IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය මගීන් අදත් අමාරුවේ

(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය හේතුවෙන් අද (13) පෙරවරුවේ ද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීම සහ දුමිරිය ප්‍රමාද වීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වන බවත් සාගරිකා දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
අද පෙරවරුවේ කාර්යාල  දුම්රිය  ගමන් වාර 40 ක් ක්‍රියාත්මක වන බවත් මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 17 ක්, ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 15 ක්, පුත්තලම් සහ කැලණිවැලි මාර්ගවල ගමන් වාර 4 බැගින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ද, දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය  ද කාර්යාල සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යොදවා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

 



අදහස් (3)

දුම්රිය මගීන් අදත් අමාරුවේ

Nimal Wednesday, 13 September 2023 11:45 AM

මේ අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමෙන් පසු තත්වයයි.

:       0       5

කිරිපුතා Wednesday, 13 September 2023 11:49 AM

දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් කරලා තියෙන්නේ... ඊළඟ පියවර 80 දශකයේ ජේ. ආර්. මහතා කළ පිළියම තමයි. අපේ රටේ වැඩ වර්ජන කියන්නේ රටට විනයක්... වැඩ නොකර පඩි ගන්නවා. නීති මගින් හෝ දඬුවම් මගින් මේවා නතර නොකර රටක් හැටියට ගොඩ එන්න බෑ...

:       1       7

පැරකුම් Wednesday, 13 September 2023 04:02 PM

ඕකට තියන හොඳම හා එකම පිළියම පෞද්ගලීකරණයයි. ජනතාව ඊට උඩින්ම කැමැත්ත දෙනවා. එසේ නොකර රජය ඇයි මේ තරම් නිවට වෙන්නේ? බලයේ රැඳීසිටීමට ඇති කෑදරකම මිස වෙන මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site