(නිමන්ති රණසිංහ)
බාලවයස්කාර දරුවන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි ළමාරක්ෂණ අධිකාරිය අත්අඩංගුවට ගත් කඩවත රන්මුතුගල ප්‍රත්‍යාලංකාරාම විහාරයේ විහාරාධිපති ‘කැළණීයේ සුදම්ම’ හිමි රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද නියෝග කළේය.
සැකකාර හිමිනමගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය වින්දිත දරුවන් රැදී සිටින ළමා නිවාසයේ කිසිදු දරුවකුට බලපෑමක් නොකරන ලෙසටද සැකකාර හිමිනමට තරයේ අවවාද කළේය.
රන්මුතුගල ශ්‍රී විමලවංශ ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 14ක් සහ 17ක් වන දරුවන් දෙදෙනකුට මුදල් සහ ජංගම දුරකතන ආදිය ත්‍යාග ලෙස ලබා දෙමින් මෙම සැකකාර හිමිනම එම දරුවන්ට ලිංගික අතරව කර ඇති බවට ලද පැමිණීල්ලකට අනුව හිමිනම අත්අඩංගුවට ගත් බව ළමා රක්ෂණ අධිකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ පොලිස් සැරයන් 13275 ලක්ෂ්මන් නිලධාරියා දැනුම් දුන්නේය.
ළමා නිවාසයේ සිටින තවත් දරුවකු රාත්‍රී කාලයේදී එම ළමානිවාසයේ සිටි වින්දිත දරුවන්ව සැකකාර හිමිනමට ගෙනගොස් තැරැව්කර ඇත්තේ ළමා නිවාසයේ ජනේලයෙන් එළියට රැගෙනීමෙන් පසුව බව ද ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන්ට හදි කළ හිමිනමට ඇප
යෝගා Wednesday, 11 January 2023 08:25 PM
කැම්පස් ගිය හිමි නමක් වෙන්න ඇති...?
saman Wednesday, 11 January 2023 09:09 PM
දැන් මේවා පේන්නේ නැද්ද?
Rocky Thursday, 12 January 2023 06:49 AM
මේ කටයුතු බුද්ධහගමට අවමන් කිරීමක් නොවේද?මහා නායක හාමුදුරුවරු නිහඬව සිටින සේක
ravin Thursday, 12 January 2023 06:59 AM
ගරු අධිකරණයේ ස්වාධිපත්‍යට ගරුකරන අතරම ළමා අපචාරයන් කරන අයට නඩුව අවසන් වනතුරු අප ලබාදිය නොහැකි අයුරින් නීති රීති සැකසීමේ කාලය දැන් පැමිණ ඇත
විජේ Thursday, 12 January 2023 08:20 AM
සල්ගාදුලා හැමතැනම
Weerasumana Thursday, 12 January 2023 12:05 PM
ඔය කහ රෙද්ද පොරවගෙන ඒන සෙරටම පොඩි කොල්ලො පෙන්නන බැහැ හිරිර කරනව
fairoos Thursday, 12 January 2023 12:07 PM
ඇප දීල ආපහු එතනටම යවල තියන්නෙ..මෙ හිම නම කොහොමද ආපහු ආගම උගන්වන්නෙ? හරිනම් පුනරුතාපනය කරල තමයි ඇප දෙන්න ඔන
sharm warn Thursday, 12 January 2023 12:44 PM
ඉතින් තේරෙනවද පුනුරුත්තාපන නිවාස වලින් දරුවන්ට යහපතක් වෙනවද කියලා?ඇත්තම කිවුවොත් දැරිවියන් රඳවලා තියන තැන් වල තත්වය මීටත් අන්තයි