(මහින්ද නිශ්ශංක)
දුම්රිය ආරක්ෂක හමුදාවට අලුතින් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම සඳහා පවත්වන ලද තරඟ විභාගයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ 178 දෙනකු තෝරාගෙන වසර දෙකක් පමණ ගතවි ඇතත් ඔවුනට පත්වීම් ලිපි ලබාදීමට මෙතෙක් පියවර ගෙන නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් දැනටමත් ආරක්ෂක නිලධාරීන් 200කට වැඩි පුරප්පාඩු පවතින දුම්රිය ආරක්ෂක සේවය පවත්වාගෙන යාමේ දැඩි දුෂ්කරතාවයක් පැන නැඟී ඇතැයිද දැනගන්නට ඇත.
මෙම 178 දෙනාට පත්වීම් ලිපි පවා සකස්කර දුම්රිය දෙපාර්තමේන්තුවේ පත්වීම් ශාඛාවේ රඳවාගෙන තිබෙන බවත් එම පත්වීම් ලිපි 178 දෙනා වෙත යැවීම සඳහා තැපෑලට බාර නොදෙන්නේ මුදල් අමාත්‍යංශයේ නියෝගයක් නිසා බව මේ සම්බන්දව කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරයෙක් පැවැසීය.
දුම්රිය ආරක්ෂක හමුදාවේ පවතින පුරප්පාඩු 200කට වැඩි සංඛ්‍යාවක් පිරවීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද මෙම තරඟ විභාගයට 11100ක් පමණ පිරිසක් පෙනී සිටි අතර ඉන් ඉහළම ලකුණු ලබාගත් 360 කින් සම්මුඛ පරික්ෂණයකට යොමු කොට මෙම 178 දෙනා තෝරා ගෙන තිබේ.
මෙම තරඟවිභාගයට රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වී ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම්රියේ අරක්ෂක තනතුරු 200ක් හිස්