අජන්ත කුමාර අගලකඩ
දුම්රිය සේවයේ වැටුප් වැඩි කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද (7) පැවති කැබිනට් රැස්වීමේ දී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
මෙම වැටුප් වැඩිකිරිමෙන් වෙනත් කේෂ්ත්‍ර 42 ක වැටුප් විෂමතා ප්‍රශ්න ඇතිවන බවද ඇමැති සමරවීර මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය සේවයේ වැටුප් වැඩිකිරිමට පසුගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේ දී තිරණය කළ අවස්ථාවේ දී ඇමැතිවරයා ඊට විරෝධය පළ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6) පැවති කැබිනට් රැස්වීමේ දී මංගල සමරවීර ඇමැතිවරයා මේ පිළිබඳ අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දී ඇති රාජිත සේනාරත්න සහ ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් එම වැටුප් වැඩිවිම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.