(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ මෙට්‍රික්ටොන් 7,000 ක පමණ ප්‍රමාණය අඩු ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ලබාදීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරති.
මෙම යකඩ තොගය විකිණීමට මීට වසර දෙකකට පමණ පෙර කැඳවා තිබූ ටෙන්ඩරයේ ක්‍රියාවලියේ අඩු පාඩුවක් හේතුවෙන් එවකට ප්‍රවාහන අමාත්‍යවරයා එම ටෙන්ඩරය අවලංගු කළ බවත් එහිදී යකඩ කිලෝවකට රුපියල් 65 ක ලංසුවක් ඉදිරිපත්ව තිබූ බවත් වෘත්තිය සමිති කියයි.
කෙසේ වෙතත් මෙවර යකඩ කිලෝවක් රුපියල් 42 කට අළෙවි කිරීමට සූදානම් වන බවත් එසේ වුවහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක පාඩුවක් වන බවත් වෘත්තිය සමිති වැඩි දුරටත් පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය යකඩ ටොන් 7,000ක් කුණුකොල්ලයට දෙන්න යයි
කිරිපුතා Wednesday, 23 November 2022 12:22 PM
අයියෝ සරළ ප්‍රශ්නයක් නෙ. දෙපාර්තමේන්තුවට පාඩු වුණා ට මොකද වැඩේ කරන අයගෙ බැංකු ගිණුම් පිරෙනවනම්. මේත තමයි දන්න කාලෙ ඉඳන් අපේ රටේ වෙන්නෙ . දේශපාලනය කරන අයගේ සිට රජයේ ආයතනවල කම්කරුවා දක්වා හොරකම් කරනවා.
Sl Wednesday, 23 November 2022 12:59 PM
පොලිසිය, අල්ලස් කොමිසම, ඔඩිටර් ජෙනරාල් හරියට වැඩේ කරන්නේ නැතිනම්, රජයට ලැබෙන්න තියෙන ආදායම නැතිකරන් රාජ්‍ය සේවයේ ඉන්න කාලකන්නි ටිකට ගහමු...! නැතිනම් වෙන්නේ ඔවුන් හොරාකන ඒවාට ඔබට, මට ඔබේ දරුවාට වන්දි ගෙවන්න...
දාස Wednesday, 23 November 2022 01:05 PM
වීරවංශයත් එක සැරයක් මේ හොර වැඩේ කළා...
චන්දන Wednesday, 23 November 2022 01:07 PM
දකුණේ මාර්ග හදද්දී ඔරිජිනල් එංගලන්තයේ වානේ පීලි ගැලෙව්වේ... ඒවාට මොකද වුණේ? බාල ඉන්දියන් පීලි දාලා අවුරුදු 10ක් දිව්වේ නැහැ....