IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘දරදඬු නීතිය ඉවත් කරනු‘- කැෆේ

මෙරට ඉතිහාසයේ ඉතා බරපතල මර්දනකාරී පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රිය කිරීමට රජය වහාම පියවර ගත යුතු බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  මහතා පෙන්වා දෙන්නේ  මෙම පනත  පුද්ගල නිදහසට ඉතා තීරණාත්මක ලෙස බලපාන කාරණයක් බවයි.

රාජගිරියේ පැවති සිවිල් ක්‍රියාකාරිකයින් සඳහා වන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය. පසුගිය කාලය පුරා ජනමාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් රැසක්  මර්දනය  සඳහා මෙම පනත යොදා ගැනුණු බව තෙන්නකෝන් මහතා සඳහන් කළේය. විශේෂයෙන්  කාල සීමාවක් රහිතව පුද්ගලයින් රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනෙන බව ඔහු පෙන්වා දෙයි.මෙරට ත්‍රස්තවාදය පරාජය කොට වසර 6කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් මෙම පනත ක්‍රියාත්මක් වීම මෙරට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරිම සඳහා බාධාවක්  බව ඒ මහතාගේ අදහසයි.මෙම පනත අහෝසි කිරීමට හෝ බල රහිත කිරීමට වත්මන් රජය වහාම කටයුතු කළයුතු බව කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

 

 

 

 



අදහස් (0)

‘දරදඬු නීතිය ඉවත් කරනු‘- කැෆේ

ඉමේෂ් Wednesday, 26 August 2015 05:02 AM

වසර හයක් ගියාට තම අවි අයුධ රටේ තියෙනවා නේ.(ම)

:       0       0

ජි නන්දන Wednesday, 26 August 2015 05:45 AM

ත්‍රස්තවාදය පරාජය කොට වසර 6කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් ඔබට අමතකද වසර 30ක් යුද්ධයක් තිබු බව(නදී)

:       0       0

ප්‍රියංක Wednesday, 26 August 2015 05:52 AM

බළල්ලු මල්ලෙන් එලියට ටික ටික පනිනවා. (නදී)

:       0       0

නිරූපා Wednesday, 26 August 2015 06:25 AM

නන්දනලා වගේ මිනිස්සු කැමති පොලිස් රාජ්‍යවල ජීවත්වෙන්නද කොහෙද. රටක හැමදාම යුද්ධය කාලයේ දාපු නීති වලින් ගෙනියන්න බෑ. අපිට පව්නොදී උතුරු කොරියාව, කියුබාව වගේ ඒකාධිපති රටකට යන්ඩකෝ (නදී)

:       0       0

ඩෝසන් Wednesday, 26 August 2015 06:53 AM

ඔන්න කොල්ලනේ කෙල්ලනේ ඉතිහාසයේ එකවරක් වුනු දෙයක් නැවතත් සිදුවෙන්න දඟලනවා වගේ. (නදී)

:       0       0

සලිත ප්‍රසාද් Wednesday, 26 August 2015 06:58 AM

4 න් තුනට තවත් එකක් මගෙන්. පහෙන් හතරයි.(නදී)

:       0       0

කුමුදු කුමාර Wednesday, 26 August 2015 07:37 AM

ඔය පනත අයින් කරන්න කලින් එය අයින් කරන්න කියා යෝජනා ගේන අය ගැනත් හොදට හොයන්න වෙයි. මේ අය මේ එන්නෙ ඇත්තටම රටට අදරේටද දන්නේ නෑහැනේ නේද ? (නදී)

:       0       0

කුමාර Wednesday, 26 August 2015 07:42 AM

ගෙදර පිහියක් තිබ්බට වැරද්දක් නෑ නේද. පරෙස්සමට පාවිච්චි කරමු. එම න්‍යායම මෙයටත් අදාල වේ (ම)

:       0       0

විජයබාහු Wednesday, 26 August 2015 08:09 AM

ඔයිට වඩා ලේසි නැද්ද මහත්තයෝ එල් ටි ටි ඊ තහනම ඉවත් කරන්න කිව්වා නම් (අ)

:       0       0

ප්‍රියංග Wednesday, 26 August 2015 08:13 AM

නිරුපා . සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියල කියමනක් තියෙන්නේ ඔයාලා වගේ අය හන්දයි. (අ)

:       0       0

කණිෂ්කා Wednesday, 26 August 2015 08:17 AM

අවුලක් නෑ...ඕව මොකටද දැන් මෙහෙට...ඔක්කොම අයින් කරමු (අ)

:       0       0

මොහොමඩ් Wednesday, 26 August 2015 08:19 AM

මේ යෝජනාවා ගෙනා අය පිළිබදව සොයා බැලිය යුතුයි පළමුව මෙය හොද අදහසක් නෙමෙයි අනික තවම රටේ යුද බෝම්බ හම්බවෙනවා තැනින් තැන (අ)

:       0       0

නාමල් Wednesday, 26 August 2015 04:47 AM

ඒක ඇත්ත... පසුගිය ආණ්ඩුව මර්ධනයට යොදා ගත්තෙම මේ නීතිය (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site