IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දරුවාට පහර දුන්නැයි සුළු පියා අත්අඩංගුවට

(ප්‍රේමතිලක පෙරමුණ සහ ඉන්දිකා රාමනායක) 

වයස අවුරුදු 09 ක පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස පහර දුන්නා යැයි සැකපිට දරුවාගේ සුළු පියා යැයි සැලකෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න  පොලිසිය පවසයි 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න ලිහිණියාව හලවල් කැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවද  දරුවාගේ මව විදේශගතව ඇති බවත්  පොලිසිය පවසයි

සැකකරු වෙත දරුවා බලා ගැනීමට බාරදි මව විදේශගතව ඇති බවත්, සැකකරු බීමත්ව පැමිණ දරුවාට ප්ලාස්ටික් බටේකින් වැනි දෙයකින් පහර දුන් බව මූලික පොලිස් පරීක්ෂණවලදී  අනාවරණය වී ඇත

පහර දීම් ඉවසාගත නොහැකි වූ දරුවා නිවසින් පිටව මහා මාර්ගය දිගේ ඇවිද යන අතරතුර පොලිසිය වෙත  ලැබුණු තොරතුරක් අනුව එම දරුවා පොලිසිය වෙත රැගෙන ආ බව  මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක දහනායක මහතා පැවසීය  

  තම සුළු පියා බීමතින් පැමිණ නිවසින් පිටවන ලෙස පවසා තමාට පහර දෙන බව ද , ඒ අවස්ථාවලදී  අසල්වාසී නිවෙස් වලට ගිය විට සැකකරු අසල්වාසීන්ට ද   බැන වදින බවත් , ඒ නිසා තමා වෙන කොහේ හරි යන බවත් දරුවා පැවසූ බව  පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය 

දරුවාගේ ශරීරයේ ස්ථාන කිහිපයක යම් කැලැල් කීපයක් තිබෙන බවත් ,අධිකරණ උපදෙස් ලැබීමෙන් පසු   දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි 

 

 



අදහස් (1)

දරුවාට පහර දුන්නැයි සුළු පියා අත්අඩංගුවට

Dharmatileke Tuesday, 19 September 2023 10:34 AM

සුළු පියාට ප්ලාස්ටික් බටයකින් ගහන්න .වේදනාව දැනෙන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site