IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දඹදිව යන අයට සෞඛ්‍ය අංශයෙන් අවවාදයක්

 

(සුජිත් හේවාජුලිගේ)

හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ  පළඳින ලෙස  වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය  චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද  ඔහු සඳහන් කළේය.

මේ අතර රටේ කොව්ඩ්  තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන  වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා  පවසන්නේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා පරීක්ෂා කරගෙන යන බවයි.

නව  වයිරස ප්‍රභේදයේ පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී දැනගත හැකි වනු ඇතැයිද  ඔහු සඳහන් කළේය.

එසේම කොව්ඩ්  පිළිබඳ ආවේක්ෂණ කටයුතු මට පුරා කරගෙන යන බවද ඔහු කීවේය.

කොව්ඩ්  දැන්  මතු වන්නේ සෙම්ප්‍රතික්ෂාව  වැනි  පොඩි අසනීපයක් විදියට බවත්  එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැති බවත්  මුතුගල මහතා පැවසීය.

කොවිඩ්  ජාන විශ්ලේෂණ  අවසාන  පරීක්ෂණයේදී නව ප්‍රභේදය තිබී හමුවී නැතැයිද  ඔහු සඳහන් කළේය.



අදහස් (0)

දඹදිව යන අයට සෞඛ්‍ය අංශයෙන් අවවාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site