බණ්ඩාරගම දී වඳුරෙක් ද, පැටියකු ලැබීමට සිටි වැඳිරියක ද රණ්ඩු වූහ. වඳුරා වැඳිරිය තල්ලු කළේය. වැඳිරියට නැගිට ගන්නට බැරි විය. පසුදා උදේ ඇය පැටවකු බිහි කළාය. පැටවා මැරී සිටියේය.
වැඳිරිය මළ පැටවා දෙස බලමින් බොහෝ වේලාවක් දුකින් ගත කළාය. අන්තිමේ දී ගැමියෝ මළ වඳුරු පැටියා වළ දැම්මෝය.
වැඳිරිය ළඟ සිටි මළ පැටවා ඉවත් කර ගැනීම ඔවුනට ප්‍රශ්නයක් විය. දරු දුක ඒ තරම්ම ප්‍රබල වූ බැවිනි.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දරු දුකින් වඳුරු අම්මා මුසපත් වේ
වසන්ති Friday, 25 July 2014 01:03 PM
ඒත් අපේ සමහර වැදිරියෝ බබාලව ඉපදුනහම කුනු කූඩෙට විසි කරනවා. ඇයි මේ වෙනස (නදී)
බංඩාර Saturday, 26 July 2014 09:09 AM
මේ පින්තුර වල බලන්න. ඇසේ කදුළු පුරවාගෙන. බලන්න කොච්චර දුකින්ද ඉන්නේ (නදී)
සුජානි Friday, 25 July 2014 01:43 PM
දරුවන් වෙනුවෙන් හෙලන කදුළු මහා සාගරයේ ජල කදට වැඩිය විශාල වේ. (නදී)
රුවන් Friday, 25 July 2014 02:00 PM
දරුවන්ව තනිකර දමා යන දෙමාපියන්ට හොඳ ආදර්ශයක් (නදී)
කේගපී පෙරේරා Friday, 25 July 2014 02:26 PM
දැන් සතුනුත් මිනිසුන් වගේනේ පැටව් හම්බවෙන්න ඉන්නවිට රණ්ඩු වෙනවාද? (නදී)
හේමා Saturday, 26 July 2014 09:56 AM
පතාගෙන ආපු විදිහට තමා ඔතාගෙන යන්නේ (නදී)
සුමී Thursday, 07 August 2014 06:16 PM
පින්තුර බලන්න දුකයි (නදී)
දර්ගා Friday, 25 July 2014 03:14 PM
මිනිස්සු ලග නැති දරු සෙනෙහසක් (නදී)
ධනුකේ Friday, 25 July 2014 03:33 PM
බලන හැමෝටම දුකයි (නදී)
නාමල් Saturday, 26 July 2014 11:03 AM
පතාගෙන නෙමේ හේමා , කර්මයේ විදියට මේවා වෙන්නේ. දානයක් දීලා පින් දෙන්න අම්මගේ දුකත් නැතිවෙන්න කියලා. හරි හොඳ මිනිස්සු මෙහෙම සතෙකුට සලකන්න.(නදී)
ගාමිණී - සිරි Friday, 25 July 2014 04:31 PM
තල්ලු කලපු ඒ වඳුරා නම් සල්ලාල , කුපාඩි වදුරෙකි. පරිණාම වාදයෙන් පැවත එන මිනිස් වඳුරෝ දිහා විමසිල්ලෙන් බලනවිට මේ ක්‍රියාකාරිත්වය තවත් ඛේදජනක සිද්ධියක් (නදී)
චින්තා Friday, 25 July 2014 05:19 PM
දරුවෙක් නැතිවුනා කියන්නේ මවකට පුදුම වේදනාවක්. මනුස්සයාට විතරක් නෙමෙයි වඳුරාටත් එහෙමයි (නදී)
කපිල සමරසිංහ Friday, 01 August 2014 03:04 PM
මේ කාලේ අම්මලාට පාඩමක් කියල දෙනවා (නදී)
සමාධි Monday, 28 July 2014 07:11 AM
ඉපදුණු ගමන් කිරිකැටි දරුවන්ව මහපාරේ එහෙමත් නැත්නම් වැසිකිලි වලවල්වලට දාලා යන අපේ මිනිස් අම්මලාට වඩා තිරිසන් සතෙක් වුනත් මේ වඳුරු අම්මාගේ දරු සෙනෙහස කොයිතරම්ද කියලා මේ පින්තූර දැක්කහම පේනවා.(අ)
සිතුම් Friday, 25 July 2014 10:05 PM
මෙය සතර අපායෙන් එකකි. වැදිරිය පැටවකුගේ බර දරාගන දුක් විද අවසානයේ මෙලොවට බිහිකිරීමට වින්ද දුක ගැනයි මට ගොඩක්ම කණගාටු. කිසි දුකක් නැතුව විනෝදයෙන් සිටි වදුරා කල වැඩේ කොතරම් අසාධාරණද? මිනිසුන් අතරත් මෙවැනි පිරිමින් සිටිති. පැටවා මැරී ඇත්තේ පියාගේ පහරදීම් වලින්. ගිය ආත්මේ මේ පිරිමි වදුරා අරක්කු බීල, බීලා මැරුන මිනිහෙක් වෙන්න ඇති. (නදී)
රම්‍යා Saturday, 26 July 2014 02:11 AM
මොකටද අනේ අනේ තල්ලු කෙරුවේ (නදී)
රේණුකා Saturday, 26 July 2014 03:10 AM
දරු සෙනහස ට සත්තු මිනිස්සු කියලා වෙනසක් නැහැ (නදී) .
ඉන්දු - මෙල්බර්න් Saturday, 26 July 2014 03:15 AM
සිතුම්ගේ කතාව ඇත්ත. මේ වගේ වඳුරන් මිනිස්සු අතරෙත් ඕන තරම් ඉන්නවා. අන්තිම ෆොටෝ දෙක නම් දැක්කම හරි දුක හිතෙනවා. (නදී)
ප්‍රශීන් Saturday, 26 July 2014 03:59 AM
ඇත්තටම දුකයි. හදපු ළමයි දාලා යන මේ කාලේ මේ වගේ දෙයක් අහන්න ලැබීම දුකයි.(නදී)
දයා අලහාකෝන් Saturday, 26 July 2014 04:26 AM
කතා කරන්නට හැකි වුයේ නම් දහසක් විලාප ලතෝනි ඇසිය යුතුයි (නදී)
පාලිත කුමාර Saturday, 26 July 2014 04:43 PM
සතුන් හා මිනිසුන්ගේද හැගීම් කිසිදු වෙනසක් නැති බව තේරෙනවා. (නදී)
ප්‍රභාත් Saturday, 26 July 2014 04:43 AM
වැඳිරිය තල්ලු කළ වඳුරා වැනි පිරිමින් මිනිසුන් අතරත් (නදී)
සිසිර Friday, 25 July 2014 11:27 AM
ළමයින් මහමග දමා යන කොට වැඳිරිය අපිට පාඩමක් කියල දෙනවා. (ස)
පද්මිනී Saturday, 26 July 2014 05:40 AM
සතුන්ට කතා කරන්ට, සිනාවෙන්ට බැරි නිසා මිනිසා හිතන්නේ ඔවුන්ට වේදනාව, හැගීම්, නැහැ කියලා. නමුත් මේ දසුනෙන් ම පේනවා ඔවුන්ටත් හැගීම්, දුක,සංකා, තියෙන බව. ජිවත් වෙන්ට අයිතිය තියෙන්නේ මිනිසාට විතරක් නෙවේ. (නදී)
ජනක Friday, 25 July 2014 11:31 AM
අපිත් මේ සංසාරයේ පෙර කළ පිනකට මිනිසුන් විය. නමුත් සතර ආපයේ අනන්තවත් ඉපිද මේ වැනි දුකට පත්ව ඇත. (නි)
නුවන් Friday, 25 July 2014 11:31 AM
සතෙකුට වුණත් දරු දුක තේරෙනවා! (නි)
චන්ද්‍රා වීරසිංහ Saturday, 26 July 2014 08:33 PM
සසර දුක මෙනෙහි කරමින් අපි සැවොම නිවන් අරමුණු කර ගනිමු! (නදී)
පාලිත Friday, 25 July 2014 11:42 AM
අනේ පව්! හරි දුක හිතෙනවා ෆොටෝ දැක්කම (නි)
චන්ද්‍රා වීරසිංහ Saturday, 26 July 2014 08:50 PM
සසර දුක නැති කර ගනිමු මුනිඳු බන අසා! (නදී)
සිසී Saturday, 26 July 2014 07:06 AM
මිනිසුන්ට හොඳ පාඩමක් මේක (නදී)
සිසී Saturday, 26 July 2014 07:05 AM
මිනිසුන්ට හොඳ පාඩමක් මේක (නදී)
දර්ශන Saturday, 26 July 2014 07:38 AM
තල්ලු කරපු වදුරා අපේම එකෙක්ද දන්නේ නෑ.(නදී)
තිලක් (කටාර්) Friday, 25 July 2014 12:17 PM
දරු සෙනහස නොහඳුනන සමහරුන්ට අපූරු ආදර්ශවත් දසුනක් (නි)
රජින්ද Friday, 25 July 2014 12:22 PM
මැයද තවත් එක් කිරිදෙන අම්මා කෙනෙකි. සසර පුරාවටම මෙවන් අම්මාවරු දරු දුකෙන් කදුළු සැලුවෝය. මතුවටද සලන්නෝය.... දුක නියතයකි, එය සියල්ලන්ටම එකසේ පොදුවේ. (නි)
අපොන්සු Sunday, 27 July 2014 12:39 AM
ප්‍රේමවතී මනම්පෙරිට පෙන්නපු නැති අපුරු කරුණාවක් මේ වඳුරු අම්මට පෙන්නපු එකනම් ඉතාම පින්. (නදී)