(යොහාන් භාසුර)
දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර මහතා පැවසීය. පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා ඉහළ දමා ඇති බවත් සාමාන්‍ය පාර්සලයක් යන පුද්ගලයාට අවම බරක් දැණෙන ආකාරයට මෙම ගාස්තු ඉහළ දැමීම සකස් කර ඇති බවත් බණ්ඩාර මහතා කීය.
පාර්සලයේ වටිනාකම මත නව ගාස්තු ක්‍රමයක් හදුන්වා දුන් බවත් ඒ අනුව පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනෙකුත් රෙගුලාසි සඳහා වන ගාස්තු ද සංශෝධනය කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පාර්සල් ප්‍රවාහන කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ එම පාර්සලයේ බර අනුව ගාස්තු අයකිරීම වෙනුවට දුම්රිය ස්ථානට ඇති දුර පදනම් කර ගනිමින් ගාස්තු අය කර එම ගාස්තුව අනුව වැට් බදු පමණක් අය කර පාර්සලයේ ප්‍රවාහන ගාස්තුව අය කිරීමට තීරණය කළ බවත් පාර්සල් ප්‍රවාහනයේදී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර ඇති බවත් එම නිලධාරියා කීය.
ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල පාර්සලයේ වටිනාකම රුපියල් 1,000 හෝ ඊට අඩුනම් වටිනාකමට මුදල් අය නොකරන අතර පාර්සලයේ වටිනාකම රුපියල් 1000 සිට 5000 දක්වා වටිනාකමෙන් සියයට 1.5 ක ගාස්තුවක් අයකෙරේ.
පාර්සලයේ වටිනාකම රුපියල් 5000 සිට 10,000 දක්වා වටිනාකමින් සියයට 2.25 ද, පාර්සලයේ වටිනාකම රුපියල් 10,000 සිට 20,000 දක්වා වටිනාකමින් සියයට 3 ක ද, පාර්සලයේ වටිනාකම රුපියල් 20,000.00 ට වැඩි නම් සියයට 4.5 ක ද, අමතර ගාස්තුවක් අය කරයි.
එම භාණ්ඩලවලට අයත් නොවන වටිනාකම රුපියල් 10,000 ට වැඩි අනෙකුත් සියලුම භාණ්ඩ ඇතුළත් පාර්සල් සඳහා වටිනාකමෙන් සියයට 0.5 ක ගාස්තුවක් අය කරයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළට
Aruna Monday, 29 January 2024 09:41 AM
"පාර්සලයේ වටිනාකම මත නව ගාස්තු ක්‍රමයක් හදුන්වා දුන් බවත්".... මොකද්ද මේ ගොන් ක්‍රමය ලෝකයේ කොහෙවත් නැති! ගුවන් සහ නාවික භාණ්ඩ ප්‍රවාහනයේදී පාවිච්චි කරන්නේ බර සහ පරිමාව භාවිතා කොට. අවශ්‍යනම් රක්ෂණයක් සමග කරන්න පුළුවන්.
Chandika Monday, 29 January 2024 11:54 AM
කෝ අර එළවළු දුම්රිය.