IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රියේ යකඩවලට ගේමක් දෙන්න යයි

(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තුමේන්තුව සතු මෙට්‍රික්ටොන් 7000 ක යකඩ තොගය කිලෝ එකක් රුපියල් 43 කට විකිණීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගානක පාඩුවක් කිරීමට විරෝධය පලකරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ යකඩ සමාගමකට දුම්රිය දෙපාර්තුමේන්තුව මෙම ටෙන්ඩරය පිරිනැමීමට ගිවිසුම්ගතව තිබෙන බව දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තිය සමිතියේ කැදවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

මෙම යකඩ ගනුදෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් සිදු වෙන්නේ යැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගත් බව දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.

මෙම අබලි යකඩ මෙට්‍රික්ටොන් 7000 කිලෝවක් රුපියල් 62 බැගින් මිලදී ගැනීමට වෙනත් යකඩ සමාගමක් ඉදිරිපත් වි තිබු බවත් අදාල සමාගමට එම ටෙන්ඩරය නොදී ප්‍රධාන පෙළේ වෙනත් සමාගමකටම මෙම ටෙන්ඩරය ලබාදීමට පියවර ගෙන ඇත්තේ බේරුම්කාර මන්ඩලයේ තින්දුවකට අනුව බවත් දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම යකඩ තොගය මීට පෙර කිලෝවක් රුපියල් 43 බැගින් විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එම ටෙන්ඩරය අවලංගු කිරීමට ද කටයුතු කළේය.

 



අදහස් (1)

දුම්රියේ යකඩවලට ගේමක් දෙන්න යයි

sharm warn Thursday, 05 January 2023 09:13 AM

රට දියුණු කරන්න, රට බේරගන්න කියලා ආපු කෙනා මේවට මොකද කියන්නේ.?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 962 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site