දිඹුලාගල දළුකාන ආදිවාසීහු දින දෙකක් කොළමඩුව නටා ගමේ අපල උපද්‍රව දුරු කිරීම සඳහා දෙවියන්ට පුද පූජා කළහ.
දළුකාන ආදිවාසී නායක හාතියැල ඇත්තන්ගේ අමරසිංහ කොළමඩුව ශාන්ති කර්මයේ ප්‍රධානියා විය.
ගස්, ගල්, ගිරු, සඳු, ජලය හා භූමිය දේවත්වයෙන් සැළකූ ආදිවාසීන් ස්වභාව ධර්මයට ගරු කිරීම සඳහා කොළමඩුව නටන බවත්, ඊතලවලින් කිරි ගස්වලට විද භාරහාර ඔප්පු කරන බවත් අමරසිංහ කියයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිඹුලාගල ආදිවාසීහු කොළ මඩුව නටති
රන්ජනී ලන්ඩන් Sunday, 16 June 2013 01:08 PM
මෙයාලගේ ජීවිත හරි සැහැල්ලුවගේ මට නම් පෙන්නේ, පුරුදු පරිසරය, සිරිත්, විරිත් වෙනස් උනොත් ජීවත්වෙන්න අමාරු වේවි.(නදී)
ජයසිංහ Sunday, 16 June 2013 10:50 AM
කොහොම හරි සෙතක් ශාන්තියක් වනවා නම් හොදයි මේ ලංකාවට.(නදී)
කැනඩා දිසා Monday, 17 June 2013 07:41 AM
කොහොමද මෙයලටත් නයිට් රේස් , කැසිනෝ එහෙම ලාවට පුරුදු කරලා ගත්තා නම්... (නි)
නීල්-රානා Sunday, 16 June 2013 11:35 AM
මහා දෙවියාම බිල්ලට කැපවීමෙන් විශ්වය බිහිවූ නිසා ස්වභාව ධර්මය දේවත්වයෙන් සැලකීම උතුම් චින්තනයක් උවත් මිනිසාත් එහි නිරායාසයෙන්ම කොටස්කරුවකු වන වග නොසලකා හැරීම අඩුපාඩුවක්. දේවත්වයට ඔබින චින්තනයක් ඊට ඔබින ජීවන හැසිරීම් රටාවක් හා සංකලනයෙනුයි විශ්වය ඉදිරියට ගලා යන පදනම හෙවත් ස්වභාවික වරණය සැකසෙන්නේ.(නදී)
ගාමිණී-සිරි Sunday, 16 June 2013 11:58 AM
ආදී වාසීහු අද දක්වාම කොලමඩු, ගම්මඩු, නටා පුද පුජාවන් පවත්වා ආරක්ෂක දෙවි දේවතාවුන්ට කන්නලව් කලේ ලෙඩ රෝග දුරුකර,බත බුලත වගාවන් සතා,සර්පයාගෙන් පවා ආරක්ෂා කරගන්නයි .ගැමියන්ගේ අසරණ භාවයම ඔප්පු වෙනවා ඡයාරූප වලින් ,දුක් ගැනවිලි දෙවියන්ට මිස කාට කියන්නද කියලා.(නදී)
chanaka Sunday, 16 June 2013 12:15 PM
දෙවියෝ පිහිට වෙනවද නොවෙනවද කියන දේ කියන්න නොතේරුණත් සංස්කෘතික අංගයක් වශයෙන් මේ පිළිවෙත් තවමත් ආරක්ෂා වී තිබීම අගය කල යුතුය..
මහවැලි Sunday, 16 June 2013 12:47 PM
අපේ වටිනා සංස්කෘතික අංග ආරක්ෂා කරන මේ අහිංසක, අසරණ ආදී වාසි ප්‍රජාවට සියලු දෙවියන්ගේ ඇල්ම සහ බැල්ම නොඅඩුව ලැබේවා.(නදී)