IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දම්සෝ චෙස් ශූරයා රන් පදක්කම දිනයි

තායිලන්තයේ  තායිපේ නුවර අගෝස්තු 24 සිට30 දක්වා පැවැත්වුණු 10 වැනි ආසියා  පාසල් චෙස් තරගාවලියෙන්  වයස 13 න් පහළ බාලක රන් පදක්කම දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ එම් සසිත්  නිපුන්  පියුමන්ත සමත් විය.

මේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟ චෙස් ක්‍රීඩා ෆිඩේ මාස්ටර් (එෆ්.එම්) යන නිල නාමය පියුමන්තට හිමි විය.

ලංකාවේ ලා බාලතම හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයයෙන් බිහිවු පළමු ෆිඩේ මාස්ටර්  වමේ ගෞරවය ද ඔහුට හිමි වී ඇත.

දොළොස් හැවිරිදි පියුමන්ත ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මේ වසරේ පැවැති වයස අවුරුදු 13 න් පහළ අන්තර් පාසල් චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් දහවැනි ආසියා පාසල් චෙස් කණ්ඩායමේ  නිල ක්‍රීඩකයකු වෙමින් එම තරගාවලියේ වයස 13 න් පහළ නියෝජනය කර ඇත්තේ තවත් වසරක් ඉදිරියට ක්‍රිඩා කිරීමට ඉඩ තිබියදී වීම මේ ජයග්‍රහණයේ ඇති විශේෂත්වයයි.

මේ වසරේ දෙසැම්බරයේ බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරගාවලියට ශ්‍රී ලංකා  පාසල් චෙස් කණ්ඩායමේ  නිල ක්‍රිඩකයා ලෙස පියුමන්ත සහභාගී වෙයි.

DSCF0579.jpg33

 

 

 



අදහස් (0)

දම්සෝ චෙස් ශූරයා රන් පදක්කම දිනයි

සේනක ද සොයිසා සිරිවර්ධන Sunday, 31 August 2014 07:52 AM

ඔබ ඔබගේ නමට ඔබින පුණ්‍යවන්ත, ආදර්ශවත් දක්ෂ දරුවෙක් (නි)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Sunday, 31 August 2014 08:06 AM

ජයවේවා පුතා ඔබ මව්බිමට ලොකු ශක්තියක් (නදී)

:       0       0

ධනුකේ Sunday, 31 August 2014 09:35 AM

ආඩම්බරයි පුතේ. (නදී)

:       0       0

නිරාන් සෞදි Sunday, 31 August 2014 09:35 AM

හරිම ආඩම්බරයි ඔයා ගැන (නදී)

:       0       0

මොහමඩ් නස්රී Sunday, 31 August 2014 09:52 AM

සුභ පැතුම් මල්ලියා! ඔබට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

කමල් Sunday, 31 August 2014 09:56 AM

අපේ සුබ පැතුම් මේ පොඩි පුතාට. හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

ද සිල්වා Sunday, 31 August 2014 10:05 AM

පුදුම වෙන්න දෙයක් නැහැ. ඔය ඉස්කෝලේ ඉන්නේ හොඳ වැඩකාරයෝ අපේ මැතිවරණ කොමසාරිස් තුමා වගේම සරත් ෆොන්සේකා මහතාත් ඔය ඉස්කෝලේ ඉගෙනගත්තු දෙන්නෙක්නේ (නදී)

:       0       0

නාමල් Sunday, 31 August 2014 10:15 AM

ජයවේවා ,(අ)

:       0       0

සීල ද සිල්වා Sunday, 31 August 2014 11:23 AM

දම්සෝ දරුවෝ කවදත් හැම අතින්ම දක්ෂයෝ වෙත්. මගේ සුබාශිංසන.(නදී)

:       0       0

අශෝකා Sunday, 31 August 2014 12:01 PM

පුතේ නුඹට ඉහලටම යන්න ලැබේවා! (නදී)

:       0       0

ගාමිණි Sunday, 31 August 2014 12:18 PM

දරුවට අපේ උණුසුම් සුබ පැතුම්.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site