IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දරුවෝ 17:මුණුපුරු මිනිපිරියෝ 100යි: අද අවසන් ගමන් යයි

(නිමල් ජයරත්න)

දරුවන් 17 දෙනකු මෙලොවට බිහි කළ උදාර මාතාවක් දිඹුලාගල මලියදේවපුර ප්‍රදේශයේ දී මිය ගියාය.

ඇය පොළොන්නරුව දිඹුලාගල  මලියදේවපුර ලිපිනයේ පදිංචිව සිටි දියණිවරුන් හත් දෙනකු සහ පුතුන් 10 දෙනකු වැදූ හැදූ ඇය එස්. පූමනි මාතාව වූවාය. 

පූමනි මාතාව දහතුන් වන වියේ දී විවාහ වී ඇති අතර ඇය බිහිකළ දරුවන් දාහත් දෙනාගෙන් තිදෙනකු මේ වන විට මියගොස් ඇත.

දිඹුලාගල පරණ මිල්ලානේ පදිංචිව සිටි ඊ.ඩී. විමලදාස මහතා සමග මීට වසර 75 කට පෙර පූමනි මහත්මිය විවාහ වී ඇති අතර 1990 වර්ෂයේ දී මියගියේය.

මෙම මාතාව දරුවන් දාහත් දෙනාම දිඹුලාගල පරණමිල්ලාන ගම්මානයේ නිවස තුළම බිහිකිරීම විශේෂත්වයක් වන අතර ඇය දීර්ඝ කාලයක් වින්නඹු මාතාවක ලෙස ද කටයුතු කළාය. එමෙන්ම ඇයට මුනුපුරු මිනිපිරියන් සිය දෙනෙකි.

ඇයගේ දරුවන් අත‍රින් කීප දෙනෙක් යුද හමුදාවේත්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේත්, මාර්ග සංවර්ධන අධිකාරියේත් සේවය කරයි. සෙසු දරුවෝ ගොවි ගෙවිලියෝ වෙති.

පූමනි මාතාව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනසේ  සඟරුවනගේ සිවුරු සෝදමින් කටයුතු කළ අතර බොහෝ විට රෝගී භික්ෂූන් වහන්සේලාට වෙදහෙදකම් ද කළාය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායිකාවක් වූ පූමනි මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (16) පස්වරුවේ සිදුකෙරුණු අතර එම අවස්ථාවට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාත්, පොලොන්නරුව ප්‍රදේශයෙන් භික්ෂූන් වහන්සේලාත්, දෙසීය නමකට ආසන්න පිරිසක් වැඩම කර ඇයට අවසන් ගෞරව දක්වා පාංශුකූල දී පැන්වැඩීම ද විශේෂත්වයක් විය.

මෙහිදී අනුශාසනාවක් කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පාලනාධිකාරි මහනුවර විචිත්‍රලංකාර නාහිමියන් සඳහන් කළේ පූමනි මාතාව සමස්ත ලංකාවටත්, ලෝකයටත්, පූර්වාදර්ශයක් දුන් වීර මාතාවක් බවත්, පොලොන්නරුවේ මෙන්ම දිඹුලාගල ඉතිහාසයේ වැඩිම දරුවන් පිරිසක් නිවස තුළ බිහි කළ පූමනි මාතාව පූජනීයත්වයට සහ ඉතිහාසගත වන මාතාවක් බවයි.

ඈත අතීතයේ කිසිදු පහසුකමක් නොමැති යුගයක මෙතරම් දරු පිරිසක් හදා වඩා අධ්‍යාපනය ලබා දී රටට යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීම වර්තමානයේ මවුවරුන්ට ලබාදෙන ආදර්ශයක් බව ද උන්වහන්සේ සිය අනුශාසනාවේ දී සඳහන් කළහ.

පූමනි මාතාවගේ දරු පවුලේ අටවැනියා වන හතළිස්පස් හැවිරිදි ඊ. ප්‍රියන්ති මහත්මිය පැවසුවේ තම මව දරු, දැරියන් දහහත් දෙනකු නිවස තුළ බිහි කරමින් විශාල කටුක ජීවිතයක් ගත කරමින් පළාතේ ගම් රැසකට අතීතයේ දිගු කලක් වින්නඹු මාතාවක ලෙස ද කටයුතු කර ඇති බවයි.



අදහස් (7)

දරුවෝ 17:මුණුපුරු මිනිපිරියෝ 100යි: අද අවසන් ගමන් යයි

sam Thursday, 17 August 2023 01:31 PM

ඒ් උදාර මාතාවට ණිවන් සුව ලැබෙවා.

:       2       174

Chaminda Thursday, 17 August 2023 02:19 PM

මොනතරම් ‌ෂේශ්ඨ මවක්ද....... ඇයි ඇය මිය යන තෙක් ම මාද්‍යට විවර නෙවූයෙ

:       2       45

chandima Thursday, 17 August 2023 02:25 PM

මලාට පස්සෙනෙ මතක් වෙන්නෙ. උපහාර ඩක්වන්න තිබුනෙ පනපිටින් ඉදිද්දි.

:       7       42

කිරිපුතා Thursday, 17 August 2023 03:03 PM

මෙවැනි හෙළ මාතාවන් අවශ්‍ය කාලයක් මේ. එතුමිය මතු භවයක ඉක්මනින්ම නිවන් අවබෝධයෙන් සැනහේවා.

:       2       99

Sunil Thursday, 17 August 2023 07:37 PM

නිවන් සුව ලැබේවා...

:       1       5

Channa Friday, 18 August 2023 10:32 AM

නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට උපහාර වේවා

:       2       6

Bunny Preena Friday, 18 August 2023 10:57 AM

බොහොම වාසනාවන්ත උදාර කාන්තාවක් .එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site