IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දරුවන් ලැබුණත් හදාගන්න පින නෑ

වසරක හා දින හතක් වයසැති තම දරු දෙදෙනා නීති විරෝධී ලෙස හදාවඩා ගැනීමට වෙනත් අයකුට දුන් බව කියන මවක සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 24 හැවිරිදි මව පවසා ඇත්තේ තමා දරුවන් නොවිකිණූ බවයි.



අදහස් (18)

දරුවන් ලැබුණත් හදාගන්න පින නෑ

අසේල Monday, 15 September 2014 01:53 AM

ඇත්තටම මොකද්ද මෙතන වැරැද්ද? තමුන්ට හදාගන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දුන්නාට මොකද්ද තියෙන වැරැද්ද? (නි)

:       0       0

චරිත Monday, 15 September 2014 02:17 AM

අසේල මෙතන තියෙන ප්‍රශ්නය දරුවෙකු හදා ගන්න කැමති කෙනෙකුට ඒ කාර්යය උභතෝ කෝටික ප්‍රශ්නයක් කරලා තිබෙන එක. ඉතින් දරුවෝ මහපාරේ, ලඳු කැලෑ වල, වැසිකිලි වලවල් වල , ගංගා වල. (නදී)

:       0       0

චමින්ද Sunday, 14 September 2014 07:21 AM

නිලධාරීන්ටත් මේවා තමයි මහා ලොකුවට පේන්නේ. ළමයින්ව මහමග දමා යන්නේ නැතුව, මරලා දාන්නේ නැතුව, කාට හරි හදා ගන්න මුදලට හෝ නැතුව හෝ දුන්නනේ. ඒ ටිකම මදිද. දුෂණ,වංචා ගැන නම් මෙතරම් උනන්දුවක් නැති එකටයි අපිට කනගාටු. (නදී)

:       0       0

සේන Sunday, 14 September 2014 07:40 AM

මේ ප්‍රශ්න දිහා පොලිසිය අනුකම්පාවෙන් බලන්න ඕනේ. ඒ වාගේම අපේ රට තුල දරුවෝ හදා වඩා ගැනීමට භාර කරන නීතිය මීට වැඩිය ලිහිල් කරන්න ඕනේ. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 07:47 AM

දරුවන්ව මෙහෙම කාට හරි හදා වඩා ගන්න දෙන එක පිනක් මරා දන්නේ නැතුව. බලදාරින් මේවට නීති මගින් කටයුතු කරලා සමතයකට පත් කරනවා ඇරෙන්න ඒ මිනිසුන්ව නඩු මගට බස්සන එක සුදුසු නැහැ. (නදී)

:       0       0

පතිරණ Sunday, 14 September 2014 07:56 AM

දරුවෝ හදාගන්න නීතිය අපේ රටේ හරිම තදයි කියලා මම අහල තියෙනවා. මම නම් කියන්නේ නීතිය ලිහිල් කරලා හදාගන්න ගත්ත දරුවා හොදින් බලාගන්නවාද කියල ළමාරක්ෂණ අධිකාරියට පුළුවන්නේ කාලෙන් කාලෙට සොයා බලන්න. එහෙම උනාම ළමය‍ෙ සමග සියදිවි නසා ගැනීම් මහ මග අත්හැර දැමීම් ආදිය අඩුකරගන්න පුළුවන්. (නදී)

:       0       0

කැලුම් Sunday, 14 September 2014 08:16 AM

චමින්ද ගේ අදහස නිවැරදියි. නීත්‍යනුකුලව දරුවන් හදා වඩා ගන්න හැකි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කලොත් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

අසෝකා Sunday, 14 September 2014 08:18 AM

හදා ගන්න බැරිනම් කාට හරි දුන්නම ඒ ළමයි කොතන හරි හොදින් හැදෙනවා. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 15 September 2014 05:22 AM

එතකොට මේ දරුවන් දෙන්නා තාත්තා නැති කිරි සප්පයෝ දෙන්නෙක්. සමහර විට නොදන්නා කමින් කළ දෙයක් නම් නීති මගින් එය ඉටු කර දීමට වගකිව යුත්තන් ක්‍රියා කළ යුතුය .(දිල්)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 14 September 2014 08:27 AM

පවුලේ ප්‍රශ්න නිසා අද අම්මා කෙනෙකුට දරුවන් පෝෂණ කිරීමට තරම් වත්කමක් නොමැති කමින් ගඟේ මුහුදේ පාකර සිය දිවී නසාගන්නවාට වඩා පුළුවන් කෙනෙකුට බාරදීමට අයිතියක් අම්මා කෙනෙකුට නැද්ද ? (නදී)

:       0       0

මංජුල Monday, 15 September 2014 05:51 AM

හැම දෙනාම වගේ මේ ගැටළුව දෙස සාධාරණ ඇසකින් බලලා අදහස් දාලා තියෙන්නේ. මමත් ඒ අදහස් වලට එකඟයි.අපේ රටේ හදාවඩා ගැනීමේ නීතිය මීට වඩා ලිහිල් කරලා මේ වගේ අසරණ භාවයට පත්වන දරුවන් දරුවන් නොමැති පවුල් වලට ලබාදීමටත් ඒ දරුවන් පිළිබඳ පසුවිපරමටත් සුදුසු යාන්ත්‍රණයක් සකස් කරන්නේ නම් මැනවි.ඒ තුළින් දරුවන් හදා ගැනීමට නොහැකිව අසරණ වෙන මාපියන් මෙන්ම දරුවන් නොමැති පවුල්වලටද යහපතක් වනු ඇත. වැදගත්ම කරුණ නම් ඒ දරුවන්ගේ අනාගතය යහපත් වීමයි. මේ සඳහා රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීම අනිවාර්යයි. (අ)

:       0       0

දර්ශන Sunday, 14 September 2014 09:16 AM

දරුවෙක් හදා ගැනීමට යාමේදී අත්‍යවශ්‍ය කාරනා හැරෙන්නට නිකන් කාලය නාස්ති කරමින් යන ක්‍රමවේදයක් තිබෙන්නේ. මෙන්න මේ නිසා අවංකව දරුවෙකු හදා වඩා ගැනීමට කැමති දරුවන් නැති කරුණාවන්ත අයට දැනට තිබෙන කල ගතවෙන ක්‍රමය එපා වෙනවා. මගේ මිතුරෙක් මේ අත් දැකීමට මුහුණ දුන්නා. දරුවෙක් හදා ගැනිල්ල එපා වෙන්න ඔන්න මෙන්න තිබියදී තමයි දරුවා ඔවුන්ට නීතියෙන් ලැබුනේ. (නදී)

:       0       0

වරුනි Sunday, 14 September 2014 09:37 AM

දරුවන් ලබා ගන්න ක්‍රම වේදය හරියට හදා ගන්න යන යුවලට අච්චු කරන්න වගේ තිබෙන නීතියක්. මේවා හොඳට සොයා බලා කල යුතු දේවල් බව ඇත්ත. නමුත් හදා ගන්න යන අයව පීඩනයට පත් කරමින් තිබෙන ක්‍රම වේදය තව දියුණු වුනොත් හොඳයි. දරුවා ගැන ඕන නම් පසු විපරමක් කල හැකි නේ. (නදී)

:       0       0

කාන්ති Sunday, 14 September 2014 09:44 AM

ලංකාවේ දරුවන් නැති ,එ්ත් අනුන්ගේ දරුවෙක් හරි හදා ගන්න කැමති කාරුණික යුවල වල් ඕන තරම් ඉන්නවා. ඒ වුනාට දරුවෙක් හදා ගන්න ඉල්ලුවාම අදාළ කාර්යාල ඒ කට්ටියව මඩවන හැටියට අන්තිමේ ඔවුන්ට එපා වෙනවා. මම දන්නා ලාංකික යුවලක් පිටරට සිට ඇවිත් ලංකාවේ දරුවෙක් හදා ගන්න හදලා ඒ අයට එපා වුනා. දැන් අන්තිමේ ඉන්දියානු දරුවෙක්ව හදා ගන්නවා. ඒ ළමයාට රජ සැප. අපේ රටේ දරුවෙකුට පිනක් තිබුනේ නැහැ. (නදී)

:       0       0

රුවන් Sunday, 14 September 2014 10:03 AM

දරුවන් හදාපල්ලා කියන සේනාව කෝ? (නදී)

:       0       0

චමින්ද Sunday, 14 September 2014 11:46 AM

රුවන්, මටත් ඉන්නවා දරුවෝ හමුදාවක්. කොල්ලෝ තුනයි, එක කෙල්ලයි. මම නම්, ඒ ගැන ආඩම්බර වෙන තාත්තා කෙනෙක්. (නදී)

:       0       0

ඇන්ටන් Sunday, 14 September 2014 12:28 PM

හොද ආර්ථික ශක්තියක් තිබෙනවානම් කිසිම අම්ම කෙනෙක් දරුවන්ව මෙහෙම දෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ආශ්චර්ය මේ වගේ දේ වලින් පැහැදිලි වෙනවා (නදී)

:       0       0

අරුණී එදිරිසිංහ. Tuesday, 20 October 2020 05:57 AM

මෙය කිසිසේත්ම වරදක් නොවන බවයි මගේ අදහස... දුවෙක් දරුකමට නීතිමය කටයුතු මගින් හදාගැනීමට සොයනවා. ඵ් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් කාරුණිකව අමතන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site