කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් තිදෙනක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
දයාසිරි ජයසේකර මහතා පඩුවස්නුවරටත්, ධර්මසිරි දසනායක මහතා බිංගිරියටත්, ජයරත්න හේරත් මහතා පොල්ගහවෙලටත්, ලක්ෂ්මන් වෙඩරුව මහතා කුරුණෑගලටත් වන පරිදි ආසන සංවිධායකවරු ලෙස පත් වීම් ලැබුහ.
ගුණදාස දෙහිගම , අනුරාධ සම්පත් හේවගේ, එම්.එස්.එම් ෆාහිම් මහත්වරු නව දිස්ත්‍රික් සංවිධායක ධූරයන් සඳහා පත් වීම් ලබාගත්හ. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දයාසිරි පඬුවස්නුවරට, ධර්මසිරි බිංගිරියට
Ranjan Wednesday, 12 April 2017 12:43 AM
කරුණාකර පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වන්න. අපට ප්‍රදේශයට වැඩ කිරීමට නියෝජිතයින් ඕනේ.