IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුර්ලභම සතෙක් මැරේ

ආසියා සත්වෝද්‍යානයක මෙන්ම දෙහිවල ජාතික සත්වෝද්‍යාන 79 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට දෙසැම්බර් 14 දින උපත ලද අති දුර්ලබ කැලෑ අශ්ව පැටවකු වැස්සට තෙමී පිටගැස්ම වැළඳීමෙන් මිය ගියේය.

රතු දත්ත පොත අනුව අතිශයින් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින කැලෑ අශ්වයින් දැනට ලෝකයේ ඇත්තේ 800කට අඩු ප්‍රමාණයකි.

අශ්ව පැටියා වැස්සට තෙමිලා නිව්මෝනියාව හැදිල මිය ගිය බව සේවකයන් පැවසු බවද නමුත් මරණ පරීක්ෂාණ වාර්තාව පරීක්ෂා නොකර එසේ කිව නොහැකි බවත් සත්වෝද්‍යාන අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය කීවාය.

DSC_2452 WILD-03 wild-horse wild-horse01



අදහස් (0)

දුර්ලභම සතෙක් මැරේ

චමිල Tuesday, 06 January 2015 10:44 AM

පරීක්ෂණ නොකලට සත්තු එක්ක ගැවසෙන සේවකයෝ දන්නවා හොදින් සත්තු ගැන. (ර)

:       0       0

කමල් Tuesday, 06 January 2015 10:54 AM

තෙමෙන්න තිබ්බේ ඇයි.? (ර)

:       0       0

ලායිලා Tuesday, 06 January 2015 10:59 AM

සේවයේ අකාර්‍යක්ෂමතාවය පව්නෙ. (බ)

:       0       0

කුමාර Tuesday, 06 January 2015 11:34 AM

දුර්ලබ සතෙකුගේ වටිනාකම තේරුම් ගන්නේ නෑ කවුරුත්. (ර)

:       0       0

හේර Tuesday, 06 January 2015 11:35 AM

මොකද කැලේ ඉන්න අස්සවයෝ තෙමෙන්නේ නැද්ද.? (ර)

:       0       0

චාන් Tuesday, 06 January 2015 11:55 AM

මේක හරි වැඩක් නේ. කැලෑ අශ්වයෝ කැලෑවෙ ඉන්නකොට තෙමුණේ නෑද්ද? උන් දැන් පොෂ් වෙලාද.? (ර)

:       0       0

සේතන් Tuesday, 06 January 2015 12:30 PM

කැලේ ඉන්න සතුන් වගේ නෙමෙයි මේවායේ ඉන්නකොට සත්තු අවුවට වැස්සට හුරු නැතිවෙනවා. උන්ව හරියට බලාගන්න ඕනෑ. අනේ පවු! (නි)

:       0       0

ටී ජී ලියනගේ Wednesday, 07 January 2015 09:33 AM

සත්තු වත්තට ගියාම හිතට ඇතිවෙන්නේ දුකක්.ගොඩක් සත්තු දුකින් ඉන්නේ. ජීවිතාන්තය දක්වා පොඩි පොඩි කූඩු වල හිරවෙලා ඉන්න අහිංසක සත්තු දැකලා මනුසත්තු සතුටක් විඳින්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්. සමහර සතුන්ට කෑම වතුර ටික, ඉඩ පහසුකම් ප්‍රමාණවත් නැහැ. සහකරුවෙක් සහකාරියෙක් නැතුව, දරු හුරතලයක් බලන්න, මවක් පියෙක් වෙන්න උරුමයක් නැතුව, මුළු ජීවිතේම තනියෙම කූඩුවල ඉන්න සත්තු මොනතරම් දුකක් විඳිනවා ඇද්ද? (නි)

:       0       0

ශේන් Tuesday, 06 January 2015 12:36 PM

සත්තු වත්තක් බලන්න ගියාම කාටවත් දුක හිතුනේ නැද්ද කූඩු වෙලා ඉන්න අහිංසක සත්තු දැකලා (බ)

:       0       0

සරත් Tuesday, 06 January 2015 12:43 PM

මෙතනත් හරියට දුෂිත තැනක් සතුන්ට දෙන මස් ටිකත් ගෙදර ගෙනියන එවුන් ඉන්නේ , සතුන්ට බෙහෙත් නොකර වැඩ කරන එවුන් ඡන්දෙ වැඩ වලට යන්න ඇති (බ)

:       0       0

විජේරත්න බණ්ඩා Tuesday, 06 January 2015 12:51 PM

කුමාර ඔබ හරි. අශ්වයෝ කැලේ ඉන්නකොට තෙමෙනවද නැද්ද කියන එක නෙමෙයි ගැටළුව. කූඩු කරගෙන ඉන්න අහිංසක සතුන්ට අඩු තරමේ නිසි සැලකිල්ලක් දැක්වීම තමයි නේද යුතුකම? දෙහිවල සත්වෝද්‍යානය අපට තියෙන සම්පතක් ඒ වගේම එහි සිටින සතුන් ආරක්ෂා කිරීමත් වගකීමක් කියන එකයි මගේ අදහස. (බ)

:       0       0

ජයාත් Wednesday, 07 January 2015 10:00 AM

චන්ද්‍ර ඔබ 100% ක්ම හරි. මේක නිව්මෝනියාව වියයුතුයි. තෙමුනහම පෙනහළු ආසාදනය වෙලා නිව්මෝනියාව හැදෙන්න පුළුවන් නිසි ප්‍රථිකාර නොකළොත් (නි)

:       0       0

හිරු Tuesday, 06 January 2015 01:29 PM

සමහරවිට උන් සිටි රටවලට මෙතරම් වර්ෂාවක් නැතුව අැති. මතකනෙ පසුගිය දවස්වල වැස්ස? (නි)

:       0       0

තිලක් Tuesday, 06 January 2015 01:33 PM

මොවුන්ගේ නිජබිම් කාන්තාර දේශගුණයක් තිබෙන රටවල්. වැස්ස ඉතාමත් අඩුයි. (නි)

:       0       0

රොමේෂ් Tuesday, 06 January 2015 01:37 PM

සත්තු වත්තේ බලධාරීන්ගේ වගකීම තමයි සත්තු වත්තේ ඉන්න සතුන්ට අවශ්‍ය පාරිසරික වටපිටාව උපරිමය ලබාදී ආරක්ෂාකාරීව රැකබලා ගැනීම. ශ්‍රී ලංකාවේ වනාන්තර වලට වැටෙන වර්ෂාපතනය නෙමෙයි ඒ සතුන්ගේ ජන්ම භූමිවල තිබෙන වනාන්තර වලට වැටෙන්නේ.ඒවා ගොඩක් දන්නා අය තමයි සත්තු වත්තේ ලොකු කට්ටිය. එහෙත් අවාසනාව කියන්නේ අපරාදේ සත්තු මැරෙන එක. ඇනකොන්ඩා පැටවූ කීයක් මැරුණද? කළු රයිනෝ,හිපෝ... ලිස්ට් එක ගොඩක් ලොකුයි මහත්තයෝ. අහිංසක සතුන්ව හිරකරගෙන ඉන්නවා නම් ඒගොල්ලෝගැන මීට වඩා හොයලා බලන්න ඕනෑ (නි).

:       0       0

වීරසිංහ Tuesday, 06 January 2015 04:43 PM

අපරාදේ! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 06 January 2015 05:14 PM

කැලේ ඉන්න ඕනෑ සත්තු හිටියේ කුඩුවල. ඒ අය ආවරණ තුළ වැඩුනේ. කෑම බීම වුවත් කැලේ වගේ සොයාගෙන කෑමට බැහැ. මිනිසා විසින් දෙන දේවල් පමණයි කෑමට ගන්නේ. එම නිසා ඔවුන්ට වර්ෂාවෙන් තෙමීම එතරම් ඔරොත්තුදීමේ ශක්තියක් නැහැ. (නි)

:       0       0

නෙළුම් Tuesday, 06 January 2015 07:27 PM

හේතුව මොනවා වුණත් අහිංසක සතා පවු (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 06 January 2015 08:53 PM

වැස්සට තෙමුනහම පිටගැස්ම හැදෙනවද? මා නම් අසා තිබෙන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි කියන බැක්ටිරියාව ශරීරගත වූවිට පිටගැස්ම හැදෙන බවයි. (නි)

:       0       0

අනුර Wednesday, 07 January 2015 04:21 AM

මේ වගේ දුර්ලභ සතෙක් ගැන මීට වඩා අවධානයෙන් ඉන්න තිබුනා (නි)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 07 January 2015 04:34 AM

මේ වගේ සත්තු මීට කලිනුත් මියගියා. මේ වගේ තැන් වලට පත්වෙන්න ඕනෑ සත්ව කරුණාව තිබෙන අය. මේවාට බලධාරීන් වගකිවයුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 07 January 2015 04:52 AM

ඕස්ට්‍රේලියාවේ ඉන්න චන්ද්‍ර වීරසිංහත් දන්නා දේවල්? (නි)

:       0       0

නිශාධි Wednesday, 07 January 2015 05:02 AM

පවු අහිංසයා! (නි)

:       0       0

විමල් Wednesday, 07 January 2015 05:49 AM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

රෂේල් Wednesday, 07 January 2015 06:46 AM

සත්තු නිකන් මැරෙනකන් බලන් ඉන්නේ ඇයි.(හේ)

:       0       0

සංජය Wednesday, 07 January 2015 06:52 AM

දැන් සත්තු කොච්චර නම් මැරුණද .. එත් බලධාරීන්ට නම් කිසිම ගානක් නැහැ වගේ .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site