IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දඹුල්ල හෙදියක හොරෙන් රට ගිහින්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරී හෙද පරිපාලනයට ඇඟිලි ගසතියි කියමින් හෙද හෙදියෝ අද (22)දෙපැයක සංකේත වැඩවර්ජනයක කළහ. ලබන සඳුදා සිට වර්ජනයක් අරඹන බව ඔවුහු කියති. වෛද්‍ය අධිකාරී දොස්තර ප්‍රියන්ත තෙන්නකෝන් පවසනුයේ හෙදියක අනවසරයෙන් එතෙර ගොස් ඇති බවත් මාස හයක්ම වැටුප් ද ලබාගෙන ඇති බවත් එය හෙළිවීමෙන් පසු ඒ ගැන ක්‍රියාකිරිම මේ විරෝධයට හේතුව බවයි. තමා රෝහලේ අධිකාරී බැවින් හෙදියන්ගේ රෝහල් කටයුතු ගැන සෙවීමට නීතියෙන් ඉඩ ඇතැයි වෛද්‍ය අධිකාරි කියයි.



අදහස් (0)

දඹුල්ල හෙදියක හොරෙන් රට ගිහින්

මර්සි ලංකා Saturday, 22 June 2013 05:13 PM

දෙන් හෙම එකටම වර්ජන උද්ඝෝෂණ . බංකොලොත් දේශපාලුවන් පිටු පස සිට ලංකාව අස්තවර කිරීම අරමුණ .හෙදියන් කරන ඕනෙම දෙයක් බලධරින් ඇස කට වසා බලා සිටිය යුතුය කියල මේ වර්ජනය (අ)

:       0       0

සරෝජ් Wednesday, 26 June 2013 12:33 AM

සරත් ඔය රන්ජනී ලන්ඩන් කියන්නේ වයසක ගැහැණු කෙනෙක්. ඉස්සර පවුල් සංවිධානයේ වැඩ කරපු කෙනෙක්. දැන් සුද්දෙක්ද කොහෙද බැදලා ඔය ලංඩන් ගිහින් ඉන්නේ.(නදී)

:       0       0

සමීර Saturday, 22 June 2013 05:13 PM

ඔය වයසක හෙදියන්ට ලෙඩ්ඩු ගැන කිසි අනුකම්පාවක් නෑ. (අ)

:       0       0

ශ්‍යායාම Sunday, 23 June 2013 08:13 AM

කිවයුතු තව දෙයක් තියෙනවා, හෙදියනි, අසාධාරණයට එරෙහිව ක්‍රියා කළ යුත්තේ නීති මගින් මිසක් අහිංසක ලෙඩුන්ට දඬුවම් කිරීමෙන් නොවේ. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 23 June 2013 08:22 AM

ලංකාවේ හෙද සේවය හරියන්න නම් දේශපාලකයන් බය කරගෙන ඉන්න මිනිහ නෙවත අගමනුකුලව මහන කරන්න ඕන.එතකොට ලංකාවේ සෞඛ්‍යට හොඳ කලක් යනවා. (අ)

:       0       0

ලසන්ත Saturday, 22 June 2013 05:31 PM

ඒ කේ 47 වෙඩි තියන්න මේ අසාදාරන වැඩවර්ජන කරන අයට.(අ)

:       0       0

ජයන්ත Saturday, 22 June 2013 05:40 PM

මේ හෙදියන්ගේ ඇදුම් කවදාවත් කිළුටු හෝ පොඩිවෙලා තියෙන්නේ නැහ. ලංකාවේ හෙදියෝ හෙදියන්ගේ වැඩ නොකර දොස්තරරගේ වැඩේ කරන්න යනවා. ඒගොල්ලෝ ඉන්නේ බෙහෙත් දේන්නයි (අ)

:       0       0

සරත් Saturday, 22 June 2013 05:48 PM

එතකොට මෙයාලත් මේ ඉල්ලන්නේ එයාලටත් හොර වෙඩ කරන්න දෙන්න කියලද?එහෙම නැත්නම් එකට සහයෝගයටද? හොඳ පොඉන්ට් ( එකේ මෙයාල නැවතිලා ඉන්නේ! කොහොමනමුත් නිලාදුම් නැතිකොට මෙයාලත් හොද ඇම්බුලන්ස් තමා! (අ)

:       0       0

කුමාරි Saturday, 22 June 2013 05:53 PM

මවින් සිල්වා අසරණ මිනිස්සුන්ට චන්ඩි පාර්ට් දානවා පොර ටෝක් දානවා. පට්ට ආශ්චර්යය. වෛද්‍ය අධිකාරීතුමාට දෙයියන්ගේම පිහිටද? (අ)

:       0       0

ජනක Saturday, 22 June 2013 06:03 PM

හෙද්යෝ සදරන්යි? අසදරණය තියෙන්නේ ලෙඩ්ඩුන්ට. ඇමති කරමු. එතකොට ප්‍රශ්න දෙකක් විසදෙනවා. (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 23 June 2013 09:47 AM

ලිලිත්, ඔබ කියන දේම තමා මමත් කියන්නේ.ෂ්‍යාම ඔයා හරි. එංගලන්තේම ඉන්නවා සැහෙන ගානක්.සුද්දෙක්,සුද්දියක් විවහකරගන හරි ඉන්නම තමා බලන්නේ. කොහොම හිටියත් තුන් වෙනි පන්තියේ සැලකිල්ල තමා.වැඩිදුර ඉගෙනගෙන ගිහින් උපන් රටට සේවය කරනවානම් තමන්ගේ අම්මට සලකනවා හා සමාන දෙයක්. වෛද්‍ය අදිකරීතුමාගේ සේවයට අපේ ප්‍රණාමය! (අ)

:       0       0

හර්ෂණ පෙරේරා Saturday, 22 June 2013 06:36 PM

හොරට පඩි ගත්තේ එක හොයනකොට හිතෙට අමාරු ඇති (අ)

:       0       0

නීලා Sunday, 23 June 2013 09:50 AM

යුරෝපේ මිනිසුන් නිරුවතින් ඉන්දැද්දී කුවේණි කපු කෙටුවාය, යුරෝපේ මස් පුච්චන් කද්දී අපි උයන් කෑවාය කියමින් සිංහල ජාතිය ගැන පුරාජේරු කියන ඊනියා ප්‍රබුද්ධයන්ගෙන් මම අහන්නේ ඒ කතා ඇත්ත නම් මේ අවම මනුස්සකමට මොකද වුනේ.අපේ ශිස්ටාචාරේ දියුණු වුනේ මනුස්සකම නැතුවද? (නි)

:       0       0

සුපුන් Sunday, 23 June 2013 09:51 AM

පුද්ගලික රෝහල් තව තව ඇතිවේවා.දියුණු රටවල වගේ රක්ෂණ ක්‍රමේකට බෙහෙත් ගැනීමට අවකාශය අපටත් ලැබේවා. අඩු ආදායම්ලාබී සුදුස්සන්ට පමණක් රජයෙන් නොමිලේ බෙහෙත් ගැනීමට ලැබේවා! උද්දච්ච හෙද ඒකාධිකාරිය බිදේවා! (නි)

:       0       0

අසේල Sunday, 23 June 2013 09:51 AM

මේ ප්‍රවෘත්තියේ සමිතියේ නායකයා කවුද අර .කොහොමද වැඩේ.(අ)

:       0       0

මොහමඩ්-සෞදි Saturday, 22 June 2013 07:01 PM

අධ්‍යාපනය, සෞඛ්‍ය මේ වගේ දේවල් ගැන ලංකාවට හොඳ නමක් තිබුණා. අපිත් වෙන රටවල අයට ඒ වගේ දේවල් ගැන හරි ආඩම්බරෙන් කිව්වා. එත් දැන්? කොහොම කියන්නද? (අ)

:       0       0

දර්ශන Saturday, 22 June 2013 07:32 PM

හෙද නම්බුව නැති කරන අයට දඬුවම් දිය යුතුයි (අ)

:       0       0

ජයන්ත Saturday, 22 June 2013 07:44 PM

. මට නම් කියන්න දෙයක් හිතා ගන්නත් බෑ (අ)

:       0       0

ටෙනිසන Saturday, 22 June 2013 07:47 PM

හෙදියොත් රෝහලේ සේවකයෝ. එහෙව් එකේ රෝහල් අදිකරිට නැද්ද අවසරයක් තමන්ගේ රෝහලේ මොනවද වෙන්නේ කියල සොයල බලන්න .මේගොල්ලෝ මේ අහිංසක ලෙඩ්ඩුන්ව බිල්ලට දීල නාඩගන් නටන්න හදන්නේ. මේ වෙලාවට තමය් ජේ , ආර්. නියාය හරියන්නේ, කිසිකෙනෙක් කිසිම දෙයක් කියන එක්කක් නැහැ. (අ)

:       0       0

අනුරාධ. Saturday, 22 June 2013 07:58 PM

වෛද්‍ය අධිකාරී කියන්නේ රෝහලේ ප්‍රධානියා.රෝහල් කාර්යමණ්ඩලයේ ඕනෑම කෙනෙකුගේ රාජකාරී කටයුතු ගැන සොයාබලන්න එතුමාට නීතිමය අයිතියක් තියෙනවා.මහජන මුදලින් ඉගෙනගෙන ඉහලගොස් මහජන මුදල් කොල්ලකන හා ඒවා සාධාරණීයකරණය කරන්න කාලය කාදමමින් රාජකාරිය පැහැරහරින කිසිවෙකුට ඉඩදෙන්න එපා. (අ)

:       0       0

ගාමිණී-සිරි Saturday, 22 June 2013 08:10 PM

බලන්න මේ ගොඩ නැගිල්ලේ ලස්සන.නිල ඇඳුම් ඇඳලා ලස්සනට ඉන්න හෙදියන්.ආපදා රථයේ අලුත් කම. මේවා කාගේවත් බුඋදලයක් නෙවේ රජයෙන් වියදම් කරන්නේ මහජනතාවගේ සල්ලි.කැස්සට,හෙම්බිරිස්සආවට ලෙඩ්ඩු ගැන නොබැලුවත් ස්ට්‍රයික් නම් කෙලවරක් නැහැ. මේ වැඩ අසාධාරණයි.(අ)

:       0       0

නීල් රනා Saturday, 22 June 2013 08:22 PM

හෙද හෙදියන් පමණක් නොව රෝහලක සියලු කාර්ය මණ්ඩලය රෝහල් අධිකාරී යටතේ පාලනය වීම අවශ්‍යයි. රෝහලක සේවකයන් වෙනුවෙන් වෙන් වෙන්වූ ස්වාධීන පරිපාලන ඒකක තිබීමෙන් රෝගීන්ට අසාධාරණයක් සිදුවෙනවා.(අ)

:       0       0

සුමන Sunday, 23 June 2013 10:40 AM

පලකයෙකු හැටියට,ඔබතුමාගේ ක්‍රියාකලාපය හරියට හරි.වැරදිකරන අයට දඩුවම් කලයුතුය.(අ)

:       0       0

ෂෙහාන් Saturday, 22 June 2013 08:40 PM

හෙදියෝ වසරේ වැඩි හරියක් කරන්නේ වර්ජන වැඩ නැ (අ)

:       0       0

පුබුදු Saturday, 22 June 2013 09:49 PM

රට ගිය හෙදිය කොහොමද පඩි ගන්න අවේ මාස හයක් ,(අ)

:       0       0

සමන් - ඕමානය Saturday, 22 June 2013 10:18 PM

රෝහලක පාලනය රෝහල් අධිකාරී යටතේ සිදුවිය යුතුයි. ඔහු එම ආයතනයේ ප්‍රධානියා වන බැවිනි. එය ඕනෑම ආයතනයකට පොදු මූලික පරිපාලන ලක්ෂණයකි. හෙදියක් වැරැද්දක් කර ඇත්නම් එයට දඬුවම් දීම වැරද්දක් නොවේ. වෘත්තීය සමිතියක් බලවත් වූ පලියට පරිපාලන නීති වෙනස් නොවිය යුතුයි. ඒ නිසා වැඩ වර්ජනය අසාධාරණයි. (නි)

:       0       0

සරත් Sunday, 23 June 2013 05:12 PM

රංජනී ඔයත් ලන්ඩන් වල ඉන්නේ සුද්දෙක් එක්කද? (නි)

:       0       0

සරත් Sunday, 23 June 2013 05:19 PM

ෂ්‍යාම, රන්ජනී ,කණගාටුවෙන් වුනත් ඔය දෙන්නට කියන්න වෙනවා ඔය දෙන්නම මොලේ කළදක් නැති මෝඩම මෝඩ කාන්තාවන් දෙන්නෙක් කියලා. මෙතැන් තියෙන්නේ ගිය විදිහේ වැරැද්ද! ලංකාවේ රජයේ සේවකයෙකුට වෙනත් සේවයකට හෝ සංචාරයකට හෝ වෙනත් කරුණකට අවුරුදු 5ක් වැටුප් රහිත නිවාඩු ගන්න පුළුවන් බව ඔය දෙන්නා දන්නේ නැහැ (නි)

:       0       0

සුජීව Saturday, 22 June 2013 11:11 PM

අපේ රට ගැන හරිම දුකයි (නි)

:       0       0

පෙරේරා Saturday, 22 June 2013 11:48 PM

වර්ජනයට හොදම බෙහෙත , අස්කරලා අලුතින් කට්ටිය ගන්න. ඕනෑතරම් ජොබ් නැති කට්ටිය ඉන්නවා. (නි)

:       0       0

සරත් Saturday, 22 June 2013 11:52 PM

පුබුදු ඔයාගේ වයස කීයද?ඔය තවම පාසල් යනවද? එහෙම නැත්නම් මට හිතෙන්නේ ඔය තවම රක්ෂාවක් කරන්නේ නැහැ. 90%කගේ මාසික පඩි බැංකුවේ අදාල ගිණුමට බැරකරන බව ඔයා තවම දන්නේ නැත්තේ ඒකයි (නි)

:       0       0

ලලිත් Sunday, 23 June 2013 01:59 AM

වෛද්‍යවරු රෝහල් වල තව කෙනෙක් යටතේ සේවයට අකමැති වීමේ හේතුවෙන් රෝහල් පරිපාලකවරුන් වීමට යාම එක වරදකි. වෛද්‍ය සේවාව එකකි. පරිපාලනය සහ කළමනාකරණය තව එකකි. හෙදියන්ට වී ඇත්තේ පරිපාලකය වෛද්‍යවරයකු වීම නිසා කළ වරද පිළිගැනීමට අකමැති වීමය. නැතිනම් රජයේ සේවකයෙකු නිවාඩු නොලබා රටින් බැහැරව යාම වරදක් බව කවුරුත් දනිති. අද හැමතැනම වී ඇත්තේ මේ තත්වයි. සුද්දා නිදහස දෙද්දී අපට ලබා දුන් පරිපාලන ක්‍රමය අවුල් කර ගැනීම නිසා මෙය සිදුවී ඇත. (නි)

:       0       0

අතුල Sunday, 23 June 2013 01:59 AM

මාස හයක් වටුප් දීමනා ලබාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතුයි. දෙවනුව වැඩකරන්න බැරි අය ගෙදර යවලා අලුත් අය බදවා ගන්න.රැකියා ප්‍රශ්නයත් විසදෙනවා.අපේ අසරණ ලෙඩ්ඩු දුක්විදිනවා (නි)

:       0       0

අනුර Sunday, 23 June 2013 02:51 AM

අනිත් හෙදියොත් මේ වගේම හොරවැඩ කරලාද දන්නෙ නැහැ (නි)

:       0       0

දම්මික පෙරේරා Sunday, 23 June 2013 03:04 AM

හෙද සේවය කියන්නේ උත්තරීතර සේවයක්. නමුත් මේ හෙදියන්ගෙන් කී දෙනෙක් මෙය වටහාගෙනද කියන එක සැකයි. බඩගෝස්තරවාදයම මුල් කරගත් කාලයක හෙදියන් මෙහෙම හැසිරිම පුදුමයක් නොවේ (නි)

:       0       0

පනාගොඩ මෙල්බර්න් Sunday, 23 June 2013 05:47 AM

අනේ අපොයි නයිටින්ගේල් නැවත එන්න මේ ලෝකෙට (නි)

:       0       0

ෂ්‍යාම Sunday, 23 June 2013 05:59 AM

හෙදකම යනු වෙනම වෘතියකි. එය පාලනය කළ යුත්තේ හෙදකමට අදාල සුදුසුකම් ඇති අයෙකු විසිනි. දියුණු රටවල සිදුවන්නේ ඒ ක්‍රමයයි. ඒ නිසා ඒ රටවල මේ වගේ ප්‍රශ්න නැහැ. ලංකාවේ වෛද්‍යවරු කී දෙනෙක් ලංකාවේ සල්ලි වලින් අධ්‍යාපනය ලබාගෙන ලංකාවේ සල්ලි වලින් ශිෂ්‍යත්ව ලබාගෙන පිටරට වලට වෙලා ඉන්නවද? ලංකාවේ හෙදියන් දියුණු රටකට යනවට කොහොමත් වෛද්‍යවරු කැමති නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site