IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දරු මුනුබුරන් සමග රන් හොරකමේ

මොරටු මවක් දරු මුණුබුරන්ද සමග රන් භාණ්ඩ සොරා ගත් සිද්ධියක් සොයා ගැනීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සමත්විය.

දඹුල්ලේ රන් අබරණ හලකින් රුපියල් ලක්ෂයක් පමණ වටිනා සොරකම් කරන ලද රන් වළල්ලක් සමග ඔවුහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

සී.සී.ටී.වී කැමරාවක සටහන්වූ පින්තූර පෙළින් මේ පිරිස සොයාගෙන ඇත.

Gold_201510115 Gold_201510115-2 Gold_201510115-3



අදහස් (0)

දරු මුනුබුරන් සමග රන් හොරකමේ

සුමනපාල Monday, 12 October 2015 02:12 AM

හදාගන්නට බැරි නිසා දරුවන් වීසිකර දමන කාලයක මෙය දෙස මානුෂික ලෙස බැලිය යුතුය. (නි)

:       0       0

නදීකා Monday, 12 October 2015 02:34 AM

නැතිබැරිකම නිසානේ දෙයියනේ! (නි)

:       0       0

රකීත් Monday, 12 October 2015 03:22 AM

මොරටුවේ ඉඳන් දඹුල්ලටම ගියාද රත්තරන් හොරකම් කරන්න?(ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 03:36 AM

හොරකම කිසිදු හේතුවක් මත සාධාරණීකරණය කිරීම එයට අනුබලදීමක්. හොරකම මානව සමාජයෙන් තුරන් කිරීම අපහසු වුවත් එය අවම කරගැනීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීමයි.(ම)

:       0       0

සරසි Monday, 12 October 2015 03:47 AM

නැති බැරි කම කියන්නේ කාන්තාවට නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා කරන්න දෙන බලපත්‍රයක් නෙවෙයි. මේ බවලතිගේ මුණුපුරාත් මේ වෘත්තියම ගෙදර පුරුද්දට තෝරා ගත්තොත් ඒක හොඳ දෙයක්ද?දැන් දැන් අපේ සමාජයේ අනුකම්පාව කොච්චරද කියනවානම් , තමන්ට ජිවත් වෙන්න විදියක් නැහැ කියලා අන් සතු සැමියෙක් හොරකම් කරන ස්ත්‍රියත් අනුකම්පාවට භාජනය වෙනවා. (ස)

:       0       0

වසන්ත Monday, 12 October 2015 03:48 AM

රකිත්, මොරටුවේ ඉඳලා දඹුල්ලට නෙමේ යාපනයටත් යන්න පුලුවන්. දැන් ඉතින් හැම ගෙදරකම වාහනයක් තියෙනවනේ. (ස)

:       0       0

ඉමේෂ් Monday, 12 October 2015 03:55 AM

නැති බැරි අය ඇති හැකි අය කරමු.(ම)

:       0       0

රොෂාන් Monday, 12 October 2015 04:03 AM

නෑති බැරි කමට ඔයාලාගේ ගේකින් බඩු ඉස්සුවානම් නිකන් ඉදිවි නේද වැරැද්ද වැරැද්දමයි හොරකම රස්සාව කරගත් උදවිය (බ)

:       0       0

දුල්මි Monday, 12 October 2015 04:50 AM

මෙහෙම නොමනා වැඩ වලට නැති බැරි කම නිසා කියමින් අනුකම්පා කරන එක තවත් මේ වගේ සිවිල් නීතියට පටහැනි වැඩවලට අනුබල දීමක් . මේ කාන්තාව හොරකම් කළේ අනේ පව් කියන අයගේ මගුල් කර මාලය නම් ඔහොම අනුකම්පා කරන එකක් නැහැ. (බ)

:       0       0

කාන්ති Monday, 12 October 2015 04:55 AM

අපිටත් කාන්තාවන් හැටියට අග හිඟ කාල වකවානු අනන්තවත් ඇවිල්ලා තිබෙනවා. නැති බැරිකම් කියලා මේ රටේ හැම කාන්තාවටම හොරකම් කරන්න හිතුනොත් මොකද වෙන්නේ. (බ)

:       0       0

ලංකා Monday, 12 October 2015 05:50 AM

ලංකාවේ කී දෙනෙක් ඉන්නවද ගෙදර වැඩට ගන්න කෙනෙක් නැතුව, ඔය නැති බැරි අයට හොරකම ඇර වෙන වැඩක් කරන්න කම්මැලි නිසානේ ඕක කරන්නේ (බ)

:       0       0

දුමින්ද Monday, 12 October 2015 06:02 AM

හොරකම වැඩිවන්නේ පවුල දුප්පත්වන විටය , (ස)

:       0       0

පද්මිණී Monday, 12 October 2015 06:12 AM

ලංකාවෙත් සියලු දිළිඳු පවුල් වලට රජයෙන් ජිවත් වීමට සරිලන දීමනාවක් දෙන්න ඕන . ලංකාවේ විස්තර අනුව. සල්ලි. නැති රටක් නෙවෙයි (බ)

:       0       0

ඉනෝකා Sunday, 11 October 2015 07:12 PM

මොකද දැන් මේ කාන්තාවන් පවුල් පිටින් හොරකමේ යන්නේ? මේ පසුගිය දවස් ටිකට කාන්තා හොරු ගැනමයි අහන්නට ලැබුනේ. කාන්තාව සතු ලැජ්ජා බය දෙක කෝ දැන්.....? (නි)

:       0       0

මෙලනි Monday, 12 October 2015 06:50 AM

ලංකාවේ සමහර කාන්තාවන් ජිවත් වෙන්න නරකම මාර්ගයක් සොයා ගන්න කලින් අඩු ගානේ කුලියට ඇඳුම් මහන රස්සාවක්, ගෙවතු වගාවක්, කාර්යාල ගෙවල් පිරිසිදු කරන වගේ නම්බුකාර වැදගත් වැඩක් සොයාගන්න උවමනාවක් නැහැ. ලේසියෙන් සල්ලි ගොඩක් එකවර ලැබෙන මාර්ගයක් තමයි සොයන්නේ. මේ අයට අනේ පව් කියන එක මේ රටේ දාඩිය මහන්සියෙන් වැදගත් විදියට දුක් විඳලා පවුල් රකින කාන්තාවන්ට අපහාසයක් ! (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 11 October 2015 09:30 PM

නැතිබැරිකම නිසා මෙවැනි දේවල් වෙන්නේ. දරුවන්ට කාගේ පිහිටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site