IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දෙමළ පක්ෂ සමඟ කතාබහට ජනපති කැමැතියි

13 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයන් දෙමළ ජාතික සන්ධානය හා ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘‘ද හින්දු‘‘ පුවත්පත හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.

සාකච්ඡාවේදී තවදුරටත් අදහස් පළ කර ඇති ජනාධිපතිවරයා බොහෝ මාධ්‍ය දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉන්දියාවට පැමිණ ඉන්දියා අගමැති මෝදි හමුවීම සම්බන්ධයෙන් තමන් අසතුටින් සිටින බව සදහන් කර ඇතත් තමන්ගේ සිතේ එවැනි කිසිවක් නොමැති බව කියා තිබේ.

රටින් පිට ගොස් රාජ්‍ය නායකයෙකු හමුවීම ඔවුන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ජනාධිපතිවරයා පවසා ඇත.

ඉදිරියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වීමේදී අගමැති මෝදි හමුවී සාකච්ඡා කිරීමට තමන්ට ඉඩක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බව ජනපතිවරයා කියා තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවෙමින් පවතින අන්තර්ජාතික පරීක්ෂණයට ඉන්දියාව විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් තම ස්තූතියද පුද කර තිබෙන ජනාධිපතිවරයා යුද සමයේ උද්ගත වුනු ගැටලූ සම්බන්ධයෙන් විමසා බැලීමට ශ්‍රී ලංකාවම කමිටු පත්කර තිබෙන බවත් එනිසා රටේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීමේ අවශ්‍යතාවක් කිසිවෙකුට ඇති විය යුතු නැතැයි පෙන්වා දී ඇත.

ඉන්දියාවේ කාෂ්මීරයේ ගැටලූව සම්බන්ධයෙන් අන්තර්ජාතික තලයේ පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි කවුරුන් හෝ යෝජනා කළ හොත් කුමක් වනු ඇත්දැයි අසා ඇති ජනාධිපතිවරයා,ශ්‍රී ලංකාවේ හෝ වේවා ඉන්දියාවේ හෝ වේවා අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකිරීමට ඉඩනොදෙන බව පවසා ඇත.

යුධ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් නැගුණු පැනයකට පිළිතුරු දී ඇති ජනාධිපතිවරයා එම පුද්ගලයින් පිළිඹඳව මේ වන විට සොයා බැලෙමින් පවතින බව සඳහන් කර ඇත.

සාකච්ඡාවේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ගොඩනැගෙමින් පවතින සම්බන්ධතාවය පිළිඹදව ඉන්දියාව කරදර විය යුතු නැතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහතික කර තිබේ.

‘‘මා මෙතැන සිටින තාක් කල් චීනය හා ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ගැන ඉන්දියාව වද විය යුතු නැහැ‘‘යැයි ජනපතිවරයා පවසා ඇත.



අදහස් (0)

දෙමළ පක්ෂ සමඟ කතාබහට ජනපති කැමැතියි

විනෝදන් Friday, 12 September 2014 05:34 PM

කුමාර්ට හොඳටම වැරදිලා. සාකච්ඡාවලින් හැම වෙලාවෙම අයින් උනේ රජය නොවෙයි එයාලම තමයි. ජාත්‍යන්තරව කෙරෙන බලපෑම් වලදී එයාලට සාකච්ඡා ඕන වෙනවා. පසුව මොකක් හෝ හේතුවක් පෙන්නලා එයින් අයින් වෙනවා. කටින් බතල හිටවන්නේ නැතුව එයාලට සාකච්ඡාවට එන්න කියන්න. (නදී)

:       0       0

බහර්දීන් Friday, 12 September 2014 05:47 PM

අද ලෝක බලවතුන්ට ප්‍රශ්න ගොඩයි. යුක්රේන් වල තිබෙන ප්‍රශ්නය, අයිසිස් ලගේ ප්‍රශ්නය, ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්වන්නට යන ප්‍රශ්නය. මෙවන් කැළඹීමක් ඇති වකවානුවක ත්‍රස්තවාදය මුලින්ම දුරුකළ රටකට ලෝක බලවතුන් තව දුරටත් පීඩනයන් නොදේවී. එහි අගය එයාලට හොඳින් දැනෙනවා කුමාර්. ඉතින් අධි මානසිකත්වයේ නොසිට එයාලට අවංක සිතින් සාකච්ඡා වලට එන්න කියන්න. (නදී)

:       0       0

රණතුංග Friday, 12 September 2014 08:05 PM

දැන් මෙතනට, බන්දුලගේ නංගිත් ඇවිල්ලා වගෙයි. (නදී)

:       0       0

බමුණු Saturday, 13 September 2014 03:14 AM

මොනවා කතා කොලත් කමක් නැත. පොලිස් සහ ඉඩම් බලතල දෙන්න හිතන්නවත් එපා. (නදී)

:       0       0

මංජු Friday, 12 September 2014 06:11 AM

මේ වැඩේ නම් රටටම හොද වේවි කියල හිතෙනවා. ජාත්‍යන්තර බලවේග වලට මුහුණ දෙන්න පුළුවන් වේවි (අ)

:       0       0

මාලින්ක Saturday, 13 September 2014 06:56 AM

ඕක නම් උෟවේ දෙමල ඡන්ද ටික බිලි බා ගන්න කරන උත්සහයක් පමණයි. මොකද දේශපාලකයන්ට සැබෑ උවමනාවක් නෑ ප්‍රශ්න නිවැරදිව විසඳන්න (නදී)

:       0       0

කුමාර් Friday, 12 September 2014 08:16 AM

කටින් බතල කොළ ඉන්දන්නේ නැතිව කරලා පෙන්නන්න. බොරුවට ලෝකෙට එකක් කියනවා. තව එකක් කරනවා (නදී)

:       0       0

සඳුනි Friday, 12 September 2014 03:51 PM

කුමාර්, කටින් බතල හිටවන්න ඕනේ කමක් රජයට නැහැ. ටී.එන්. ඒ.එක මස් රාත්තලම ඉල්ලන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ විසදිලා. එයාලා තාම කටයුතු කරන්නේ එල් ටී ටී ඊ දේශපාලන අංශය ලෙස හිතාගෙනයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site