IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය වැඩ වර්ජනය අතහරී

මහින්ද නිශ්ශංක 
 
දුමරිය නියාමක, රියදුරු , ස්ථානාධිපති සහ පාලකවරුන් අනිද්දා (29) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය අතිහිටුවීමට දුම්රිය වෘත්තීය සමිති අද (27)  පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප‍්‍රනාන්දු මහතා පැවසීය.
 
දුම්රිය ශ්‍රේණි විෂමතාවය නිවැරදි කර තමන්ට හිමි වැටුප් තල ලබා ගැනීම සම්බන්ධ ගැටළුව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවේ ප්‍රථිපලයක් වශ්‍යයෙන් මෙම තීරණයට එළැඹි බව ජනක ප‍්‍රනාන්දු මහතා පැවසීය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ  අද දෙවැනිවරටත් පැවැති මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 4.30 පමණ සිට පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණි.
 
මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති ගැටලුවට පෞද්ගලිකවම  මැදිහත්වී විසඳුමක් ලබාදීම සඳහා මාස දෙකක පමණ කාලයක් ජනාධිපතිවරයා   ඉල්ලා සිටි බවත් තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත්   ප‍්‍රකාශ කළ බවත් කී ජනක ප‍්‍රනාන්දු මහතා ඒ අනුව ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා වර්ජනය නතර කිරීමට තීරණය කළ බවද වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

දුම්රිය වැඩ වර්ජනය අතහරී

Bamunuarachchi Monday, 27 August 2018 01:20 PM

අනේ අපරාදේ... වර්ජනය අත්හැරියේ අපි බලාගෙන සිටියේ යහපාලනය කෑලිවලට කඩන් වැටෙනකන්....

:       435       283

amila Monday, 27 August 2018 02:55 PM

මාස දෙකකින් මේ ආණ්ඩුවවත් තියෙයිද කියල විශ්වාස නෑ. ඔයාල වර්ජනය කරන්න.

:       629       542

prabha Monday, 27 August 2018 09:16 PM

ජනාධිපතිතුමාගේ වචනය විශ්වාස කල ඔබ සැමට අබ සරණයි.

:       8       70

Mahee Tuesday, 28 August 2018 04:55 AM

සමිති වර්ජනය කරනවා, ප්‍රවාහන ඇමති හා කියනවා. වර්ජනය නවත්තනවා. මුදල් ඇමති බෑ කියනවා, වර්ජනය පටන් ගන්නවා. ජනාධිපති හා කියනවා වර්ජනය නවත්තනවා. කැබිනට් එක බෑ කියනවා, වර්ජනය පටන් ගන්නවා. අනේ මෙහෙමත් රටක්! අනේ මෙහෙමත් ආණ්ඩුවක්!!

:       0       51

Nishshanka Tuesday, 28 August 2018 05:19 AM

ඔයගොල්ලන්ගෙ සේරම දීමනා ලැබෙනකන් අකණ්ඩ වැඩ වර්ජනයකට යන්න. තවත් රැවටෙන්න එපා.

:       86       148

banda Thursday, 30 August 2018 08:30 AM

හොඳට ගුටි කන්න බලාගෙන වර්ජනය කරන්න.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31565 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13923 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 163 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1089 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site