IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දැරියගේ පියා සාක්කි දෙයි

පස් හැවිරි දැරියට යමක් සිදුවී ඇතැයි ද, රෝහල් පරිපාලනයෙන් තමා බලා පොරොත්තු වන්නේ කුමක්දැයි කොළඹ නවලෝක රෝහලේ පරිපාලනය තමාගෙන් ඇසුවේයැයි ඉන්ජිනේරු ආර් එම් කේ රත්නායක මහතා (40) කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී සාක්කි දෙමින් කීවේය.

මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඉදිරියේ ඔහු සාක්කි දුන්නේ.

තමාත් බිරියත්, තමාගේ මාමාත් පෙබරවාරි පස්වැනිදා රෝහලේ සාකච්ඡාවට කැඳවා තුබූ බවත්, තමාට අවශ්‍ය තම දරුවා බවත් පැවසීයැයි ඔහු කීවේය.

නවලෝක රෝහලේ එම් ආර් අයි යන්ත්‍රයේ ඔක්සිජන් බටයක් පිපිරිමෙන් මිය ගිය පස් හැවිරිදි දැරියගේ මරණ පරීක්ෂණයේදී ඔහු සාක්කි දුන්නේය.

එම සාකච්ඡාවට සහභාගී වූ මාහාචාර්යවරයකු තමාට කියා සිටියේ මරණයේ වගකීම රෝහලට භාර ගත නොහැකි බවයි. වෛද්‍යවරුන් ඊට වගකිව යුතු බවත් ඔහු කී බව ද සාක්කිකරු සඳහන් කළේය.

‘පෙබරවාරි හය වැනිදා තවත් රැස්වීමක් පැවැත්වුණා. දරුවා වෙනුවෙන් රෝහල් කුමක් කරන්නේදැයි මා ඇසුවා. ඔවුන් කීවේ ඒ සිද්ධියට ඔවුන්ගේ සම්බන්ධයක් නැති බවයි. මට ඕනෑ දෙයක් කරගන්නැයි කිව්වා. මා උසාවි ගියත් උවුන්ට ප්‍රශ්නයක් නැතැයි කිව්වා. මාධ්‍යවලට කිව්වත් ප්‍රශ්නයක් නැතැයි කිව්වා. මා සැරපරුෂ ලෙස හැසිරෙන බව කියමින් ඔවුන් ඊළඟට කොම්පඤ්ඤවීදිය පොලීසිය කැඳෙව්වා. රාජකාරිමය සාකච්ඡාවක් සඳහා මා සිංගප්පූරුවේ සිට කොළඹට ආවා.

දුව වසර තුනක සිට හිටි ගමන් ගැස්මකට ලක් වුණා. එවැනි අවස්ථාවලදිත් ඇය කතා කළා. බත් කන බවත් කීවා. පෙබරවාරි දෙවැනිදා සව රෝහලට ගියා. ඇය දැඩිසත්කාර ඒකකයේ සිටියා. වයර් සහ ටියුබ් ඇගේ අඟේ තිබුණා. දොස්තරවරුන් හා හෙදියන්ගෙන් ඇසුවත් මට කිසිත් කීවේ නෑ. පැය 24ක් බලන්නැයි කීවා. දුවගේ ඇස් සෙලෝටේප්වලින් වසා තිබුණේ. නාසයෙන් හා කන්වලින් දියර ගලා ආවා. ඇඟ සීතල වී තිබුණා.

ඉන්පසු ඇය උණුසුම ලැබෙන යන්ත්‍රයකට සවි කළා. සිව්වැනි දිනයේදී ඇගේ නාසයට කුහුඹින් යනු දැක්කා. ඇගේ නියපොතු නිල්පාට වී තිබුණා.

රවීන්ද්‍රනාත් දාබරේ, ආර් සමරනායක, ජයන්ත ඩයස් නානායක්කාර මහත්වරු රත්නායක මහතා වෙනුවෙන් ද, ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා, චින්තක රන්කොත්ගේ, ආර් ජේ ද සිල්වා සහ දර්ශන වීරසේකර නවලෝක රෝහල වෙනුවෙන් පෙනී සිටියේය.

යලි විභාගය මාර්තා 27ට කල් තැබිණි.



අදහස් (0)

දැරියගේ පියා සාක්කි දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site