IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දියණියන් දූෂණය කළාට වසර 700ක සිරදඬුවමක්

තම දියණියන් දෙදෙනා දුෂණය කළ මැලේසියානු ජාතිකයකුට එරට අධිකරණය වසර 702 ක සිර දඬුවමක් සහ කස පහරවල් 234 ක් ලබා දීමට නියම කළේය.

53 හැවිරිදි මෙම වරදකරු ඔහුගේ දියණියන් දෙදෙනා 2018 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ 30 වතාවක් දුෂණය කිරීමට වරද පිළිගෙන ඇත.

වරදකරුගේ දියණියන් දෙදෙනා 12 සහ 15 වයස්වල පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

වරදකුරු නිවාස දෙකකදී දියණියන් වරින්වර දුෂණය කර ඇති බවත් එක් දියණියක් දුෂණයට ලක්වීම හේතුවෙන් ගැබිනියක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

ලිහිල් දඬුවමක්‌ ලබා දෙන ලෙස සැකකරු ඉල්ලමින් ගොනු කළ අභියාචනය විභාගයට නොගෙන ඉවත දමිමින් එරට අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ලබා දිය හැකි උපරිම දඬුවම මෙවැනි වරදකට ලබා දිය යුතු බවත් වරදකරු ඔහු සිදුකළ වරද පිළිබඳ පසුතැවීමට ඉන් ඉඩක් ලැබෙන බවත්ය



අදහස් (4)

දියණියන් දූෂණය කළාට වසර 700ක සිරදඬුවමක්

මසිරිපාල Saturday, 19 August 2023 04:53 PM

ඒ රටේ ජනාධිපති සමාවක් නැතෙයි...

:       1       75

සෙනෙවිරත්න Saturday, 19 August 2023 04:58 PM

මෙහේ නම් ළමුන් ආච්චිල වෙනකොට තමයි උසාවි තීන්දුව ලැබෙන්නේ...

:       1       61

සරත් Saturday, 19 August 2023 06:26 PM

දැන්නම් ඒ තත්වය හුඟක් අවමයි සෙනෙවි... සාමාන්‍යයෙන් වසර 2 ක් ඇතුළත වගේ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කරලා තවත් වසරක පමණ කාලයකින් තීන්දුව දෙනවා බොහෝවිට... මම සේවය කළ අනුරාධපුර මහාධිකරණයේ විනිසුරුතුමියක් තමන්ගේ දියණියන් දෙදෙනාම දූෂණය කළ මේ වගේම මිනිහෙකුට වසර 140 ක සිර දඬුවම් නියම කළා. සිදුවීම වාර්තා වෙලා වසර 4 ක් ඇතුලත අවසන් වුනා.

:       5       17

Lalla Saturday, 19 August 2023 07:37 PM

ඒ නීති පද්ධතිය ලංකාවට ගේන්න බැරිද? අපේ අය නීති කඩකිරීම වීරත්වයක් වගේ පෙන්වනවා නේ...

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site