IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රිය දුවවන්න ඇමැති මැදිහත් වේ

(යොහාන් භාසුර)

දෛනික දුම්රිය ගමන්වාර 42 ක් දින නියමක් නොමැතිව හෙට (12) සිට අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් ගත් තීරණය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අවලංගු කර තිබේ.

සේවක හිඟය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම පිළිබඳව ජනමාධ්‍යවල පළවීමෙන් පසුව අමාත්‍යවරයා දැනුවත් වී දුම්රිය අවලංගු නොකරන ලෙස අද රාත්‍රී උපදෙස් දී ඇති බවත් එසේ වුවද හෙට දිනයේ දුම්රිය රැසක් අවලංගු වීමේ දැඩි අවධානමක් ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති පවසයි.

මෙම වසරේ ගතවූ දින 11 තුළ දුම්රිය ගමන්වාර 300 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව ද වෘත්තීය සමිති වැඩි දුරටත් සඳහන් කරයි.

 



අදහස් (4)

දුම්රිය දුවවන්න ඇමැති මැදිහත් වේ

කිරිපුතා Wednesday, 11 January 2023 09:39 PM

දුම්රිය සේවකයින් ට ජේ.ආර්. මහතා හොඳ දඬුවමක් දුන්නා. දැනුත් නැවත කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවෙමින් පවතින වගක් දැනෙනවා. හොර මගඩි වලට වසර ගානක ඉඳන් හුරුවුණු රාජ්‍ය සේවකයින් හදන්න හරි අමාරුයි . වයසක අය මෙච්චර කාලයක් කියාගෙන හිටියෙ මොකද ? තරුණ තරුණියන්ට ඇයි ඒවට පුහුණු කර නොගන්නෙ ?

:       0       4

LGPJ Thursday, 12 January 2023 06:11 AM

ඔහු හොඳ එන්ජින් රියදුරෙක් විය හැක

:       0       4

Lalla Thursday, 12 January 2023 10:06 AM

ඇමතිගේ ගොන් සංදර්ශණයක්. වීරයෙක් වෙන්න මවා පෑමක් කරනව.

:       0       4

Rasi Thursday, 12 January 2023 10:52 AM

ඔය රෝස්ටර්ස් ඔක්කොම නැවත සලක බලා අලුතින් හදන්න. සුද්දා ගෙනාපු කාලේ ගල් අඟුරු දුම්රිය දුවන්න හදපු රෝස්ටර්ස් තාම තියෙන්නේ. මඩකලපුවට යන දුම්රියේ රියදුරන් දෙපාරක් මාරු වෙනවා. මේවා තනිකර අකාරයක්ෂම ක්‍රම. වුර්තීය සමිති මේවා තමන්ගේ පහසුවට හදාගෙන අදික ලෙස OT ගන්නවා. කවුරු බලයට ආවත් මෙවැනි අකරයක්ෂම ක්‍රම ඉවත් කරනකන් මේ ලංකාව මෙතනම තමයි. සිංගප්පූරු ඉදලා එන flight එකේ crew ඉස්සර වගේ නෙවෙයි, දැන් මෙහෙ නවතින්නේ නැහැ, ආයේ ෆ්ලයිට් එක අරන් සිංගප්පූරු යනවා. ලෝකේ වෙනස් වෙනවා. අවම ශ්‍රමයෙන් වැඩ කරනවා, ලාභ ලබනවා, ඊට පස්සේ ඉන්න සේවකයන්ගේ පඩි වැඩි කරනවා. එකයි ක්‍රමය. මෙහෙ ගොඩගහගන්නවා, අතෘප්තිමත්, සතුටක් නැහැ, අවසානයේ සියල්ල ගිලෙනවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site