IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දියකාවා නැගෙනහිර යයි

විදේශ  රටවල හමුදා  සාමාජිකයන්ගේ  සහභාගිත්වයෙන් ත්‍රිවිධ හමුදාව විසින්  වාර්ෂිකව සංවිධානය කරන දියකාවා  යුද අභ්‍යාසය පස්වැනි  වරටත්  ලබන මස 3 වැනි  දින සිට 23 දින දක්වා  පුල්මුඩේ  සහ ආරුගම්බේ  ප්‍රදේශවල පැවැත්වෙන බව යුද හමුදා  වැඩබලන මාධ්‍ය  ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත්  ජයවීර  කියයි.

මෙම අභ්‍යාස සඳහා  මෙවර  ශ්‍රි  ලංකා  යුද හමුදාව නියෝජනය කරමින් කමාන්ඩෝ, විශේෂ බළකායේ සහ පාබල හමුදාවේ 2500 භටයන්  , නාවික  හමුදාවේ  245 දෙනෙකු ගුවන් හමුදාවේ  140 දෙනෙකු සහභාගි  වන බව ජයවීර  මහතා  පැවසුවේය.

මෙම පිරිසට  අමතරව ඇමරිකා  එක්සත්  ජනපදය,චීනය,ඉන්දියාව,බංගලිදේශය, නේපාලය,පාකිස්ථානය,මැලේසියාව යන රටවල්  නියෝජනය කරමින්  එම රටවලට  අයත්  හමුදා  සාමාජිකයන්  53 දෙනෙකු  සහභාගි  වීමට  නියමිතව ඇත.

රටේ  දිර්ඝ කාලයක්  පැවැති යුද්ධය  හේතුවෙන්  ඇති වු  තර්ජන පාදක කරගෙන මෙම අභ්‍යාසයේ  තේමාව නිර්මාණය කරගෙන ඇති  අතර  නිර්මාණය කරගත්  වාතාවරණයක්  තුළ යුද අභ්‍යාස, ගොඩබිම් මෙහෙයුම්, සහ ක්‍රියාන්විත පැවැත්වන බවද හමුදා  ප්‍රකාශකවරයා  සඳහන් කළේය. 



අදහස් (0)

දියකාවා නැගෙනහිර යයි

නාමල් Friday, 28 August 2015 05:03 AM

පියලාල්ගේ කතාවේම තියෙන්නේ මෝඩ ජාතිවාදය. සිංහලයත් ලංකාවට සංක්‍රමනය වුනේ උතුරු ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් නෙමේ කොහෙන් ආවත් දැන් ලංකවේ පුරවැසියෙක් නම් ඔහුට සමාන අයිතිවාසිකම් තියෙනවා (නදී)

:       0       0

රවි Thursday, 27 August 2015 02:38 PM

රටක අභිමානය පවතින්න ත්‍රිවිධ හමුදාවක් අවශ්‍යයි , උතුරු කොරියාවට රටවල් බලපෑම් නොකරන්න ඒ රටේ හමුදාව එක හේතුවක් . (අ)

:       0       0

විජිත ලියනගේ Thursday, 27 August 2015 02:43 PM

මම දන්නවා අපිට මිලියන බාගයක් නෑ ඒත් අපි වගේ ආරක්ෂිත රටකට ඒක ප්‍රශ්නයක් නෑ (බ)

:       0       0

විජේබාහු Thursday, 27 August 2015 03:06 PM

යුද්දේ නැති රටක් කියන්නේ යුද්දේ නැවත නොඑනවා කියන එක නෙවෙයි ...දැන් නැත්තම් ඔක්කොටම කලින් රටක පැවැත්ම ....අධ්‍යයනය කරන්ට (බ)

:       0       0

නාමල් Thursday, 27 August 2015 03:26 PM

උතුරු කොරියාව කියන්නේ ඒකාධිපති උම්මන්තකයෙක් පාලනය කරන රටක්...(බ)

:       0       0

නාමල් Thursday, 27 August 2015 03:54 PM

විජේබාහු යුද්ධයක් එයි කියල හමුදාව රැස් කරගෙන ඉන්න එක නෙමේ කළ යුත්තේ... යුද්ධයක් නො එන තැනකට ජාතීන් අතර සමගිය වර්ධනය කරන එක... අවුරුදු 30 තිබ්බෙත් පිටරටකින් ආපු හමුදාවක් එක්ක කල යුද්ධයක් නෙමේනෙ, අපේම සොහෝදර ජනතාවක් තමන්ට වෙච්ච අසාධාරනකම් දරාගන්න බැරිව ඇතිවුණු ගැටුමක්නෙ (අ)

:       0       0

ටිකිරි Thursday, 27 August 2015 05:06 PM

2015 වෙද්දී අන්තවාදීන්ගේ යුද්ධයක් එනවා ඔන්න....තිලිනි මහත්මිය.....(බ)

:       0       0

පියලාල් Thursday, 27 August 2015 05:35 PM

නාමල් ඉතිහාසය නොදත් කළු සුද්දෙක් වගෙයි.අපි කියුවේ නැති වුනාට ඉන්දියාවෙන් ඇවිත් අසාධාරණ අයිතිවාසිකම් උදෙසා යුද්ධ කරපු හැටි ඉතිහාසයේ සඳහන් වෙනවා.(නදී)

:       0       0

උද්දික Thursday, 27 August 2015 06:28 PM

අපේ රටේ මහා ජාතිය තරම් ඉවසන ජාතියක් තව ලොවෙත් නැහැ. නමුත් හමුදාව කියන්නේ රටේ සම්පතක්. එය රටේ දියුණුවට වගේම ආරක්ෂාව උපරිමයෙන් තියෙන විදියට යොදා ගත යුතු බව මගේ හැගීමයි. අනික ඊලාම් යුද්දේ ඇති වුනේ උන්මත්තකයෙක් නිසා සහ බල ලෝබී දෙමල දෙශපාලකයන් නිසා වුන දෙයක්. (බ)

:       0       0

රත්න Friday, 28 August 2015 10:03 AM

හමුදාවට පුහුණු අවශ්‍යයි. රටක ආරක්ෂාව රැකවරණය සලසන්නේ ත්‍රිවිද හමුදාව. ඒ අයට වියදම් කරන්න ඕනෑ ඒවා අරාධනා නොවෙයි.ගෙදර තියෙන දේව පිලිමට සලකන විදිහට හමුදාවට සලකන්න එපා විපත්තියක ගෙදරට ආවම දේව පිළිමට උදේ හවා වදිනවලු.(ම)

:       0       0

කුමාර Tuesday, 15 September 2015 11:24 AM

ගොඩක් හොඳ වැඩක් කියලා මට හැ‍ඟෙනවා (නි)

:       0       0

තිළිණි Thursday, 27 August 2015 12:19 PM

දැන් රටේ යුද්ධයක් නැති එකේ මේවා මොකටද? මේවාට යන මුදල් රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවලට යෙදවූවානම් මීට වඩා හොදයි...(බ)

:       0       0

නුවන් Thursday, 27 August 2015 12:21 PM

දැනට ලංකාවේ ලක්ෂ 5 පමණ ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා.. රටේ ජනතාවගේ බදුමුදලින් මෙතරම් විශාල හමුදාවක් නඩත්තු කරන්න අවශ්‍යද? ලංකාවට මෙතරම් හමුදාවක් අවශ්‍ය නෑ.. හමුදාව දැන් පවතින ප්‍රමාණයෙන් 75% දක්වා අඩු කරලා ඒ තරුන තරුනියන්ව රටට විදේශ විනිමය උපදවාගත හැකි ආකාරයේ කර්මාන්ත සදහා යොදාගන්න, ඔවුන්ට ඒ සදහා පුහුනුව හා පහසුකම් ලබාදෙන්න....(බ)

:       0       0

ජානක Friday, 28 August 2015 03:03 AM

දැනටමත් සංවර්දනයට දායක වෙනවා තමයි. යුද්දයක් ඇතිවෙනවා කියලා කාටද කියන්න පුළුවන්. (නදී)

:       0       0

Farzan Samman Thursday, 27 August 2015 12:46 PM

තිලිණි, යුද්ධයක් නෑ කියලා හමුදාව නිකං ඉදලා හදිස්සි යුද්ධයක් අැති වුණොත් මුහුණ දෙන්නේ කොහොමද. (අ)

:       0       0

විජේරත්න Friday, 28 August 2015 03:29 AM

රටකට හමුදාව අවශ්‍යයි. ප්‍රමාණය කිසිලෙසකින් අඩු කළ යුතු නෑ. ඒ වගේම කොච්චර මුදල් වැය වුනත් මෙවැනි යුද අභ්‍යාස කළ යුතුයි. එය අවශ්‍ය දෙයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site