IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දම්සෝ ෆිඩේ මාස්ටර් ජගත් චෙස් තරගෙට

මෙවර  තායිලන්තයේ  පැවැත්වෙන 11 වැනි  ලෝක හසල්  චෙස්   තරගාවලියේ  නිල ක්‍රීඩකයකු   ලෙස ලංකාවේ  පළමු  හා එකම   පාසල් ෆිඩේ  මාස්ටර්   මෙන්ම ලංකාවේ  ලාබාලම ෆිඩේ   මාස්ටර්  වන  අම්බලන්ගොඩ   ධර්මාශෝක  විද්‍යාලයේ  එම්.සසිත්  නිපුන්   පියුමන්ත ලෝක පාසල්  චෙස්   සම්මේලනය මගින්   තෝරා ගනු ලැබ  සිටියි.

ගිය වසරේ   2014 තායිවානයේ   පැවැති  10 වැනි  ආසියා   පාසල්  චෙස්   තරගාවලියේ  දි   වයස  13 න්  පහළ  බාලක  අංශයේ   රන්  පදක්කම දිනා   ගැනිම    සහ  එම  වසරේම 2014 බ්‍රසීලයේ   පැවැති   10 වැනි   ලෝක  පාසල්  චෙස්  තරඟාවලියේ  දි  වයස 13 න්  පහළ බාලක  අංශයෙන් ලෝකයෙන් ම පස්වැනියා වෙමින්   ලෝකයේ  හොඳම  දස දෙනාට  හිමි පදක්කම  දිනා   ගැනිමත්    සමඟම සසිත්   මෙවර   පැවැත්වෙන  ලෝක පාසල්   චෙස්   තරඟාවලියේ  නිල  ක්‍රිඩකයෙකු   ලෙස  එම සම්මේලනය  මගින්   තෝරාගෙන  තිබේ.

ලෝක පාසල්  චෙස්  තරඟාවලියේ   නිල ක්‍රිඩකයෙකු   ලෙස  ලෝක පාසල් චෙස්   සම්මේලනය  මගින්   මේ  ක්‍රිඩකයා   තෝරාගැනිමත් සමඟම ඔහුව  මෙවර  පැවැත්වෙන  ලෝක  පාසල්  චෙස්  තරඟාවලියට   යන  ශ්‍රි  ලංකා   පාසල්   චෙස් කණ්ඩායමට   තේරිම්  තරගාවලියකින් තොරව  එම කණ්ඩායමට  ඇතුලත්   කර  ගැනිමට  ශ්‍රි ලංකා  පාසල්  චෙස්  සංගමය පියවර   ගෙන ඇත. ඒ සසිත්ට  කරනු  ලබන ගෞරවයක්   ලෙසය.

මේ වන විට  ජාතික  හා   ජාත්‍යන්තර  චෙස්   තරගාවලි රැසකටම සහභාගි   වි   ඇති   සසිත්   දිනාගෙන ඇති රන් රිදී  හා   ලෝකඩ  පදක්කම්  සංඛ්‍යාව ඉහළය.



අදහස් (0)

දම්සෝ ෆිඩේ මාස්ටර් ජගත් චෙස් තරගෙට

අසේල Tuesday, 21 April 2015 03:06 AM

ඉතා හොඳයි. ඉදිරියටම යන්න. (ස)

:       0       0

අසංග Monday, 20 April 2015 01:15 PM

සුබ පැතුම්! (නි)

:       0       0

නිපුල් Monday, 20 April 2015 03:48 PM

සුභ පැතුම් පුතා.....! අපේ රටට, පාසලට දම්සෝවටත් ආඩම්බරයක්. (නි)

:       0       0

සේතන් Monday, 20 April 2015 05:07 PM

සුබ පැතුම්!! ජය දම්සෝ..!!! (නි)

:       0       0

මාලි Monday, 20 April 2015 09:34 AM

නියමයි (බ)

:       0       0

ධම්ම අශෝක Monday, 20 April 2015 11:11 AM

නියමයි මල්ලියා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site