චිත්‍රපට, රෑපවාහිනී, වේදිකා ක්‍ෂේත්‍රයන්ට සම්බන්ධ අයට නැතුවම බැරි දෙයක්නෙ මේක් අප්. එහෙම බැලුවොත් මඟුල් ගෙවල්වලට, මළ ගෙවල්වලටත් ඒක අදාළ වෙනවා.
ඉතිං මේක් අප් දානවා වගේම මේක් අප් ටික අයින් කරන්නත් බොහෝ අය වෙහෙසක් ගන්නවා. සමහරැ නම් ආසයි ඒක අයින් නොකර දිගටම ඉන්න පුළුවන්නම්. ඔන්න මෑතකදී එක්තරා පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක පැවැත්වුණා සජීවී සංගීතමය වැඩසටහනක්. ඒකට සහභාගි වුණා පරම්පරා දෙකක් නියෝජනය කරන සංගීත ශිල්පීන්.
පැය දෙකක වැඩසටහන අවසන් වෙනවාත් සමඟම තමන්ගෙ මූණෙ මේක් අප් එක ගලවන්න ලොකු මහන්සියක් වෙනවලු ප්‍රවීණ ශිල්පියෙක්. සමහරැන්ට ඒක දැකලා හිනාත් ගියාලු.
“බලාගෙන අයියෙ ඔහොම අතුල්ලන්න ගිහිං හමත් එක්කම ගැලවෙන්න ඉඩ තියෙනවා.” කෙනෙක් විහිළුවක් කළාලු.
“උඹලට නම් විහිළු. මමනෙ ඉතිං චාටර් වෙන්නෙ මේක හොඳට ගලවලා ගියෙ නැත්නම්...”
“ඇයි අයියෙ මොකක්ද අවුල...?”
“අවුල? අවුල තමයි මේ මහ රූ මම මේක් අප් දාගෙන ගෙදර ගියාම අපේ නෝනාට මාව අඳුරගන්න බැරි වෙනවා. අඳුරගන්න බැරිවුණාම දොර අරින්නෙ නෑ...”
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දොර නාරින අමල් බිසෝ