IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම්රියේ ගැටුණු කිඹුලාට වනජීවියේ පිහිට

(  කුෂාන් ජයවර්ධන)

කොළඔ මඩකලපුව දුම්රිය මාර්ගයේ මොරගොල්ලාගම දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයකදී දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි කිඹුලෙක් පශු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට හේරත්ගම වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි එම කිඹුලා අල්ලා ගැනීමෙන් පසු ප්‍රතිකාර සදහා නිකවැරටිය වනජිවී පශු වෛද්‍ය ඒකකයට යොමු කිරීමට ඊයේ (06) හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.

දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් එම කිඹුලා බරපතළ තුවාල ලබා තිබිණි. කිඹුලා ප්‍රතිකාර සදහා රැගෙන යාමට අල්ලා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ වනජීවී නිලධාරීන්ට පහරදීමට උත්සහ ගන්නා අයුරුද  දැක ගැනීමට හැකි විය.

හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මහතාගේ උපදෙස් අනුව එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කිඹුලා ප්‍රතිකාර සදහා යොමු කිරීමට කටයුතු කරනු ලැබීය.

 



අදහස් (0)

දුම්රියේ ගැටුණු කිඹුලාට වනජීවියේ පිහිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site