ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් 27 දෙනෙකු මියගිය අතර 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
ගින්න හටගත්තේ ඊයේ (13) සවසය.
ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ නවදිල්ලියේ මුන්ඩ්කා පළාතේය. ගින්නට කොටුවුණු පිරිස 50 කට වැඩිය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමටත්, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ.
ගිනි නිවන භටයන් ඉහළ මහලවල සිරවී සිටි පිරිස් මුදා ගත්තේ දොඹකර යොදා ගනිමිනි. ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ පළමු මහලේය.
නිසි ලෙස ගොඩනැගිල්ල නඩත්තු නොකිරීම නිසා ගින්න හටගත් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගොඩනැගිල්ල අයත් සමාගමේ හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියෙන් බේරී පලා ගොස් ඇතැයි ද පැවැසෙයි. ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දිල්ලියේ ගොඩනැගිල්ලක් ගිනි ගනී: 27 ක් මරුට