන් යවන නොවෙයි, තමන් පන්සලේ යහපත් පැවිදි ජීවිතයක් ගතකරමින් හිටියා නම් මිනිස්සු ප්‍රශ්නවලට විසඳුම් සොයාගෙන එතැනට එයි. දැන් ඔක්කෝම අනාගෙන, ගාගෙන ගඳ ගස්සනවා. අන්ධ භක්තිකයෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site