IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දෙමළ ප්‍රශ්නෙට උත්තර නැත්නම් දෙමළ සහාය සුම්මා

ජාතික ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් නොලබා කිසිදු ආණ්ඩුවක් සමග එකතුවන්නේ නැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපය සමග සාකච්ඡාවකදී පැවසීය.

පත්වන ආණ්ඩුවක් සමග එකතුවීමට අපේක්ෂා කරන බවට දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බවද ජාතික ගැටළුවට විසඳුමක් ලැබුණොත් එදිනට එම ආණ්ඩු සමග එකතුවනවාද නැද්ද යන්න පිළිබඳව සාකද්ධා කළ හැකි බවත් ඔහු කීවේය.



අදහස් (0)

දෙමළ ප්‍රශ්නෙට උත්තර නැත්නම් දෙමළ සහාය සුම්මා

ද සිල්වා බර්ලින් Tuesday, 04 August 2015 09:15 PM

දෙමළ මිනිසුන්ට නැති ප්‍රශ්න ඔලුවට දමා, ඔවුන් සිංහල සහ මුස්ලිම් මිනිස්සු සමඟ කොටවා බොර දියේ මාලු බාන්නන් නිසා රටේ නිතරම අවුල් ඇතිවේ (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 05:53 AM

ජනවාරි 08 වෙනිදා සහය දුන්නේ බොක්කේ පෙඩරල් දඩ මස් තියාගෙනද (නදී)

:       0       0

මේනු Tuesday, 04 August 2015 01:29 PM

දෙමල අයට ජාතික ගැටළු වලට කැපවී වැඩ කරන ජනතා නියෝජිතයින් ඉන්නවා . නමුත් අපේ සිංහල රැලට ජාතික හැගීමක් නැහැ . ජාතිය පාගා විජාතියට කත්' අදින අවිචාරවත් නියෝජිතයන් කොපමණ ඉන්නවද (බ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 04 August 2015 10:58 PM

සිංහලයින් 75% ඉන්න මෙරටේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට දෙමළ සහය සොයන්නේ කුමටද? ඒත් සිංහලය පවාදීමට කැමති සිංහලයෝත් කොපමණ ඉන්නවද? (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 04 August 2015 11:03 PM

දෙමළ සහාය සුම්මා?? ඔව් ඔව් ඒගොල්ලන්ට වැදු අම්මා (ඉන්දියාව) විතරයි අම්මා. හැදු අම්මා (ලංකාව) සුම්මා. (නි)

:       0       0

සැමුවෙල් Wednesday, 05 August 2015 06:23 AM

අහෝ චම්පික සහ රතන හිමියන් නිරුත්තර වී ඇති සේක. (නදී)

:       0       0

මොහාන් Tuesday, 04 August 2015 02:11 PM

දැන් මොකද්ද තිබෙන ජාතික ගැටළුව? (නි)

:       0       0

විජයබාහු Tuesday, 04 August 2015 02:36 PM

අපොයි ඔව් මේනු බලය ලබාගන්න හෙළ උරුම ප්‍රතිපත්ති පාවල දුන්නේ කට්ටියක් කිසි හිරිකිතක් නැතුව. ඒ හාදය තමා අර බලය බලය කියල පොතකුත් ලිව්වේ. අන්තිමට ලැජ්ජා නැතුව බලය ලබාගන්න බල්ටියකුත් ගැහැව්වා (නදී)

:       0       0

චන්න බුවනක Tuesday, 04 August 2015 02:46 PM

අපි දන්නා වතුවල සේවය කරන දෙමළ ජනතාව අපි සමඟ සහයෝගයෙන් ඉන්නවා. මේ දේශපාලුවෝ තමයි ඔක්කොම ප්‍රශ්න ඇති කරන්නේ. (නි)

:       0       0

ධම්ම Tuesday, 04 August 2015 04:07 PM

ඔබ පාර්ලිමේන්තුවේ තනියම ඉන්න. ඒක වඩා හොඳයි.(නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 August 2015 04:20 AM

ජාතික ගැටලුවලට විසදුම් ලැබුනත් මේ අය කිසිම දිනක සැහීමකට පත්වෙන්නේ නැති කොට්ටාශයක්. ජාතික ගැටළු කෙසේ වෙතත් ජාතික සමගිය වැඩි දියුණුකරන්න වැඩක් කරනවා නම් අපිත් එක පයින්ම කැමතියි මෙතුමන්ලට.(නදී)

:       0       0

ධම්ම Wednesday, 05 August 2015 04:25 AM

දෙමළ වීම නිසා ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න තේරුම් ගන්න සිංහලවාදී ඇහින් බලා බැහැ. ජේවීපිය ඒ පිළිබඳව කරන විග්‍රහය ධනාත්මක හා ප්‍රායෝගික බව මට හැඟෙනවා.(නදී)

:       0       0

නාමල් Wednesday, 05 August 2015 04:34 AM

බමුනු ආරච්චි මෝඩ කථා කියන්න එපා. සිංහලයිනුත් ආවේ ඉන්දියාවෙන් තමා. අනෙක් අතට දෙමළ මිනිස්සුත් ලංකාවේ පුරවැසියන්. ඇයි ඒ අයගේ සහය ගත්තහම මොකද වෙන්නේ. (නදී)

:       0       0

නුවන් Wednesday, 05 August 2015 04:35 AM

මේ අයට තියෙන ලොකුම ප්‍රශ්න්ය 2006-09 කාලයේ වෙච්ච යුධ අපරාධ හා සුදුවෑන් ඝාතන. දෙමල මිනිස්සු දසදහස් ගානක් ඝාතනය වුනා නම් ඒවා සොයා බැලිය යුතුයි.(නදී)

:       0       0

නිමල් Tuesday, 04 August 2015 07:49 PM

ඇයි අපි හැමෝටම එකට ඉන්න බැරි? (නි)

:       0       0

සහන් Tuesday, 04 August 2015 08:14 PM

ඔවුන් දෙමළ වීම නිසා මේ රටේ ඇතිව ඇති ප්‍රශ්නය කුමක්ද කියා මුලින්ම මේ අය පැහැදිලි කළයුතුයි. (නි)

:       0       0

උපාලි Wednesday, 05 August 2015 05:14 AM

සිංහල අපිට නැති එහෙත් දෙමල අයට පමණක් ඇති එක ප්‍රශ්නයක් කියන්න බලන්න. මේක සිංහල දෙමල දෙපැත්තේම දේශපාලකයෝ වවාගෙන කන බොරුවක්. ඒ අයට නැති එහෙත් සිංහල අපිට නම සුවිශේෂ ප්‍රශ්නයක් තියනවා. එ්ක තමයි අපේ සිංහලයෙකුට උතුරේ ඉඩමක් මිලදී ගෙන සාමයෙන් ඉන්න බැහැ. දෙමල ඕන කෙනෙකුට රටේ ඕන තැනක ඉන්න පුළුවන්. ඉතින් ජනවාර්ගික ප්‍රශ්න තියෙන්නේ සිංහල අපිට. මේ ටි එන් ඒ කට්ටියත් මේ යටගේ සහයෝගය ගන්න හදන සිංහල කියා ගන්නාවූ අයත් කරන්නේ ශ්‍රී ලංකාවම පරදේසිකයින්ට යලිත් පාවා දෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site