
(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(11 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ගම්පොළ , පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි.
ඔහු ඩුබායි සිට ඕමානයේ මස්කට් නුවර වෙත පැමිණ , එතැන් අද අලුයම 03.30 ට ස්ලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ " මැන්චෙස්ටර් " වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 114 ක් සගවා ගෙන සිටියදී , පොලිසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි