IMG-LOGO

දරුවන් නැති නංගිට අක්කා දුන් තෑග්ග

(විමුක්ති එස් රුද්‍රිගු)

දරු පල නොමැති තම බාල සොහොයුරියට බද්ධ කිරීම සඳහා වැඩිමහල් සොයුරිය ඇයගේ ගර්භාෂය පරිත්‍යාග කළ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබේ.

දරුවන් දෙදෙනකුගේ මවක් වීමට වාසනාව ලද 40 වියැති වැඩිමහල් සොයුරිය දරුවන් නොමැති තම 34 හැවිරිදි බල සොයුරියට මවක් වීම සඳහා අවස්ථා ලබා දීමට ඇයගේ ගර්භාෂය බාල සොයුරියට පරිත්‍යාග කර ඇත.

සොයුරියන් දෙදෙනාම විවාහකයන් වුවත් බාල සොයුරියගේ ගර්භාෂය දරු කළලයක්‌ දරා ගැනීමට අවශ්‍ය අයුරින් වර්ධනය නොවීම හේතුවෙන් ඇයට මවක් වීමට හැකියාව ලැබී නොමැත.

ඒ හේතුවෙන් වැඩිමහල් සොයුරිය පරිත්‍යාග කළ ගර්භාෂය පැය 9 විනාඩි 20 ක ශල්‍ය කර්මයකින් පසුව බාල සොයුරියට සාර්ථකව බද්ධ කිරීමට ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව ඇත.

මෙම ශල්‍ය කර්මය සඳහා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වී ඇති අතර සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා පැය 17 කට ආසන්න කාලයක් ගත වී ඇත.

මෙය එක්සත් රාජධානියේ ප්‍රථම ගර්භාෂය බද්ධ කිරීමේ ශල්‍ය කර්මයද වේ.ශල්‍ය කර්මය සිදුකළ කණ්ඩායමේ නායකයා වූ මහාචාර්ය රිචර්ඩ් ස්මිත් පවසා ඇත්තේ තමන් අවුරුදු 25 ක කාලයක් ගර්භාෂය බද්ධ කිරීම පිළිබඳව පර්යේෂණ සිදු කළ බවත් මෙම ශල්‍ය කර්මය සාර්ථක වීමත් සමඟ දරු පල නොමැති කාන්තාවන්ට අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙන බවත්ය.

 



අදහස් (3)

දරුවන් නැති නංගිට අක්කා දුන් තෑග්ග

පැරකුම් Thursday, 24 August 2023 11:48 AM

අති විශිෂ්ඨ ආදර්ශමත් ක්‍රියාවක් ලෙස අගය කරමු. කාර්ය මණ්ඩලය විශේෂයෛන් පැසසුමට ලක් කරමු. උත්සාහයේ ප්‍රතිඵල සාර්ථක වේවා.

:       1       26

Bunny Preena Thursday, 24 August 2023 01:42 PM

අවයව පරිත්‍යාග කිරෙමෙන් ලබන සතුටට වඩා තවත් ලොකු සතුටක් කොහෙද තියෙන්නේ

:       0       14

Shehan madhawa Thursday, 24 August 2023 10:29 PM

ඒක උතුම් ක්‍රියාවක්...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site