IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම් පරීක්ෂණයේදී යතුරුපැදිකරු කාරයට යටවේ

දුම් පරීක්ෂණයක් සඳහා මොරටුවේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයකට ගෙනගිය කාරයක් පසුපසට ඇදී ගොස් යතුරු පැදිකරුවකු (52) බරපතල තුවාල ලැබූ බව පොලිසිය කියයි.

17 හැවිරිදි තරුණයකු එම ඔටෝ ගියර් වාහනයේ දුම් පරීක්ෂා කරද්දී මේ අනතුර සිදුවී ඇත. ඔහු අත් අඩංගුවට ගනු ලැබ සිටී.

 

 



අදහස් (0)

දුම් පරීක්ෂණයේදී යතුරුපැදිකරු කාරයට යටවේ

රුවන් Monday, 20 October 2014 02:45 AM

උපුල් මේ රැකියාවට මට නම් හිතෙන්නේ රිය පැදවීම පිලිබඳ දැනුමක් තියෙන්න ඕනේ කියලා. රිය පැදවීමේ හැකියාව සහතික කරන හොඳම ක්‍රමය රියදුරු බලපත්‍රයයි. කොහොමත් මොරටුවේ ඇති මේ ආයතනය කිසිදු වගකීමක් නැති ආයතනයක්. වරක් මම දුම් සහතිකය ගන්න ගියාම මේ ආයතනයේ විදුලි බලය නෑ. ජෙනරේටර් එකකුත් නෑ. ආදායම් බලපත්‍රය ගන්න දුම් සහතිකය අනිවාර්ය නම් එම සේවාව නොකඩවා ලබා දීමට පහසුකම් තියෙන්න ඕනේ. අපි රස්සාවල් කරන අය නිවාඩුවක් දාලා මේ වැඩ කරන්න යන්නේ. ආයතනයේ හිමි කරුගේ කියලා එම ආයතනයෙන්ම මට දුන් අංකයට දුරකථන ඇමතුමක් දුන්නම කතා කරේ ගැහැණු කෙනෙක්. එයා මට දුන් පිළිතුර මිනිස්සු හැරිලා ගියාට එයාට ප්‍රශ්නයක් නෑ කියලා. කතා කරන්නවත් දන්නේ නැති ගැහැනියක්. මම තර්ක කරන කොට පිළිතුරු නැති උනාම මට කුණුහරපයක් කියලා දුරකතනය තිබ්බා. මෙය සිද්ද උනේ 2011 වසරේ. (නධී)

:       0       0

උපුල් Sunday, 19 October 2014 01:11 PM

චමින්ද, රියදුරු බලපත්‍රයක් නැතත් පරීක්ෂණය කරන්න පුලුවන්. මෙකද එයා වාහන එලවන්නේ නැහැනේ. නමුත් අවුරුදු 17 ක කෙනෙකුට රස්සාවක් දෙනවද? ආයතනයේ හිමිකරුත් අත්අඩංගුවට ගන්න ඕනේ (නදී)

:       0       0

නාලි Sunday, 19 October 2014 02:40 PM

බන්දුල හුස්ම ගන්නේ අපායෙන් එන හුලන් වෙන්ඩ ඇති. (නදී)

:       0       0

පෙරේරා Monday, 20 October 2014 04:44 AM

වෙන්න තියෙන දේවල් ඒ වේලාවටම සිද්ධ වෙනවා.(හේ)

:       0       0

දේවප්‍රිය Sunday, 19 October 2014 02:49 PM

උපුල්, කම්කරු නිතිය අනුව අවුරුදු 17 අයෙකුට රැකියාවේ ලබා දීමේ බාධාවක් නැත. (නදී)

:       0       0

චමින්ද Sunday, 19 October 2014 07:55 AM

අවුරුදු 17 යි කියන්නේ රියදුරු බලපත්‍රයක් නැහැ කියන එකයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රියදුරු බලපත්‍රයක් නැති අයෙකුට රියදුරු අසුනක වාඩි වීමත් තහනම්. හරි නම් මෙම ආයතනයේ හිමිකරුත් අත්අඩංගුවට ගත යුතුයි. හේතුව, රියදුරු බලපත්‍රයක් නොමැති කෙනෙකුට වාහනයක් පරික්ෂා කිරීමට ඉඩදීම පිලිබදව.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 19 October 2014 09:02 AM

දුම් පරික්ෂාව යහපත් දෙයක් උනත් එ්ක වාහන හිමියන්ට දැඩි හිසරදයක්. මේක අවුරුදු දෙකකට වතාවක් කරන්න කියල නීතියක් ගේන්න පුලුවන්නම් ලොකු දෙයක්. චම්පික මහත්තයා ඉදල ඉදල අපිට දාපු තොප්පිය තමයි ඕක. ඔය පරික්ෂාව අයින් කරනවා කියල පොරොන්දුවක් දෙනවා නම් මම රනිල් මහත්තයට මගේ මනාපේ දෙනවා. (නදී)

:       0       0

චමින්ද Sunday, 19 October 2014 08:00 PM

උපුල්,මම එයින් අදහස් කළේ රියදුරු බලපත්‍රයක් නැති කෙනෙක් රියදුරු අසුනේ වාඩි වූ නිසානේ, මේ අනතුර සිද්ධ වුණේ කියන එකයි.ආයතනයේ හිමිකරු නීතියක් පනවා තිබිය යුතුයි රියදුරු බලපත්‍රයක් නැති සේවකයන් වාහන වල රියදුරු අසුනේ වාඩිනොවිය යුතුයි කියා.සමහර රටවල නම් අවුරුදු 16 සිට රැකියාවක් කිරීමට නීතිමය අවසරය තිබෙනවා.ලංකාවේ ඒ නීතිමය තත්වය පිළිබඳව නම් මට හරි අවබෝධයක් නැහැ. සමාවෙන්න. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 19 October 2014 10:28 AM

අනේ බන්දුල, වැඩක් ඇති දෙයක් කියන්න. හැමදාම මොකක් හරි ගොන් කතාවක්ම කියන්නේ නැතුව. (නදී)

:       0       0

සරත් මුදලිගේ Sunday, 19 October 2014 10:53 AM

රනිල් මහතානෙනි, කම්කරුවන් හුරා කන මෑන් පවර් නැතිකරලා කම්කරුවන්ට සෙතක් කරන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site