IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දරුවන් එළියෙ තබලා මව්පියෝ බූරු ගහලා

(නිමාලි කහවල)

පාසල් නිමවීමෙන් පසු තමන් සමඟින් ආ දරුවන්ගේ පොත් බෑග් නිවසින් පිටත තබා, දරුවන් මිදුලෙහි සෙල්ලම් කිරීමට යොමුකර නිවසක් ඇතුළත සූදු ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංගිරිය, රඹුක්කනගම නිවසක් තුළ පැවැත්වුණු මෙම සූදු පිටියේදී අත්අඩංගුවට පත් කතුන් රඹුක්කනගම සහ ඒ අවට පදිංචිකාරියන්ය.

පොලිසිය නිවස වැටළීමේදී ඔවුන් පළායාමට මෙන්ම සැඟවී  පොලිසියෙන් බේරීමට උත්සාහ ගත් බවත්, එසේ සැඟවීමට උත්සාහ ගත් එක් කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙට්ටයක් යට සැඟවී සිටියදී බවත් පොලිසිය පවසයි.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල්, සැරයන්වරුන් වන (34344)අමරසිංහ, (10534)අරුණ ශාන්ත, (42755)සුජීව සහ කොස්තාපල්වරුන් වන (96284)ගාමිණී, (12950)භාග්‍යා, (45625)ශ්‍රීමාල්, (79039)ලහිරු, (31571)මුණසිංහ ඇතුළු පිරිසක් විසින් අදාළ නිවස සිව් දිශාවෙන්ම වටළා මෙම මෙහෙයුම සිදුකර තිබේ.



අදහස් (1)

දරුවන් එළියෙ තබලා මව්පියෝ බූරු ගහලා

පිටිගල මිලානෝ Tuesday, 14 March 2023 12:18 PM

ළමයි ඉස්කෝලෙ දාලා සමහර අම්මලා ස්කූල් වෑන් අස්සෙයි රූම් අස්සෙයි කරන ඒවත්් එක්ක මේ සිද්ධිය ඉතාමත් සුළු දෙයක්නෙ…..

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site