(යොහාන් භාසුර)
දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් අද (24) දිනයේත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා පස්වරුවේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.
මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙක් සහ දුම්රිය විදුලි කාර්මික ශිල්පියෙක් අතර පෙරේදා (22) සිදුවූ පහරදීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුලි කාර්මික ශිල්පියා නිදහස් කරන ලෙස ඉල්ලමින් විදුලි කාර්මික ශිල්පීන් තව දුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බව ද ඉදිපොළගේ මහතා කීය.
මෙම තත්වය හේතුවෙන් මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් පස්වරුවේ දුම්රිය පිටතට ගැනීම සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් එන්. ජේ. ඉදිපොළගේ මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය විදුලි සේවකයන්ගේ වර්ජනයෙන් මගීහු අතරමං
Lalla Thursday, 24 August 2023 10:56 PM
පෞද්ගලික ආරාවුල් වෘත්තීය අරගලයකට පත්කර මහජනතාව පීඩාවට පත්කරන කාලකන්නින්ද මේ සමිති නායකයෝ. දුම්රිය නවතා හෝ මුන්ව අස්කර දාන්න. විනය නැති රාජ්‍ය සේවය රටට කරදරයක්.