IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දඹ රනුත් නෑ සඳකඩ පහණත් නෑ

කැබිතිගොල්ලෑව  හේරත්හල්ම්ල්ලෑව  පුරාණ රජමහා විහාරයේ  පුරසද සදකඩ පහණ කැබැලි වලට කඩා  හිකුරක්ගොඩ කුමාරගම  ළිදක දමා තිබියදි සොයා ගත් බව  අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

 දඹරන් කිලෝ  තිස්පහක් මෙම සඳකඩ පහනේ ඇතැයි පැවති කටකතාවන් එය පැහැරගෙන ගිය පිරිසට එහි රත්තරන් මායමක්වත් සොයාගත නොහැකි වු බව පොලිසිය කියයි.

 හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙක්,පොලිස් රථ වාහන කොස්තාපත්වරයකු,සිවිල් ආරක්ෂ බළකා සෙබළෙක් , සාමාන්‍ය වැසියෝ සිව් දෙනකු සැක පිට අත්අඩංගුවට ගනු ලැබිණි.

 යුද හමුදා ඇදුම් ආම්පන්න තොගයක්ද සොයා  ගෙන ඇත. සැකකරුවන්ගෙන් පස් දෙනකුම හිකුරක්ගොඩ පදිංචි කරුවෝය. තිත්තගෝනෑව හේරත් හල්මිල්ලෑවේ හා  තම්මැන්නාවේ  සිව් දෙනකුද එහි වෙති.

 පුනරින් හමුදා කදවුරේ සෙබළුන් තිදෙනකු මාස  තුනකට පෙර සොරකමේ සැලැස්ම සාකච්ඡා කැර ඇතැයි කියති.

 පොලිස් පරීක්ෂක ආර් එන් අයි ජී රත්නායක මහතා පරීක්ෂණ මෙහෙයවයි.

 

 

 



අදහස් (0)

දඹ රනුත් නෑ සඳකඩ පහණත් නෑ

සමන් Thursday, 13 June 2013 10:54 PM

මේවා කව්රුත් කැමතියි අර කට්ටියගේ ගිණුමට බැර කරන්න.(නදී)

:       0       0

විමල් Thursday, 13 June 2013 03:40 PM

අපේ මිනිස්සු අතර මතයක් තිබෙනවා කළුගල් උණු කරන බෙහෙත් තියෙනවා කියලා. මේ මතය නැති කරන්න ඕනෑ (නි)

:       0       0

ජ.හේරත් Thursday, 13 June 2013 03:42 PM

අනේ මේත් බෞද්ධයෝද ? පරෙස්සමින් ඉන්න වෙයි. මේවට ගෙවන්න වෙන්නේ ඔයාලට විතරක් නෙවෙයි, පවුල් වල අයටත් එක්කමයි (නි)

:       0       0

ලුම්බිණි Thursday, 13 June 2013 03:46 PM

මම හිතනවා විශ්ව විද්‍යාල සිසුන්ට වගේ රටේ හැමෝටම හමුදා පුහුණුව දිය යුතුයි කියා. මේ වගේ නිදන් හාරන වැඩ බොහොමයකම හමුදා පොලිස් අය ඉන්න බවක් තමයි වාර්තා වලින් පෙනෙන්නේ (නි)

:       0       0

නිලූ Thursday, 13 June 2013 04:10 PM

ඇත්ත, අලින් ලවා පෑගවීම තමා හොද. පුරා වස්තුන් සොරකම් කර කඩා බිද දමන පැරණි උරුමයන් වන නටඹුන් විනාශ කරන අයට එවන් දඩුවමක් තමා සුදුසු.(නදී)

:       0       0

උපාලි Friday, 14 June 2013 12:01 AM

චන්දී, පුරාණ දේට අදාළ වැරදිවලට පුරාණ ක්‍රමයේ දඬුවමක් නේද හොඳ? දයා අලහකෝන්ගේ ක්‍රමය නම් නරක නැහැ. හැබැයි අපි මොනවා කිව්වත් මේ මහා 'බෞද්ධ" රටේ එහෙම පවු වැඩ කෙරෙන්නේ නැහැ. (නි)

:       0       0

නීල්-රානා Thursday, 13 June 2013 04:15 PM

මෙතන තියෙන්නේ නිකන් ගල් කෑලි ටිකක්නේ. සඳකඩ පහනක කොටස් ලෙස පෙනෙන කිසිවක් මෙහි නැහැ. ඔරිජිනල් එක ලොක්කගේ ගෙදර වෙන්න ඇති.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 13 June 2013 12:10 PM

මේවාට කව්රුත් ගිනි තියා ගන්නේ නැද්ද ? (අ)

:       0       0

අමිල කටුනායක Thursday, 13 June 2013 12:12 PM

මෙවන් මිනිසුන් රටට බරකි (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 13 June 2013 04:58 PM

ආයේ නොකරන්න රජ කාළේ දඩූවම් දිය යූතූයි. (අ)

:       0       0

නීල් Thursday, 13 June 2013 12:16 PM

මේක පිටුපස ඉන්න මොලකරයොත් ඇල්ලුවා නම් තමයි වැඩේ ඉතාමත්ම හොඳ. (නි)

:       0       0

උපාලි Thursday, 13 June 2013 12:16 PM

අපේ පුරාවස්තු නීති ඉතාම පැරණියි මං හිතන්නේ. ජාතික වස්තුන් සොරකම් කිරීමට මරණීය දණ්ඩනය පැනවිය හැකි පරිදි නීතිය සංශෝධනය කළයුතුයි. එල්ලා මැරීමට දුක හිතෙනවා නම් අලින් ලවා පෑගවීම වැනි පුරාණ ක්‍රමයක් පුරාවස්තු වැරදිවලට යොදාගත හැකියි. (නි)

:       0       0

ටෙෂාන් Thursday, 13 June 2013 12:23 PM

ප්‍රසිද්ධියේ උල තියන්න ඕනෑ අපේ රටේ ජාතික වස්තු මේ වගේ විනාස කරන අයව (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 13 June 2013 12:41 PM

උපාලි, අලින් ලවා පෑගවීමත් දුක වැඩි නම් හිටුවා පස් ගැසීමත් හොදයි නේද? (නි)

:       0       0

ගයා Thursday, 13 June 2013 12:46 PM

හොයා ගෙන ගියොත් ලොකු ලොක්කෙක් තමා උල තියන්න වෙන්නේ. (නි)

:       0       0

ජෙෆ් Thursday, 13 June 2013 01:00 PM

දයා අලහකෝන්,ඔබ යෝජනා කරන දඩුවම ඉතා කාලෝචිතයි. හේතුව හිටවා පස්ගසා තිබුනම අනාගත පරපුරටත් දැක ගන්න පුළුවන් පුරාවස්තු විනාශ කරන උදවියට දුන් දඩුවම. (නි)

:       0       0

කලුපහන Thursday, 13 June 2013 01:03 PM

ගල් කැලි ඇලෙව්වානම් හරිනේ.(නදී)

:       0       0

චානුක රණවීර Thursday, 13 June 2013 01:06 PM

රජ කාලේ විදියට උල තියන්න ඕනෑ (නි)

:       0       0

චන්දි Thursday, 13 June 2013 01:11 PM

උපාලි,මෙහෙම කරොත් නරකද, පැට්‍රල් දාල එයාලට ගිනිපෙට්ටිය දෙමු ගිනිතියා ගන්න කියලා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 13 June 2013 01:11 PM

ජෙප්, ඔබ අදහස් කල හැටි වැරදියි. හිටුවා පස් ගැසීම කියන්නේ පොලොවේ වලක් හාරලා වැරදි කල අය වලට දමලා බෙල්ල ලගට එනතුරු පස් දානාවා. එවිට ඔලුවේ කොටස පොලොවෙන් උඩ. ඊ ලගට හොදට හරක් බානක් දමලා හොද යකඩ නගුලකින් හිස ගැලවිලා යන්න හානවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 13 June 2013 01:19 PM

ගහටත් නැහැ බඩටත් නැහැ. දිගටම ආරක්ෂක අංශවල ක්‍රියාකාරකම් වැඩි වෙනවා. මේව බය නැතුව කරන්නෙ පිටිපස්සෙ වෙන අය ඉන්න හින්දා (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 13 June 2013 01:29 PM

දැන් කාලේ සිදුවන දේවල් අනුව හොරා පෙනෙන්න හිටියත් සැක කරන්නේ පොලිසිය. හොරුන්ට, කුලියට මිනී මරන්නන්ට ටිකක් නිදහසේ ඉන්න පුළුවන්. (නි)

:       0       0

අමාලි සිල්වා Thursday, 13 June 2013 01:53 PM

ජාතික උරුමයන් සහ අපේ පැරණි නටඹුන් විනාශ කරන්නේ රුපියල් සත හොයන්න. මේ වගේ ජාති ද්‍රෝහී මිනිසුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. පුජනිය ස්ථානයක්වත් බේර ගන්න බැරි කාලයක්.මේවා කළේ කවුරු වුනත් අල්ලලා නිතිය ඉදිරියට ගෙන දී දඬුවම් කරන්න (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 13 June 2013 01:56 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද මේ අමාරුව ? (නි)

:       0       0

දමිත් Thursday, 13 June 2013 02:03 PM

සිංහල බෞද්ධ කියන අයම මේවා වනසද්දී කොහොමද අපේ ජාතිය රැකෙන්නේ? ආගම රැකෙන්නේ? (නි)

:       0       0

සදුනි Thursday, 13 June 2013 02:11 PM

කළුගල් ඇතුලේ කොහෙන්ද මෝඩයිනේ රත්තරන්..???මෝඩකමට ජාතික වස්තු වනසනවා (අ)

:       0       0

නිරන්ජන් Friday, 14 June 2013 09:06 AM

රිස්වාන්, මෙහේ කවුරුත් නැහැ. ඔයාම ගිනිතියා ගන්න (නි)

:       0       0

කුමාර Friday, 14 June 2013 09:53 AM

අනාගත උරුමය විනාශ කරන මේ වගේ නරුමයන් ට මරණීය දඩුවම දෙන්න පුළුවන් විදියට නීති සැදිය යුතුය. මහජන මුදල් වලින් කන්න දිදී සිර දඩුවම් දෙනවට වැඩියඑවන් දෙයක් කිරීමට නීති හැදීම සමස්ත සමාජයට ම කෙරන සේවයකි. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 13 June 2013 02:39 PM

උදාර රණවිරුවන්ගේ නමත් කනවා මේ අය.(නදී)

:       0       0

සරත් ඩු Thursday, 13 June 2013 09:01 PM

කැලා නීතියක් ක්‍රියාත්මක වන රටක අපරාද වැඩිවෙනවා මිසක කොහොම අඩුවෙන්නද? අහන්න ලැබෙන නිව්ස් වලින් සියට 99ක් ම රට පාලනය කරන දේශපාලකයන් හෝ පොලිසියේ, හමුදාවේ, රාජ්‍ය නිලධාරින්ගෙන් ඕක තමා දැන් ආස්චර්යට යන ගමනේ ප්‍රතිපලය.(නදී)

:       0       0

කුමාර Friday, 14 June 2013 10:08 AM

ඉස්සර නම් හමුදාවට, පොලිසියට බඳවාගන්න කලින් ඒ පුද්ගලයාගේ සම්පුර්ණ වගතුග හොයලා බලලා අරන් තියෙන්නේ. මේ කියන්නේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ පුද්ගලයෙකු ගේ පවුලේ අයකුව උසාවියෙන් දඩුවම් කරලා තිබුනොත් ඒ පවුලේ අයකුට හමුදා පොලිස් සේවයට යන්න විදියක් නැහැ. පහු වෙනකොට දේශපාලන හිතවත්කම් පුද්ගලික ඇදුනුම්කම මත ගන්න විදියට කරුණු සිද්දවෙලා. අද හමුදාවේ නමත් කැත කරන අය හමුදාවේ ඉන්න හින්දා තමා මේ පුරාවස්තු කොල්ලයට වරින් වර ඒ අය හවුල් වෙන්නේ (නි)

:       0       0

සෙනරත් Thursday, 13 June 2013 09:28 PM

රටේ උරුමය රැක ගන්න මොලයක් නැති මේ අය පව්කාරයෝ.(නදී)

:       0       0

සංජීව Thursday, 13 June 2013 03:00 PM

අනේ මෝඩයෝ ටික , හමුදාවේ නමත් විනාශ කරනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site