
(සුමිත් පොතුපිටිය)
දේවස්ථානයට ගොස් නිවසට යමින් සිටී 11 හැවිරිදි පාසල් සිසුවකු ලොරි රථයකට යටවී මියගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් මිහිරාජ් යූසුෆ් අලී නැමැති පාසල් සිසුවකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පාසල් සිසුවා පාපැදියෙන් මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට පාර මාරුවීමේදී ගාල්ල දෙසින් පැමිණි ලොරියට යටවී ඇති බව පොලිසිය කීය.
බරපතල තුවාල ලබා සිටි පාසල් සිසුවා කළුතර නාගොඩ සීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කීය.
2025 නොවැම්බර් මස 04
362
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2160
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දරුවා ලොරියට බිලි
කෞෂි Saturday, 08 November 2025 11:27 AM
දෙවි රැකවරණය?
BBC Saturday, 08 November 2025 01:09 PM
වාහන අයිතිකාරයින්ගෙන් අරාබි රටවල වගේ ලේ සල්ලි ගන්න කාලේ හරි වාහනෙන් යට කරලා, මිනිස්සු මරලා, කිසිම දඬුවමක් නැතිව එලියට යන එකම රට ලංකාව වෙන්න ඕනේ...
ගයියා Saturday, 08 November 2025 01:28 PM
දෙවියනි ඔබ කොහෙද?
ගුණරත්න Saturday, 08 November 2025 01:34 PM
කෞෂි නෝනා ඉස්ලාමික දරුවාට අපහාස කලේ මොකද? බුදුන්ගෙන් බණ අසා මිය ගිය ඡත්ත මානවක ගාථා හැමදාම පාසල ඇරිලා යන්න කලින් කියවන්න ඇතිනේ? සමහරවිට එක දන්නෙත් නැතිව ඇති මේ නිරාගමික ජවිපෙ කාලකන්නියන් නේ.
කෞෂි Saturday, 08 November 2025 02:23 PM
ආගමක් ඇදහීම හෝ නොඇදහීම, අදහස් ප්‍රකාශ කිරීමේ ව්‍යාවස්ථාපිත අයිතිය අනුල්ලංඝනීයයි. ගුණරත්න වගේ බයියන්ට ඕක තේරුම් ගන්න බැරි බව බයියෝ නොවන බොහෝ අය දන්නවා.
සන්වි Saturday, 08 November 2025 02:29 PM
ගුණරත්න, මේක ඇෆ්ගනිස්ථානය නොවේ.