ප්‍රවීණ රංගන ශිල්පියකුව සිටි දයා අල්විස් අභාවප්‍රාප්තවී තෙමසක් ගතවීම නිමිත්තේ ඒ මහතාට පින් පතා දානමය පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. ලන්ඩන් නුවර පදිංචි දයා අල්විස්ගේ දෙටුපුත් සපුමල් බණ්ඩාර විසින් සංවිධානය කළ තිබු පිංකම සඳහා ඔහුගේ හිතවතුන් පිරිසක්ම සහභාගී විය.
ලන්ඩන් විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් සමඟ විහාරවාසී මහා සංඝ රත්නය සමඟ නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිණි විහාරස්ථානය සහ තේම්ස් බෞද්ධ විහාරස්ථානයෙන්ද වැඩම කළ මහා සංඝරත්නය පිංකම සඳහා සහභාගී වුහ.
සීලවිමල නාහිමියන් අනුශාසනාව පවත්වමින් පැවසුවේ දයා අල්විස් මහතා ලන්ඩන් බෞද්ධ විහාරස්තානයට අමුත්තෙක් නොවන බවය. කලා කටයුතු සඳහා මෙන්ම පුතණුවන් සහ මුණුබුරු මිණිබිරියන් සමඟ විවේකයෙන් ගතකිරීම සඳහා ලන්ඩන් නුවරට නිතර පැමිණි ඔහු ඒ හැම අවස්ථාවකම ලන්ඩන් බෞද්ධ විහාරස්තානයට පැමිණීමටද අමතක නොකළ බවද ලන්ඩන් නුවරදී ඔහු සම්බන්ධවී නිෂ්පාදනය කෙරුණ ටෙලිනාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව ඒ සඳහා ආශිර්වාද ලබාගැනීම බලාපොරොත්තුවෙන් පින්කමක් පැවැත්වූ අතර එම ටෙලි නාට්‍යයේ දර්ශන කිහිපයක් විහාරස්ථානයේදී රූප ගත කිරීමටද කටයුතු කරනු ලැබූ බවද උන්වහන්සේ සිහිපත් කළේය.
දයා අල්විස් වේදිකාව, සිනමාව සහ රුපවාහිනිය තුළ විවිධ දක්ෂතා පෙන්නුම් කළ සුවිශේෂි කළාකරුවකු බවත් ඔහුගේ අකල් වියෝව එම ක්ෂේත්‍රයනට සිදුවූ බලවත් පාඩුවක් බවද උන්වහන්සේ පැවසුහ.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දයා අල්විස් තුන්මස් පිංකම
පහන් Wednesday, 29 July 2015 01:53 PM
දයා අල්විස් මහතාට නිවන්සුව ලැබේවා!!! ඔබගේ රංගනයන් අති තාත්විකයි (නි)
විජිත් Wednesday, 29 July 2015 10:24 AM
දයා අල්විස් මහතාණෙනි ඔබතුමාට නිවන් සුව අත්වේවා. (නදී)