IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දරුවන්ට දෙන්න ගෙනා මත් ගුලි තොගයක් අල්ලයි

 

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිශ්පාදිත රටක්,දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති මත්වන බවට සැකකරන කුඩා බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳ වටලා කුඩා බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් 55 ක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි දරුවන් මෙම බෝල සහ ලොලොපොප් වලට ඇබ්බැහි වී ඇති බව මව්පියන් පිරිසක් කල දැනුම් දීමකට අනුව වැටලීම කර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සරික්කම්මුල්ල සහ නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

මෙම ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය කීය.

 



අදහස් (3)

දරුවන්ට දෙන්න ගෙනා මත් ගුලි තොගයක් අල්ලයි

Sl Tuesday, 29 November 2022 08:33 AM

රජය පාසල් දරුවන් මත් වෙළෙන්දන්ගෙන් බේරගන්න මේ වෙනකොට ගන්න ක්‍රියාමාර්ග මදි.මේ වගේ වෙළෙන්දන්ට මරණ දඬුවම දෙන්නම ඕනේ !!! මේ තත්වය දැන් බොහෝ කාලයක සිට තියෙනවා. හැම පාසලකම වගේ මතට ඇබ්බැහි වූ දරුවන් පිරිසක් හෙමිහිට බෝ වෙනවා. දැන්මම ක්රියාත්ම ක උනේ නැතිනම් ................අපිට මෙක්සිකොවක්, මල කඳන් ඇවිදිනවා වගේ තරුණ පරම්පරාවක් ඉක්මනින් දකින්න ලැබේවි. දැනටමත් පාසල් දරුවන් 18000 -25000ක් අතර මත ඇබ්බැහි වෙලා.

:       0       1

sharm warn Tuesday, 29 November 2022 11:40 AM

මත ද්‍රව්‍ය නොවෙන රස කැවිලි වුනත් ප්‍රමිතියක් නැති මේ වගේ දේවල් දරුවන්ට විකුනලා සල්ලි හම්බකරන්න තරම් පහත් මිනිස්සුන්ද දැන් මේ රටේ ඉන්නේ?

:       0       1

Anonymous Tuesday, 29 November 2022 03:04 PM

#මෙම ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය කීය.# වාර්තාව එන්න ඉස්සර මත්වන නිෂ්පාදන කියලා කියන එක වැරදියි . ඔය කියන විදිහට නිෂ්පාදන පානදුර විතරක් නෙවෙයි හැම තැනකම විකිණෙනවා. කිසිදු වාර්තාවක් නැතිව වරදකරු කියලා කියන එක, සැකපිට අත්අඩංගුවට ගන්න එකත් පොලිස්ය කරන නාටකයක්. මාත් ළමයි 4 දෙනෙක් ගේ තාත්තා කෙනෙක් ,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site