IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දරු දෙදෙනාට වස පොවා පියාත් ගෙල වැලලාගනී

(ඔගස්ටින් ප්‍රනාන්දු)                

බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු දරු දෙදෙනාට වස පොවා ස්වාමි පුරුෂයා නිවස තුළ ගෙල වැලලාගෙන අද (25) දහවල් දිවි නසා ගෙන ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ උඩප්පුව පල්ලිවාසල්පාඩුවේ පදිංචි නැමැති 13 හැවිරිදි විලියම් මැසෙව් සහ  7 හැවිරිදි ශෝන් මිලරෝධ නැමැති දරුවන් දෙදෙනාය. සිය දිවි නසා ගෙන ඇති පියා 31 හැවිරිදි වර්ණකුලසුරිය අසංක සනත් නැමැත්තා බව පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා ධීවර රැකියාවේ නිරත වී ඇති බවත් සිය බිරිඳ සමඟ ආරාවුලක් ඇති කරගැනීම හේතුවෙන් ඔහුගේ බිරිඳ මාස දෙකකට පෙර අමනාප වී නිවසින් ගොස් ඇති බවත් එම පුද්ගලයා බිරිඳ ගෙන්වා ගැනීමට දැඩි උත්සහයක නිරත වී ඇති බවත් පොලිසිය කියයි.

අද (25) පෙරවරු කාලයේ දී මිය ගිය පුද්ගලයා තම පුතුන් දෙදෙනාට වස වර්ගයක් පොවා ඇති අතර අසල්වාසීන් ඒ බව දැක වහාම දරුවන් පුත්තලම මූළික රෝහලට ගෙන ගියත් ඔවුන් ඒ වන විට මිය ගොස් සිටි බවත් පොලිසිය කියයි.

දරු දෙදෙනා මිය ගිය බව දැන ගත් මිය ගිය පුද්ගලයා වහලේ කඹයක් බැද ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන ඇති බව පොලිසිය පැවැසීය.

මෙම තිදෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු හෙට (26 ) පුත්තලම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතව ඇත.



අදහස් (3)

දරු දෙදෙනාට වස පොවා පියාත් ගෙල වැලලාගනී

isurandi Sunday, 25 August 2019 01:14 PM

ප්‍රශ්න නැත්තේ කාටද මේ ලෝකේ?

:       0       2

Raveendra Sunday, 25 August 2019 03:37 PM

පැරැන්නන්ගේ මෙම කියමන"ඔක්කොම රණ්ඩු බත් හැලිය ඉදෙනකම් විතරයි යන කියමන " අදකාලේට කොහෙත්ම ඔබින්නේ නැහැ වගේ. මොකද ගෙවල්වල රෑට බහාලිය ඉදෙන්නේ නැහැනේ අද සමාජේ ගෙවල්වල. කෙසේවෙතත් ඉවසීම, අන්‍යාවබෝධය නැතිව ගන්න තීරණ නිසා අකාලේ මියගිය ඒ දරුවන් දෙදෙනා ගැන මෙන්ම මේ පිළිබඳව අප කණගාටු වෙන්නෙමු. මාලනී බුලත්සිංහල මහත්මියගේ මෙම " මා එක්කලා අමනාපව විඩාබර..// දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර...// යන සුන්දර ගීතයේ විරුද්ධ අදහසක් තමයි කීමට ඇත්තේ...

:       24       53

Anurudda Monday, 26 August 2019 02:31 AM

Raveendra, මහතා හොඳ අදහසක් ඉදිරිපත් කර ඇත. උගත් සාහිත්‍ය මිනිසුන්ට රස විඳීමට නොලැබෙන විට, ආගම දහම තේරුම් කර දීමට නිවැරදි ආගමික නායකයන් නොමැති විට තව තවත් මෙවන් අන්දොනා අසන්නට නොලැබෙයි කෙසේ සිතම්ද?

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 25 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site